රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා 18දා හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක් අමතමින් මෙසේ කීවේය. "මහින්ද රාජපක්‍ෂ ජනාධිප...
"මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය
මේ රටේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය කවුරු ඇවිස්සුවත් වැරදියි. සිවාජිලිංගම්ලා, විග්නේෂ්වරන්ලාත් උසාවි ගේන්න ඕන. නැගෙනහිර පළාතේ ඉන්න සමහර මුස්ලිම් පූජකවරුන් ඉතාම කාලකණ්ණි විදිහට ජාතිවාදය අවුස්සන බව සමාජ වෙබ් අඩවිවලින් අපි දකිනවා. ඒ අයත් උසාවි ගේන්න ඕනෑ. හැබැයි ඒ අය උසාවි ගේන්න කියලා, අද උසාවි එන්න කියා වරෙන්තු නිකුත් කර තිබෙන හාමුදුරුවන්ට උසාවි නෑවිත් ඉන්න බෑ.
ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය පතුරුවන අය කවුරු වුණත් ඒ අය ඇඳන් ඉන්නේ සිවුරක්ද, ලෝගුවක්ද, වේට්ටියක්ද, තොප්පියක්ද, ඩප්පියක්ද කියන කාරණය අදාළ නෑ. ඒ සියලු දෙනාට විරුද්ධව අපේ ජාතික සමගියට බාධා කරන්නන් හැටියට නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි‘
COMMENTS