ලිඛිතව ඉල්ලීමක් කරන්නේ නම් 2011 ලෝක කුසලාන අවසන් තරඟය පිළීබඳව පරීක්ෂණයක් පැවැත්වීමට තමා සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ...
ලිඛිතව ඉල්ලීමක් කරන්නේ නම් 2011 ලෝක කුසලාන අවසන් තරඟය පිළීබඳව පරීක්ෂණයක් පැවැත්වීමට තමා සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. වැරදිකරන කිසිවෙකු ආරක්ෂා කිරීමට තමා සූදානම් නොමැති බව පවසන අමාත්‍යවරයා ලහෝර් ප්‍රහාරය පිළිබඳවද පරීක්ෂණයක් සිදුකිරීමට සූදානම් බව මෙහිදී ප්‍රකාශ කළා.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මෙවා පිබඳ ප්‍රශ්ණ කිරීමට නොහැකි නම් ක්‍රීඩා අමත්‍යවරයා ලෙස කටයුතු කිරීමෙන් පලක් නැති බවද ඔහු මෙහිදී පැවැසුවා. ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදියි
“වැරදි කරනවානම් වැරදිකරුවන් ආරක්ෂා කරන්න මම සූදානම් නැහැ. ඇමතිවරයා විදිහට මට ක්‍රීඩාව ගැන කතාකරන්න අයිතියක් නැත්නම් මේ ක්‍රීඩා ඇමතිකමේ මම ඉඳලා තේරුමක් නැහැ. මේ වගේ තිබෙන ප්‍රශ්න ගැන මම කතාකරන්න අවශ්‍යයි. දැන් මේ කියන්නේ මම කතා කරන්න එපා කියලද? ඒවාට ක්‍රීඩකයෝ ඇවිත් මැදිහත් වෙන්නේ නැතිව ඔවුන් ඔවුන්ගේ වැඩ ටික කරගත්තානම් මේ ප්‍රශ්න මේ තරම් දුරදිග යන්නේ නැහැ.
හිටපු ක්‍රීඩා ඇමතිතුමාට මම කියන්නේ එතුමගෙ කාලයේදී මෙය සිදුවුණේ. ඒ නිසා එතුමා දැන් පරීක්ෂණ ඉල්ලලා වැඩක් නැහැ. ඒ කාලෙ කරන්න තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලැබුණොත් අපට සලකා බලන්න පුළුවන්. ” 2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ කුමාර් සංගක්කාරයි.

COMMENTS