දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල්ට 40යි !

77 පෙරළියෙන් පාර්ලිමේන්තුවට 1949 මාර්තු 24 දින එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවලට දාව පවුලේ දෙවන දරුවා ලෙස උපන් රනිල් ශිරා...

රනිල්ට 40යි !

77 පෙරළියෙන් පාර්ලිමේන්තුවට

1949 මාර්තු 24 දින එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවලට දාව පවුලේ දෙවන දරුවා ලෙස උපන් රනිල් ශිරාන් වික්‍රමසිංහ මහතා 1970 දශකයෙහි මැද භාගයේ දී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකයා ලෙස කටයුතු කළ අතර පසුව ඔහු බියගම ආසනයේ එ.ජා.ප. ප්‍රධාන සංවිධායකවරයා විය. 1977 ජුලි 21 වන දින පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු අද දක්වා ම අඛණ්ඩව එම නියෝජනය රැක ගැනීමට සමත් විය.

සිව් වරක් අගමැති

1977 ජයග්‍රහණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආශිර්වාදය මැද තරුණ කටයුතු සහ රැකී රක්ෂා අමාත්‍ය ධුරය ලබමින් එම රජයේ ලාබාලතම ඇමතිවරයා විය. අධ්‍යාපන, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමති ධුරයන් ද ඔහු විසින් පසුව උසුලනු ලැබිණි. 1993 වසරේ දී එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය වීමෙන් අනතුරුව 1993 මැයි 07 වනදා මුල් වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි විය. එම ධුර කාලය 1994 අගෝස්තු 19 වනදාට සීමා විය. පසුව 2001 වසරේ දෙසැම්බර් 09 වන දා සිට 2004 වසරේ අප්‍රේල් 6 වනදා දක්වා සහ 2015 වසරේ ජනවාරි 09 වනදා පෙරළියෙන් සහ පසුව අගෝස්තු 21 වනදා සිට මේ දක්වා ලෙසින් දෙවතාවක් ද වශයෙන් ශ්‍රී ලංකාවෙහි අග්‍රාමාත්‍ය ධුරය සිව්වරක් හොබවමින් වාර්තාවකට හිමිකම් කීමට ද ඔහුට හැකියාව ලැබිණි.

එසේම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා අගමැති ධුරයට පත් වූ එකම මහජන නියෝජිතයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා ය. 1994 ඔක්තෝබර් 28 දින සිට 2001 ඔක්තෝබර් 10 දක්වා ද 2004 අප්‍රේල් 22 සිට 2015 ජනවාරි 09 දක්වා ද ඔහු විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේය.

උපායශීලී ඉවසිලිවන්තයා

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට ජේ. ආර්. ජයවර්ධන මහතාට තිබුණු ඔහුගේ ඥාතීත්වය ඉහළම තල්ලුව වූ බව සැබෑය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පසුකාලීනව මුහුණ දුන් දේශපාලනික අකරතැබ්බ සහ ඔහු ඒවාට මුහුණ දුන් ආකාරය සලකා බලන කළ ඔහුගේ ඉවසීමේ ගුණය ද කැපී පෙනෙන බව කිව යුතුය. ඔහුගේ උපායශීලීත්වය ඔහු දේශපාලන පොරපිටියෙහි දී ඔප්පු කර පෙන්වූයේ වතාවක් දෙවතාවක් නොවේ. එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් රනිල් වික්‍රමසිංහව 'කපටි නරියෙකු' ලෙස හඳුන්වන්නට යෙදුණේ ද එනිසාය.

40ක් ගියත් ගැටළුවක් දෙකක් ?

මේ සියලු ගුණාංග සහ දේශපාලන අත්දැකීම් වලින් පොහොසත් වත්මන් පාර්ලිමේන්තුවේ පරිණත ම දේශපාලකයා ලෙසින් වුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අද දවසේ දේශපාලන ක්‍රියාකාරීත්වය ප්‍රශ්නකාරී බව ද නොකියා ම බැරිය. 2015 ජනවාරි 09 වනදා ජනතාව බලාපොරොත්තු වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවකින් ලැබෙන මහා වෙනසකි. පැවති පාලනයට වඩා ලංකාව ලෝකය සමඟ බද්ධ කෙරෙණා වෙනසකි. පැවති පාලනයේ සොරකම් පිටු දැක ඉදිරියට පනින ආර්ථික පිම්මකි. එහෙත් ඒ ජනතාව අද අපේක්ෂාභංගත්වයට පත් වෙමින් සිටී. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙහි ප්‍රචලිතව සිටියේ ලිබරල් නායකයකු වශයෙනි. එහෙත් අද ඔහුගේ රජය පවා අන්තවාදී බලවේග වලට ඔහේ නටන්නට ඉඩහැර බලා සිටින තත්වයකට ඇද වැටී තිබේ. එහෙයින් දශක හතරකට වැඩි දේශපාලන පොරපිටියෙහි අත්දැකීම් සම්භාරය සමඟ ම වුව රනිල් වික්‍රමසිංහ මහතා සතුව පවතින්නේ සංකල්ප පමණක්මද ? හෝ ඔහුගේ සංකල්ප ලාංකේය සමාජය ඉදිරියේ ක්‍රියාවට නැංවීමට නොහැකිව ඔහු සිර වී සිටීද ? යන ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීම වික්‍රමසිංහ මහතාගේ ම දේශපාලන සෞඛ්‍යයට වඩා හිතකර වනු ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ට 40යි !
රනිල්ට 40යි !
http://ift.tt/2uKHDpG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/40_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/40_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy