කුස පොත්ත අතගගා ධනවතුන් පා සිඹින උන්ගෙ මන්දිර අගුවෙ දංකුඩේ ගිලදමන වැඩවසම් වහල් කැල, තොපේ දරුවන්ටවත් වහල් මෙහෙයෙන් ...
කුස පොත්ත අතගගා ධනවතුන් පා සිඹින
උන්ගෙ මන්දිර අගුවෙ දංකුඩේ ගිලදමන
වැඩවසම් වහල් කැල,
තොපේ දරුවන්ටවත්
වහල් මෙහෙයෙන් මිදී
දෙපා මත හිටගන්නඉඩ තියව්!
මළ බැඳුන මොළ වැසුන
ගොම තැම්බ අයින් කර
මනස් වල වෙළී ඇති වහල් බැමි කඩා හැර
නිදහසේ අරුත මතු පරපුරට විඳගන්න
ජාතියට නිවහල්වු දරු කැළක් බිහි කරව්!
හූනු බිජ්ජක් තරම් නැති පුංචි දිවයිනේ
ජාතියේ ආගමේ වරිගයේ නාමයෙන්
බැඳුන වැට කටු කොහොල් විනිවිදව බලන්නට
නවෝදයෙ රුවන්මය අරුණැල්ල විඳින්නට
තිමිර පට ඉරාදා නොනැඟිටී නම් තවත්
මළ අතීතයට ආවඩනවා හැර ඉතින්
අනාගතයක් තියා වත්මනත් ගිළිහේවි
නුඹලාට නොදැනීම
බිඳුන කොඳු ඇට රෑන හණමිටියෙ ඔතාගෙන
නැඟිට නිදිගැට හරිව්!
ශිලා යුගයේ ලගින ගැරැඬි රැල
පරණ හැව අරින්නට
දැන් ඉතින් කාලයයි!
මල්ලිකා එම්. බණ්ඩාර
19.03.2017
COMMENTS