දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

යෝෂිතට ඉඩම විකිණීම ගැන 79 හැවිරිදි කාන්තාවගෙන් අධිකරණයේ ආන්දෝලනාත්මක සාක්ෂියක්!

වසර 60 කට අධික කාලයක් තමන් සිය සැමියා ඇතුළු දරු දැරියන් සමග ජීවත් වූ දෙහිවල ගාලු පාරේ මිහිදු මාවතේ පිහිටි අංක 163/02 දරන තමන්ට අයත් නිවස ඇතු...

වසර 60 කට අධික කාලයක් තමන් සිය සැමියා ඇතුළු දරු දැරියන් සමග ජීවත් වූ දෙහිවල ගාලු පාරේ මිහිදු මාවතේ පිහිටි අංක 163/02 දරන තමන්ට අයත් නිවස ඇතුළු ඉඩම් කොටස මෙයට වසර 14 -15 කට පෙර විත්තිකාර යෝෂිත රාජපක්ෂට රුපියල් 3370000 ක් වැනි ඉතා අඩු මුදලකට විකිණිමට තමන්ට සිදුවූ බවත් එකි ඉඩම එයට වඩා වැඩි වටිනාකමක් ඇති ඉඩමක් බැවින් පෙර කී මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියත් එලෙස වැඩි මුදලක් තමන්ට නොලැබුණු බව ගිංතොට විදානගේ අයිරින් සිල්වා නැමති 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (10) කොළඹ මහාධිකරණය හමුවේ සක්ෂි දෙමින් කියා සිටියා.

ඉඩම් කොටස් අලෙවි කිරීමට අදාල ගිවිසුමේ සහ ඉඩම පැවරීමේ ඔප්පුවේ ඩේසි ෆොරස්ට් නැමැත්තියකගේ නම සඳහන් වුවත් ඔප්පුව ලියන අවස්ථාවේදි හෝ ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේදි ඩේසි ෆොරස්ට් නැමැත්තිය නොසිටි බවත් තමාට වාහනයකින් විජේරාම හෝ එවැනි නම සඳහන් යම්කිසි රැගෙන ගොස් එකි ඔප්පුවට හා ගිවිසුමට අත්සන් ලබාගත් බවත් ඇය පවසා සිටියා.

එමෙන්ම පෙර සඥහන් කළ මුදල තමාට ලැබුනේ දෙවරකදි බවද පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙය වීම යටතේ සාක්ෂි දෙමින් එම කාන්තාව ප්‍රකාශ කළා.

පැමිණිල්ලේ 53 වන සාක්ෂිකාරිය ලෙස කැඳවු කාන්තාව සාක්ෂි කූඩුවේ සිට දැඩි අයාසයකින් විනාඩි 20 ක පමණ කාලයක් සාක්ෂි දෙමින් සිටියදි වාඩිවි සිටි පුටුවට බරවි හිස තබා ගැනීම නිසා ඇය සාක්ෂි කූඩුවෙන් බස්සවා විත්ති කූඩුව අසල බංකුවක වාඩි කරවීමට සිදු විය.

තමන් දීර්ඝ කාලයක සිට රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබන තැනැත්තියක බවත් අධිකරණය හමුවේ පෙනි සිටි‍යේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින විටදි බවත් එම සාක්ෂිකාරිය කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ දිව්රුම් පිට සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා.

යෝෂිත රාජපක්ෂට එරෙහිව උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්ෂ 700කට අධික මුදලක් යොදවා ඉඩමක් හා දේපල මිලදි ගැනීමට කුමන්ත්‍රණය කිරිම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවණු ලැබුවා.

එකි නඩු කටයුත්තට අදාල පෙරකී දෙහිවල ගාලු පාරේ මිහිඳු මාවතේ පිහිටි ඉඩම් කොටසක් විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාගේ අනු දැනුම මත ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මිය නමින් මිලදීගෙන තිබූ අතර එකී ඉඩම් කොටස පැවරීමට අදාළ ලේඛනවල සඳහන් අත්සන් එම සාක්ෂිකාරියගේදැයි සනාථ කර ගැනීම සඳහා ඇය සාක්ෂියට කැඳවා තිබුණා.

ඇයගේ අසනීප තත්ත්වය නිසා විත්තිකූඩුව අසල බංකුව වෙත පැමිණි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් හරස් ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් පසුව ඇයගේ සාක්ෂිය අවසන් කළා.

එම නඩුවේ පැමිණිල්ලේ 16 වන සාක්ෂිකරු ලෙස කැඳවා තිබූ පාලිත ගමගේ නමැත්තා එකී ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට මින් පෙර ලබාදී තිබූ සාක්ෂිවලට පරස්පර ආකාරයෙන් සාක්ෂි ලබාදීම නිසා ඔහු පැමිණිල්ලට අගතිදායී සාක්ෂිකරුවකු ලෙස පැමිණිල්ල මෙහෙයවු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් නම් කොට ඔහුගේ සාක්ෂිය අවසන් කළා.

නඩු විභාගයෙන් අනතුරුව ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා බව පෙන්වා දෙමින් පැමිණිල්ල කළ කරුණු දැක්වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂ 20ක බැඳුම්කරයක මත එම සාක්ෂිකරු මුදා හැරීමට නියෝග කළා.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 2වනදා දක්වා කල් තැබුවා.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30467,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යෝෂිතට ඉඩම විකිණීම ගැන 79 හැවිරිදි කාන්තාවගෙන් අධිකරණයේ ආන්දෝලනාත්මක සාක්ෂියක්!
යෝෂිතට ඉඩම විකිණීම ගැන 79 හැවිරිදි කාන්තාවගෙන් අධිකරණයේ ආන්දෝලනාත්මක සාක්ෂියක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCs71hnCMBtjpd7zBzA4jS0teG7ubA9_sGfem3UTpxfjM0h7eyL1o-nF-Jxd2uKGNrfiLlI3jEQWZkMKS6UYNIxGZeBDlPin_yzq6bVsUhiK3m97nNCBdfmBZFHFZkpSfBY2rowKQE8wUT3xNAB6_dF_Ab4z3ghn2EjQAQSVNvHEm2t_cpkNu1yhwUOzoF/s320/yoshitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCs71hnCMBtjpd7zBzA4jS0teG7ubA9_sGfem3UTpxfjM0h7eyL1o-nF-Jxd2uKGNrfiLlI3jEQWZkMKS6UYNIxGZeBDlPin_yzq6bVsUhiK3m97nNCBdfmBZFHFZkpSfBY2rowKQE8wUT3xNAB6_dF_Ab4z3ghn2EjQAQSVNvHEm2t_cpkNu1yhwUOzoF/s72-c/yoshitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy