මෙම අමුද්‍රව්‍ය වලට අධික ඉල්ලුමක් පවතින හෙයින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් නොකළ රජයේ වනාන්තර ඉඩම් වලින් මෙම ද්‍රව්‍ය ලබාගැනීමට කැබිනට් අනුම...
මෙම අමුද්‍රව්‍ය වලට අධික ඉල්ලුමක් පවතින හෙයින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් නොකළ රජයේ වනාන්තර ඉඩම් වලින් මෙම ද්‍රව්‍ය ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.රක්ෂිත ලෙස ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් නොකළ විශාල වනාන්තර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන බව චාමිකර මහතා කියා සිටියි.මෙම වනාන්තර ජල පෝෂක ප්‍රදේශ,අලි - ඇතුන් ඇතුළු ආවේණික ජෛව ප්‍රජාවගේ වාසස්ථාන හා පුරා විද්‍යාත්මකව වටිනා ප්‍රදේශ ලෙස වැදගත්කමක් පවතින බවද සජීව චාමිකර මහතා පවසයි.
"2009 වසරේ යුද්ධය නිම වීමෙන් අනතුරුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල මාර්ග පද්ධති සකස් කිරීම සහ ඉදිකිරීම් කටයුතු සඳහා පස් හා කළු ගල් මහා පරිමාණයෙන් රක්ෂිත වනාන්තර විනාශ කර ලබා ගැනීම සිදු වුණා.මේ නිසා පසුගිය කාලයේ උග්‍ර ජල හිඟයකට එම ප්‍රදේශ වල ජනතාව මුහුණ දුන්නා.මේ කැබිනට අනුමැතියත් සමඟ මේ තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන්.මේ වන විට හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ලෙස පවතින මහවැලි අධිකාරියට අයත් වනාන්තර වල මහා පරිමාණයෙන් කළු ගල් හා පස් කැණීම් කටයුතු සිදු වෙනවා.හම්බන්තොට ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උත්සන්න වෙන්න එය හේතුවක් වෙලා තියෙනවා.
වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තියට අනුව යෝජිත රක්ෂිත හා රජයට අයත් වනාන්තර බිම් අවශේෂ කැළෑ ලෙස පාලනය වෙන්නේ.ඒ අනුව පවත්නා නීතියට අනුව රජයේ අවශේෂ වනාන්තරයක පස්,වැලි,බොරළු හා කළු ගල් කැනීම නීති විරෝධී ක්‍රියාවක්."
මෙවන් තත්ත්වයක් හමුවේ මෙරට වන ආවරණය 32%ක් දක්වා වර්ධනය කිරීමට ජනාධිපතිවරයා විසින්ම දී ඇති පොරොන්දුවම සිහිනයක් පමණක් වනු ඇතැයි චාමිකර මහතා අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS