දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපතිට හූනියම් කිරීම හා එයට ජනපති දැක්වූ ප්‍රතිචාරය

ජනපතිට හූනියම් කිරීම හා එයට ජනපති දැක්වූ ප්‍රතිචාරය ඊයේ ප්‍රවෘත්ති වාර්තාවකින් කියැවුනේ පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිට...


ජනපතිට හූනියම් කිරීම හා
එයට ජනපති දැක්වූ ප්‍රතිචාරය


ඊයේ ප්‍රවෘත්ති වාර්තාවකින් කියැවුනේ පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියේ තිබී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී ඇති බවය. එම ස්ථානයේම ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයන් තිදෙනාටත්  පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකුට සහ තවත් අයකුට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්‍රිකාද තිබුණ බව සඳහන් විය.
 කිසියම් අයකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා
අඟල් දහයක් පමණ දිග තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නම් ලියා එහි තිරස් අතට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා ඇතැයිද එම වාර්තාවේ දැක්විණි.
මේ සොහොන් පිටියට ආසන්නයේ ඉදිකිරීමක නිරතවූ තරුණයන් දෙදෙනකු අසල වූ

සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, රතු මල්, පොල්තෙල් සහ පහන් කිහිපයක් තිබෙන අයුරු දැක එම ස්ථානය පිළිබඳ විපරමින් බලද්දී සොහොන ආසන්නයේ රෝල්කර සඟවා තිබූ මෙම ද්‍රව්‍ය සොයාගත් බව වැඩිදුර විස්තරයේ දැක්විණි.

ජනාධිපතිවරයාගේ මනස අවුල් කර පක්ෂයේ වැඩ කටයුතු අකර්මණ්‍ය කිරීම සඳහා බල තණ්හාවෙන් පෙළෙන අමාත්‍යධුරයක් දැරූ අයකු මේ හදි හූනියම සිදුකර තිබෙන බවට රාවයක් තිබේ යයිද සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම වාර්තාවල සටහන් විය.

ඊයේ (14) පැවැති ස්වාධීන රූපවාහිනී සේවයේ 38 වෙනි සංවත්සර උළෙලට එක්වෙමින් ජනපතිවරයා මේ ගැන කියා සිටියේ මෙසේය.
“අපි බෞද්ධයින් විදියට දන්නවා ලෝකයේ වැඩිපුරම නින්දා අපහාස වින්දේ බුදුරජාණන් වහන්සේ බව. බෞද්ධයෝ විදියට ඒ සියල්ල විඳදරා ගැනීමට පුළුවන්කම තිබෙනවා. අද ජාතික පුවත්පත්වල මුල් පිටු බලලා මට හිනා ගියා. අද පුවපත්පත්වල මුල් පිටුවේ තිබෙන්නේ අනුරාධපුර පැත්තේ සොහොන් පිට්ටනියක තිබිලා හොයා ගත්ත දේවල්වලින් මට හූනියම් කරලා කියලා. මගේ රූපය ඇදලා නම් ගහලා. බලි තොවිල් කරපුවායි තියෙන්නේ. අනුරාධපුරයේ හොරොව්පතාන පැත්තෙන් තමයි මෙය හමුවෙලා තියෙන්නේ.

හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්ටනියක තිබිලා මෙය හම්බ වුණාම මේ රටේ ඕනෑම කෙනෙක් දන්නවා මේක කරලා තියෙන්නෙත් කවුද කියලා. මේ වගේ දේවල් පිළිබඳව මම සැලෙන්නේ නැහැ. අපි තව තවත් ශක්තිමත්වීමයි සිදුවන්නේ.“

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29094,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට හූනියම් කිරීම හා එයට ජනපති දැක්වූ ප්‍රතිචාරය
ජනපතිට හූනියම් කිරීම හා එයට ජනපති දැක්වූ ප්‍රතිචාරය
http://ift.tt/2srTPdP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_673.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_673.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy