මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි සෙනාලි ෆොන්සේකා. එංගලන්තයේ පදිංචි සෙනාලි කාලෙකට ඉස්...
සෙනාලි දැන් ආයෙමත් ලංකාවේ නේද?
මම කොහොමත් එංගලන්තයට වඩා ලංකාවට ආසයි. මගේ විභාගය ඉවර වුණාට පස්සේ මම ලංකාවට ආවා.
සෙනාලිගේ මුළු පවුලම පදිංචි වෙලා හිටියේ එංගලන්තේ නේද?
තාත්තා (උපාලි ෆොන්සේකා) තවමත් ඉන්නේ එංගලන්තේ අම්මයි මමයි ලංකාවේ ඉන්නවා. හැබැයි ඉතින් ඉදිරියේදී අපි දෙන්නටත් ආයෙමත් යන්න වෙයිද දන්නේ නැහැ.
එතකොට මේ දවස්වල ලංකාවට වෙලා රඟපානවා?
ඔව්. මේ දවස්වල “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ “බිලි”ගේ චරිතයයි, ගැමුණු මහරජ ටෙලි නාට්‍යයේ “රන්මැණිකාගෙ” “චරිතයයි රඟපානවා.
පවුලම කලාවට සම්බන්ධ නිසා සෙනාලිට නිළිකම කියන එක සාමාන්‍ය දෙයක් නේද?
පවුලම කලාවට සම්බන්ධ වුණත් මමත් පුංචි කාලෙ ඉඳන් නිළියක් වෙන්න හීන මැවු කෙනෙක් ලොකු නැන්දිගේ (මාලනී ෆොන්සේකා) චිත්‍රපට උළෙලක් පැවැත්වුණා. ඒ වෙද්දී මම ඉස්කෝලේ දෙක වසරේ. එදා අපිත් ඒකට ගියා. ඒ දවස් කීපයේම පෙන්නුවේ ලොකු නැන්දිගේ චිත්‍රපට බව මතකයි. හැබැයි මගේ හිතට තදින්ම වැදුනේ ලොකු නැන්දියි විජය අංකලුයි රඟපෑ “තුෂාරා” චිත්‍රපටය. එදා දෙක වසරේදී “තුෂාරා” බලද්දි තමයි නිළියක් වීමේ ආශාව මුලින්ම මගේ හිතට ඇති වුණේ.
සෙනාලි පුංචිම වයසෙදි සිරස ටී.වි.එකේ පුංචි පැංචි වැඩසටහන තුළින් කලාවට එකතු වුණේ ඒ ආශාව හින්දද?
නැහැ... මම මගේ ආශාව හිත ඇතුළෙම තියාගෙන හිටියා ඔය අතරේ තමයි මට “පුංචි පැංචි” වැඩසටහනට එකතු වෙන්න ලැබුණේ. මගේ හීනය මම ගෙදර අයට කිව්වේ නැති වුණාට මම කලාවට ආශා කරන බව අම්මටයි තාත්තාටයි දැනෙන්න ඇති.
ඒ දෙන්න ඒ ගැන ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
(හිනැහී) මම හය වසරේදී තමයි අපේ පවුලම එංගලන්තයට ගියේ මම හිතන්නේ මම කලාවට ආශා කරන බව දැණුනාම තමයි අම්මයි තාත්තයි මාවත් අරගෙන එංගලන්තයට ගියේ. ඒ දෙන්නට ඕන වුණේ මම කලාවෙන් ඉදිරියට යනවා දකින්න නෙවෙයි අධ්‍යාපනය තුළින් ඉදිරියට යනවා දකින්නයි ඒත් අන්තිමට “සිරි පැරකුම්” තුළින් මම කලාවට ආවා.
ඔබ කලා පවුලක පුරුකක්. පවුලේ රසබර මතක අවධි කළොත්?
මගේ ලොකු නැන්දි තමයි මාලනී ෆොන්සේකා අපේ පරපුරේ සහෝදර සහෝදරියෝ 23යි. මම තමයි බාලයා හැමෝගෙම “පොඩි නංගා” ඒ 23 අතරින් අශාන් සඳුනි උදාරා සමනලි අක්කා මට ගොඩක් සමීපයි. ඒ අතරින් අශාන් අයියයි සමනලි අක්කයි රඟපෑමට එකතු වෙලා ඉන්නේ. ආච්චි ඉන්න කාලේ අපි හැමෝම අවුරුද්දට මහ ගෙදරට එකතු වෙනවා. නැන්දිලා, ලොකු තාත්තලා පරණ සිද්ධි මතක් කරනවා. අපි කට්ටිය සෙල්ලම් කරනවා. නොනගතේ ලැබුවාම කන්න බොන්න තහනම් වුණත් අපි හොරෙන් කැවුම් කොකිස් කනවා. ඒ වෙලාවට ලොකු නැන්දි තමයි (මාලනී ෆොන්සේකා) තමයි අපේ හොර වැඩවලට උදව් කරන්නේ.
සිනමාවේ හා පුංචි තිරේ ඔබ බොහොම අපූරුවට ආදරය මතුකරන්න රඟපානවා. සැබෑ ජීවිතයේත් ඔය කියන ආදරය විඳිනවාද?
මට ප්‍රේමවන්තයෙක් ඉඳලාම නැහැ ඉතින් කොහොමද ඒ ප්‍රේමය අත් විඳින්නේ.
ආරියවංශ කුලතිලක
COMMENTS