දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආචාර්ය සමන් කැලේගම තායිලන්තයේදි අභාවප්‍රාප්ත වෙයි
Homeගොසිප්

ආචාර්ය සමන් කැලේගම තායිලන්තයේදි අභාවප්‍රාප්ත වෙයි

PropellerAds

 ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම මහතා අද (23දා) අභාවප්‍රාප්ත විය. ඒ මහතා තායිලන්තයේදි අභාවප්‍රාප්...

1990 දශකය අගදී ලබාගත් විජයගේ පවුලේ ඡායාරූප ඇල්බමය
විජය නන්දසිරිගේ අවමංගල්‍ය උත්සවය චිතකය දැල්වෙන තෙක් (video)
විජය නන්දසිරිගේ අවසන් කටයුතු (video)
 ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම මහතා අද (23දා) අභාවප්‍රාප්ත විය. ඒ මහතා තායිලන්තයේදි අභාවප්‍රාප්ත වූ බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළේය. මිය යන විට ඒ මහතා 58 වැනි පසුවිය.

ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වූ
සමන් කැලේගම

මහතා කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඉන්දියාවේ කාන්පූර්හි, ‘ඉන්දීය තාක්ෂණික ආයතනය’ (අයි.අයි.ටී) හිදි 1983 වසරේදී ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේය.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ ශාන්ත කැතරින් පාසලෙන් ආර්ථික විද්‍යා විෂයෙන් 1985 වසරේදී විද්‍යාපති උපාධියත් 1990 වසරේදී ආචාර්ය විද්‍යා උපාධියත් ලබාගත්තේය. ජාතික විද්‍යා පදනමේ අධිශිෂ්‍යත්වලාභියකු වන ආචාර්ය සමන් කැලේගම මහතා 1999 සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

කාර්මික සංවර්ධනය මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජනාධිපති බදු කොමිෂන් සභාව, ජාතික ආර්ථික කවුන්සිලය, ජාතික සංවර්ධන භාර අරමුදල, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, සාධාරණ වෙළෙඳාම පිළිබඳ කොමිෂන් සභාව, මානව සම්පත් සංවර්ධන කවුන්සිලය, ආදිය ඇතුළු ආණ්ඩුවේ විවිධ මණ්ඩල, කමිටු හා අධ්‍යක්ෂක මණ්ඩල කිහිපයක තනතුරු හා සාමාජිකත්වය දැරීය.

ඉන්දු – ශ්‍රී ලංකා පූර්ණ ආර්ථික සහයෝගීත්ව ගිවිසුම සම්බන්ධයෙන් පත්කළ ඒකාබද්ධ අධ්‍යයන සමූහය, කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ කමිටුවේ ද සාමාජිකයකු වූ ආචාර්ය සමන් කැලේගම මහතා කලාපීය සහ ජාත්‍යන්තර සංවිධාන, පෞද්ගලික අංශයේ සමාගම් හා සංවිධානවලද තනතුරු හෙබවීය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආචාර්ය සමන් කැලේගම තායිලන්තයේදි අභාවප්‍රාප්ත වෙයි
ආචාර්ය සමන් කැලේගම තායිලන්තයේදි අභාවප්‍රාප්ත වෙයි
http://ift.tt/2rZEHFJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_586.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_586.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy