පක්ෂයට නායකයන් දෙදෙනෙකු අවශ්‍ය නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ යුත්තේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස...
පක්ෂයට නායකයන් දෙදෙනෙකු අවශ්‍ය නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ යුත්තේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සිටිනුයේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ බවත් ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වන්නේත් මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඊයේ (18) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජන්දදායකයන් පිරිසක් පෙළගැසී සිටියද, මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS