දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල් - සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද ? - සුනන්ද දේශප්‍රිය

  හිමිකම් කොමසාරිස් සෙයිඩ් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව පසුගිය බදාදා මානව හිමිකම් මණ්ලයේ සාකච්ජා...

රනිල් - සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද ? - සුනන්ද දේශප්‍රිය

 

හිමිකම් කොමසාරිස් සෙයිඩ් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව පසුගිය බදාදා මානව හිමිකම් මණ්ලයේ සාකච්ජාවට ගැනුණි. එය ශ්‍රී ලංකාව සම්බන්ධ උච්චාවස්ථාව බවට පත්විය. මෙම සටහන ලියැවෙන බදාදාට පසුදා ශ්‍රී ලංකාව සම්බන්ධ 34/1 දරණ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එය ඒකමතිව සම්මත වනු ඇත.

ශ්‍රී ලංකාවෙහි යම් යම් ක්ෂේත්‍රයන්හි මානව හිමිකම් ප්‍රගතියක් දක්නට ඇතත් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සිදු නොවන තරම් යැයි සෙයිඩ් සාකච්ජාව අරඹමින් ප්‍රකාශ කළේය. විවාදයට තුඩ දී ඇති දෙමුහුම් යුක්ති යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබද අදහස් දක්වමින් ඔහු කීවේ දණ්ඩ මුක්තිය අහෝසි කිරීමට ශ්‍රී ලංකාව දක්වන අකමැත්ත හෝ නොහැකියාව විසින්ම අධිකරණ යාන්ත්‍රණයක අන්තර් ජාතික සහභාගිත්වය අත්‍යවශය කරන බවයි. එවැනි ක්‍රියාදාමයක කේන්ද්‍රය වන්නේ විනිදිතයින් බව කී සෙයිඩ් ඔවුනට යුක්තිය ඉටු නොකරන තාක් කල්පවත්නා සාමයක් උදා නොවනු ඇතැයි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පිළිබඳ සාකච්ජාවට ආණ්ඩුවෙන් පැමිණ සිටි විදේශ ඇමැති හර්ෂ ඩි සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකාව සැළකිය යුතු මානව හිමිකම් ප්‍රගතියක් ලබා ඇතත් එවැනි ගමනක් තවම යා යුතුව ඇති බව පිළිගන්නා බවයි. කිසිදු රටක මානව හිමිකම් සර්ව සම්පූර්ණ නැතැයි කී සිල්වා මානව හිමිකම් වනාහී දිගටම ප්‍රගතිය කරා යන ගමනක් බව ප්‍රකාශ කළේය.

හිමිකම් කොමසාරිස් සෙයිඩ්ගේ වාර්තාව හෙළා නුදුටු නියෝජ්‍ය විදේශ ඇමැති සිල්වා ඉතා වැදගත් ප්‍රකාශයක් කළේයෙ: ‘‘ මහ කොමසාරිස්වරයාගේ අදහස්, නිරීක්ෂනයන් සහ නිර්දේශයන් ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම්, යහ පාලනය, සහ නීතියේ පාලනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කරමින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමෙහිදී අපට ප්‍රයෝජනවත් වනු ඇත."

මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි එන දෙමුහුම් යුක්ති යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳ නිර්දේශයට සිරිසේන සහ රනිල් එක් දිගට ශ්‍රී ලංකාවෙහිදී බැට දෙන නමුත් ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශය ජිනීවාහිදි කියන්නේ වෙනම කතාවකි. ශ්‍රී ලංකාණ්ඩුවේ දෙබිඩි පිළිවෙත යළිත් වරක් පෙනී ගියේ එළෙසය.

සිල්වාගේ අදහස් දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා වාර්තාව සම්බන්ධයෙන් රටවල් 20ක් පමණ අදහස් දැක්වූහ. ආසියාවෙන් කතා කළ චීනය, පකිස්ථානය, බංගලදේශය, මාල දිවයින ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සුරුකීමට කල යුතු ඉදිරි කාර්යයන් ගැන කතා කිරීමට වඩා කළේ ආණ්ඩුවට සහාය ප්‍රකාශ කිරීමයි. ජපානය ප්‍රගතිය ඉදිරියට ගෙන යා යුතු බව කියා සිටියේ ය.

අදහස් දැක්වූ යුරෝපා රටවල් 16ක් ද ඇමෙරිකාව සහ කැනඩාවද කියා සිටියේ ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් වර්ධනයක් ඇතත් 2015 වසරෙහි මානව හිමිකම් මණ්ඩලයෙහි සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීමෙහිලා ආණ්ඩුව අසමත් වී ඇති බවයි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයද දැක්වූයේ ඒ හා සමාන අදහස්ය.

කතා කළ බොහෝ රටවල් කියා සිටි මූලික කරුණක් වූයේ ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ඉදිරි දෙවසර තුලදී සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවළිය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි කඩඉම් සහිත මාර්ග සිතියමක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතු බවයි. ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, නොර්වේ, බ්‍රිතාන්‍ය, ස්පාඥය, අයර්ලන්තය සහ බෙල්ජියම අදහස් දැක්වූ යුරෝපා රටවල් අතර විය.

රාජපක්ෂ සමයෙහි එල්ඒල්ආර්සී වාර්තාව ක්‍රියාත්මක කල යුතු බවට මානව හිමිකම් මණ්ඩලයෙහි ඒකමතිකත්වයක් ඇතිවූ පරිද්දෙන්ම මෙම ආණ්ඩුව යටතෙහි ඉදිරිපත්ව ඇති සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාවද රාජ්‍යයන්හි මහත් ප්‍රශංසාවට ලක් විය.

රාජ්‍යයන් අදහස් දැක්වීමෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන සඳහා අවස්ථාව ලැබුණි.ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අදහස් දක්වමින් අන්තර් ජාතික යුද අධිකරණයට ඉදිරිපත් නොකර තවමත් ශ්‍රී ලංකාණ්ඩුව කෙරෙහි විශ්වාසයෙන් සිටින්නේ ඇයිදැයි සෙයිඩ්ගෙන් විමසා සිටියේය. සිය අවසන් අදහස් දැක්වීමෙහිදී එම ප්‍රශ්ණයට කෙලින්ම පිළිතුරු දෙමින් සෙයිඩ් කියා සිටියේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය අහෝසී වී නැති බවත් තමන් දිගටම ලංකාණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්ය.

රාජ්‍ය නොවන සංවිධාන යටතෙහි අදහස් දැක්වූ පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු ලංකාණ්ඩුව මානව හිමිකම් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉදිරි දෙවසර තුළ අනීවාර්‍යයෙන්ම සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යායුතු බවයි. අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානද ඒ මතයම ප්‍රකාශ කළෝය.

මීට අමතරව දේශීය මෙන්ම විදේශ ගත ශ්‍රී ලාංකික පිරිස් විසින් මානව හිමිකම් මණඩලයෙහි සංවිධානය කරන ලද සමාන්තර රුස්වීම් දුසිමකින් තරම් පසුගිය සති හතර පිරී තිබුණි. එ අතර වාරයෙහි ඇතිවූ සාමීචි කතාබව බොහෝය.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ එක්වූ යාපනයේ දෙමළ ජනතා මණ්ඩලයේ මතය දරණ පිරිස් විසින් පවත්වන ලද එවැනි රුස්වීම්හි මූලික තේමාව වුයේ ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බැවින් අන්තර් ජාතික යුද අධිකරණය හමුවෙහි ශ්‍රී ලංකාවට නඩු පැවැරීමට කටයුතු කළ යුතු බවයි. එම මතය ප්‍රකාශ කිරීම පිණිස දහපහලොස් දෙනෙකු පමණ උතුරුකරයේ සිට ජිනීවා කරා පැමිණ තිබුණි. එම ඉල්ලීම ප්‍රයෝගික වශයෙන් සිදුවීමට අල්ප ඉඩක්වත් නැති නමුත් එම මතයෙහි එල්බගත් පිරිස් සිටිත්.

එවැනි සමාන්තර රුස්වීම් සඳහා ජිනීවා තානාපති ප්‍රජාව කෙරෙන් ප්‍රතිවාරයක් තිබුණේම නැති තරම්ය. යම් බලපෑමක් ඇතිකළ හැකි සමාන්තර රුස්වීම් අඩුම වශයෙන් හතරක් තිබුණි. එම රුස්විම්හි සත්‍ය, යුක්තිය , හානිපූරණය සහ යළි සිදුනොවීම සහතික කිරීම පිළිබද එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරුවන පබ්ලෝ ඩි ග්‍රීෆ්, එක්සත් ජාතීන්ගේ සුළු ජන අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාරිතාකාරිය වන රිටා ඉසාක් න්ඩිආයේ සහ යුරෝපා පාර්ලිමේන්තු මංත්‍රීවරියක සහ එහි මානව හිමිකම් අංශ ප්‍රධානියකු වන බාබාරා ලොක්බීලර් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වූ පාක්‍යසෝති සරවනමුත්තු මූලික අදහස් දැක්වූහ.

මෙම සමාන්තර රුස්වීම්වලට සැළකිය යුතු ප්‍රමාණයක් තානාපති ප්‍රජාව සහභාගි වී තිබූ අතර වැදගත් සාධනීය යෝජනා එම සාකච්ජා සභාවන්හිදී මතුවිය.

මෙකී සාකච්ජාවන්හි පොදු තේමාව වශයෙන් දැකිය හැකි වූයේද පෙර කී කරුණය. එනම් 2015 දේශපාලන පෙරළියෙන් පසු ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් පැහැදිළිවම සිදුව ඇතත් විශේෂයෙන්ම සංක්‍රමණීය යුක්තිය ඉටු කිරීම අරභයා ශ්‍රී ලංකාණ්ඩුවේ වාර්තාව ඉතා දුර්වල බවයි. එමෙන්ම ලංකාණ්ඩුවට ප්‍රබල විවේචනයක් එල්ල නොවූ එකද රාජ්‍ය නොවන සමාන්තර රුස්වීමක් හෝ තිබුණේ නැත. 2014 වසරින් පසු ලංකාණ්ඩුව මානව හිමිකම් මණ්ඩලයේදී වැඩිපුරම විවේචනයට ලක් වූ සැසිවාරය මෙයයි.

ලංකාණ්ඩුව සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ එය විසින්ම ඉල්ලා ලබා ගත් ඉදිරි දෙවරසක කාල පරිච්ජේදය තුල 30/1 දරණ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවට අන්තර් ජාතික ප්‍රජාව මෙන්ම ශ්‍රී ලාංකික මානව හිමිකම් ප්‍රජාව කෙරෙන් නැගී එන ප්‍රබල ඉල්ලීමයි. සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළිය අවංකව සහ කැපවීමෙන් පෙරට ගෙන නොගියහොත් සිරිසේන - රනිල් ආණ්ඩුවද අන්තර් ජාතික වශයෙන් අවඥාවට සහ අපවාදයට ලක්වනු ඇති බවට පෙර නිමිති මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරය පෙන්වා සිටියේ ය.

එනමුත් අඳ ගොලු බිහිරි ආණ්ඩුවක් බවට පත් වෙමින යන සිරිසේන - රනිල් පාලනයට නැගි එන මෙම කුණාටු පෙරනිමිති දැනෙනු ඇතැයි සිතීම දුෂ්කරය. අපේ කාරිය වන්නේ මෙම අදහස් සාධනීය ලෙස රටතුළ දෝංකාර නැවීමයි.

රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් - සුනන්ද දේශප්‍රිය

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් - සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද ? - සුනන්ද දේශප්‍රිය
රනිල් - සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද ? - සුනන්ද දේශප්‍රිය
http://ift.tt/2nK96VG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_163.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_163.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy