හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය දේපළ, මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය දේපළ, මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය දුම්රිය ස්ථානයට අයත් ඉඩමක් බදු පදනම මත ඔහුගේ පදනමට ලබාදීම සම්බන්දයෙන් සිදුකළ විමර්ශන අවසන් කොට ඇති බව සඳහන්.
මීට අමතරව උඩරට සංවර්ධන අධිකාරිය, පරන්තන් රසායනික කම්හල සහ පාරිභෝගික අධිකාරියේ සිදුවූ වංචා සම්බන්ධයෙන් ද විමර්ශන තුනක් අවසන් කර ඇති බව වාර්තා වෙයි.
2010 ජනවාරි මාසයේ සිට 2015 ජනවාරි අටවැනිදා දක්වා කාලසීමාව තුළ සිදුවූ බරපතල දූෂණ, වංචා පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා මෙම කොමිෂන් සභාව පත් කෙරිණි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS