.රැකියා විරහිත උපාධිධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු දී වසරක් පමණ ගතව ඇතත් ඒ පිලිබඳ දැන් කිසිඳු වගවිභාගයකි...
.රැකියා විරහිත උපාධිධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු දී වසරක් පමණ ගතව ඇතත් ඒ පිලිබඳ දැන් කිසිඳු වගවිභාගයකින් තොරව කටයුතු කරමින් සිටින බවයි මුණසිංහ මහතා සඳහන් කළේ.
ආණ්ඩුවේ මෙවන් තීරණ හරහා මේ රටේ අධ්‍යාපන පද්ධතිය තවදුරටත් දේශපාලනීකරණය වන බව මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.අද එය ඇතැම් පාසල්වල දරුවන්ගේ හැසිරිමෙන්ම එය පෙන්නුම් කරන බවයි හෙතෙම සඳහන් කළේ. දරුවන් උද්ඝෝෂණ වලට පෙළඹීම අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වීමේ ප්‍රතිපලයක් බව ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
නව ජවයකින් වැඩ කළ හැකි තරුණ කණ්ඩායමක් සිටියදී විශ්‍රාමිකයන් නැවත සේවයේ පිහිටුවීම දරුවන්ට කරන බරපතල අසාධාරණයක් බවයි ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS