ශී‍්‍ර ලංකාවේ දැනට සිදුවන පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් බවත් ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දෙන බවත් අමෙරිකා ...
ශී‍්‍ර ලංකාවේ දැනට සිදුවන පරිවර්තනය ලෝකයටම ආදර්ශයක් බවත් ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දෙන බවත් අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතා පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ 71 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පිරිනමන ලද රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ආරාධනා ලැබීය.
අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ අවසන් අවස්ථාව මෙය වන අතර සමුළුව අමතමින් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් දැඩි ලෙස හෙළා දුටු අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ව්‍යසනයෙන් ගැලවීම සඳහා ගෝලීය සහයෝගීතාවයක අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
COMMENTS