දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මාලිමා කොටසක් සමග සජබ ආණ්ඩුවක්..?

ආර්ථික අර්බුදයෙන් රට මුදා ගත්තේ තමන් බවට වර්තමාන ආණ්ඩුව තවත් විශාල බොරුවක් සමාජගත කරමින් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේර...

ආර්ථික අර්බුදයෙන් රට මුදා ගත්තේ තමන් බවට වර්තමාන ආණ්ඩුව තවත් විශාල බොරුවක් සමාජගත කරමින් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි. “වැඩබලන පොලිස්පතිවරයා ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගේ භුමිකාව රඟදක්වන්න උත්සහ දරනවා. රටේ සිදුවන අපරාධ සඳහා වගකිව යුත්තේ රටේ සිටි මැති ඇමැතිවරු බව වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් රටේ සිදුවන අපරාධ මඩින්න පොලිස්පතිවරයා කටයුතු කළ යුතුයි. රටේ අපරාද මඩින්න පොලිසිය මෙහෙයවිය යුත්තේ වැඩ බලන පොලිස්පතිවරයා. රටේ සිදුවන අපරාද මඩින්න පොලිසියට නොහැකි නම් පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි. රටේ සිදුවන අපරාධ නවත්වා ගැනීමෙ වැඩ බලන පොලිස්පතිවරයාට ශක්තියක් හැකියාවක් නැහැ. ඔහු දේශපාලඥයෙකුගේ භුමිකාව රගදක්වනවා.

ජනාධිපතිවරයා සහ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන සියලුම දෙනාට රටක් පාලනය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට ආර්ථිකය පිළිබඳව, ආරක්ෂාව පිළිබදව, කිසිදු දැනුමක් නැහැ. කෙසේ නමුත් රජය අසමත් බව මෙම කාරණාවලින් සනාථ වෙනවා. ඒ වගේම වැටුණ රට, බංකොලොත්වුණ රට, පොලිං යුගය නැති කළේ, ආර්ථික වර්ධන වේගය වැඩි කළේ, ඩොලර් සංචිත වැඩි කළේ වර්තාමන රජය බව ආණ්ඩුවේ මැති ඇමැතිවරයා ප්‍රකාශ කරමින් සිටිනවා.

නමුත් රටේ ජනතාව හොදින්ම දන්නවා රටේ පොලිං යුගය නැති කරලා, රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කොට, රටේ ඩොලර් සංවිත ප්‍රමාණය වැඩි කරගෙන, ආර්ථික වර්ධන වේගය වැඩි කරගෙන රට මේ තත්ත්වයට ගෙන ආවේ පසුගිය ආණ්ඩුවයි. වර්තමාන ආණ්ඩුව බොරුව සමාජ ගතකොට එම බොරු ඇත්තක් බවට පරිවර්තනය කරන්න දිගින් දිගටම උත්සහ දරමින් සිටිනවා.

ඒ වගේම මන්ත්‍රිවරයෙකු අගමැතිවරියගෙන් ප්‍රශ්නයක් ඇසු විට ඒ සඳහා පිළිතුරු ලබාදිමට අගමැතිවරය විසින් ආදල ආයතනවලින් නිවැරදි තොරුතුරු ලබාගෙන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් නිකුතු කරනු ලබනවා. අගමැතිවරිය සිදුකරන ප්‍රකාශය වගකිවයුතු ප්‍රකාශයක් බවට පිළිගැනිමේ සම්ප්‍රදායක් රට තුළ තිබෙනවා. නමුත් අගමැතිවරය සිදුකළේ සත්‍ය නෙවෙයි අසත්‍ය ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම නැවත පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරනවා.

අගමැතිවරියට වැරදි තොරතුරු ලබාදී එතුමිය නොමග යැමිට කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ආණ්ඩුවට ඔවුන්ගේ අගමැතිවරිය පිළිබඳව විශ්වාසයක් නැති බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ආණ්ඩුවේ අගමැතිවරිය නොමග යැමට හැකියාව තිබෙනවා, එතුමියට කිසිවක් කර ගැනිමට නොහැකි බව සමාජ ගත කරන්නයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම උත්සහ කරන්නේ.

ඒ වගේම ආණ්ඩුව තුළ තිබෙන බෙදිම් දැන් එළියට එන්න පටන් ගෙන තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව ඉදිරියේදී ආණ්ඩුව දෙදරිමට ලක්විමට නියමිතියි. ඒ වගේම ආණ්ඩුවේ එක් කොටසක් වන ජාතික ජනබලවේගය නියෝජනය කරන පිරිස වෙනත් මතයක් දරමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩුව තුළ යම් දෙදරිමක් ඇතිවුවහොත් ජාතික ජනබලවේගයේ සිටින ප්‍රගිතිශීලි, ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස් සමඟ ආණ්ඩුව භාරගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුක්තව රට ඉදිරියට ගෙන යාමේ හැකියාව සහ ශක්තිය සමගි ජනබලවේගය සතුව තිබෙනවා. ඒ නිසා ඕනෑම අවස්ථාව ආණ්ඩුවේ ප්‍රජාත්න්‍රවාදි කොටස් සමඟ එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවන්න සමගි ජනබලවේගය සුදානම්.”
-lankacnews

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිමා කොටසක් සමග සජබ ආණ්ඩුවක්..?
මාලිමා කොටසක් සමග සජබ ආණ්ඩුවක්..?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlbPyMaes4MMj3mCUCWJo7FYF5jVGXhLVwlUZnU9omLTosD79w2L-uuh8kY4xJ5VthlMBWHgRQtstlUxWmx6BVlE05vUHrTaKeQpsvBEfc3PrSQzs1o4pmtIdLNdl-Oummc2i7Kty__SqU5IduwvO67C7k7KniNFPmzmFmws3lS7bJ5sVU8_WhblHNVBrD/s320/gov.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlbPyMaes4MMj3mCUCWJo7FYF5jVGXhLVwlUZnU9omLTosD79w2L-uuh8kY4xJ5VthlMBWHgRQtstlUxWmx6BVlE05vUHrTaKeQpsvBEfc3PrSQzs1o4pmtIdLNdl-Oummc2i7Kty__SqU5IduwvO67C7k7KniNFPmzmFmws3lS7bJ5sVU8_WhblHNVBrD/s72-c/gov.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/08/blog-post_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy