දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
1990 ගිලන් රථ සේවයට වසරයි: 33,839කට සේවා.
Homeප්‍රවෘත්ති

1990 ගිලන් රථ සේවයට වසරයි: 33,839කට සේවා.

PropellerAds

ඉන්දියා රජයේ ආධාර මත මෙයට වසරකට පෙර ආරම්භ කරන ලද ඇමතුම් අංක 1990 හදිසි ගිලන් රථ සේවාව පසුගිය වසරක කාලය තුළදී හදිසි අවස්ථා 33,839 ක් වෙනුවෙන...

ගංවතුරෙන් පීඩාවට පත් වූවන් එක් ලක්ෂ තිස් දහස පනී… අවතැන් කඳවුරු 81ක පුද්ගලයින් 7000ක්…
මැ.කො. තීන්දුව ශ්‍රෙෂ්ඨාධිකරණය අත්හිටුවයි.. මැතිවරණයට තරග කරන්න අවසර..
‘තෑන්ක්ස් රත්තරං..’ හේෂා-දමිතා හඬපට සමාජ ජාලා හොල්ලයි..

ඉන්දියා රජයේ ආධාර මත මෙයට වසරකට පෙර ආරම්භ කරන ලද ඇමතුම් අංක 1990 හදිසි ගිලන් රථ සේවාව පසුගිය වසරක කාලය තුළදී හදිසි අවස්ථා 33,839 ක් වෙනුවෙන් සේවා ලබාදී ඇති අතර, ඉදිරි වසරේදී එම සේවාව මුළු දිවයින පුරාම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කීය.

රාජගිරියේ පිහිටි ‍ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලයේදී වසරක් සැමරීමේ උත්සවයට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මෙහිදී තවදුරටත් කතා කරමින් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා, ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගි වූ අවස්ථාවේදී මේ සේවය අපට ලබා දුන් අතර, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල මෙය හොඳින් ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය ජනතාවට එම සේවය විශාල උපකාරයක් වී ඇති බවද කීය.

හදිසි අවස්ථාවකට මෙන්ම ගැබිනි මවුවරුන්ට මේ සේවාව විශාල සහනයක් බවද අද දින මව්වරුන් තම දරුවන් සමඟ විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටීම පිළිබඳ වඩාත් සතුටුවන පුද්ගලයා තමා බවද කීය.පසුගිය කාලයේ සිදුවූ ගංවතුර විපත් සිදුවූ අවස්ථාවේද විශාල පිරිසක් මෙමඟින් සහන රැසක් හිමිකරගත් බවද අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කීය.

මෙම ගිලන් රථ සේවය මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට දැනට සැලසුම් කරගෙන යන අතර, මෙම සේවාවෙහි ප්‍රයෝජන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අවස්ථාව ලබාදී තිබෙන අතර, රැකියා අවස්ථා 2000ක් පමණ ලබාදීමට හැකිවනු ඇතැයිද ඉන්දියානු රජයට අපගේ ගෞරවණීය ස්තුතිය මෙම අවස්ථාවේ පළකර සිටින බවද හර්ෂ ද සිල්වා මහතා කීය. ලංකාවේ වැඩබලන නියෝජ්‍ය ඉන්දියානු තානාපති අරින්දම් බග්ජි මහතා හා වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 1990 ගිලන් රථ සේවයට වසරයි: 33,839කට සේවා.
1990 ගිලන් රථ සේවයට වසරයි: 33,839කට සේවා.
http://ift.tt/2hf9QA4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/1990-33839.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/1990-33839.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy