මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු මෙම සේවාව දිනපතා පෙරවරු 8.30ට මහනුවර නගරයෙන් ගමන් අරඹා ශ්‍රී ...
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු මෙම සේවාව දිනපතා පෙරවරු 8.30ට මහනුවර නගරයෙන් ගමන් අරඹා ශ්‍රී දළදා මාලිගාව, මහනුවර බෝට්ටු සේවය, පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය, සාප්පු සංකීර්ණ ඇතුලු සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන කරා ගමන් කිරීමට නියමිතය.
මධ්‍යම පළාත් සභාව, පළාත් සංචාරක දෙපාර්තමේන්තුව, කලාපීය ආර්ථීක සහයෝගීතා ආයතනය ඇතුලු ආයතන කිහිපයක මෙහෙයවීම මත නව ප්‍රවාහන සේවාව ආරම්භ විය. මේ සේවාව තුළින් මහනුවර නගරයේ ත්‍රීරෝද රථ සදහා කිසිදු බලපෑමක් සිදුනොවන බවත් බස් සේවාව නියමිත් වේලාවට නියමිත ස්ථානයකින් පිටත්ව තෝරා ගත් ස්ථාන වෙත පමණක් ලගා වන බැවින් එය ත්‍රීරෝද රථ හෝ සංචාරක කුලී රථ සේවාවන්ට කිසිදු හානියක් නොවන බව ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.
මහනුවර සංචාරය හිතවාදී නගරයක් බවට පත් කිරීමේදී සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි සේවාවන් ආරම්භ කරන බවත් වෙනත් රටවල මේ සේවාව සාමාන්‍ය ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇතැයි ද ප්‍රධාන අමාත්‍යවරයා කීවේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර

COMMENTS