තමන්ට වුණේ වඳින්න ගිය දේවාලය ඉහට කඩාවැටුණු වගේ වැඩක් යැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි. රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්...
තමන්ට වුණේ වඳින්න ගිය දේවාලය ඉහට කඩාවැටුණු වගේ වැඩක් යැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.
රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන්ජන් රාමනායක මහතාට දොස් පැවරූ බවට පළවන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ
රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට "යන්න වෙනවා"
“පසුගිය රජයේ අල්ලස් සහ දූෂිත ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව මම පැමිණිලි රාශියක් කළා. ඒ හොරුන් අල්ලන බවට මම ජනතාවට පොරොන්දු වුණා. ගමේ යද්දී මිනිස්‌සු අහනවා කෝ හොරු ඇල්ලුවාද කියලා. මම කතා කළේ හදවතින්මයි. මට අවස්‌ථාවක් දෙනවා නම් ඔය පුද්ගලයන්ව සාක්‍ෂි ඇතිව අල්ලන්න පුළුවන්. අද මට වුණේ වඳින්න ගියම දේවාලය ඉහට කඩාවැටුණු වැඩක් වගේ එකක්. 1956 දී බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ කාලේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ වාර්තා අනුව එදා කැබිනට් මණ්‌ඩලයේ පස්‌දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. එදා නඩු ගියේ නැහැ.“ යැයිද ඔහු පෙන්වා දුන්නේය.
“ඉවත් වෙලා මට හඬ නගන්න බැහැ. ඒක පාර්ලිමේන්තුවේ ඉඳලාම කරන්න ඕනෑ. අනික මනාප දෙලක්‍ෂ දහසය දහසක් අරගෙන මා පාර්ලිමේන්තුවට ආවේ. හැබැයි මට යන්න කියමින් පලා බෙදුවොත් මගේa ආත්ම ගෞරවය රැකගන්න යන්න වෙනවා. අගමැතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා. එතුමාට බලතල තිබෙනවා. එතුමා මට යමක් කිව්වොත් එය ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. මට යන්න වෙනවා.“ යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
COMMENTS