දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා
Homeප්‍රවෘත්ති

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

PropellerAds

ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්. චිත්‍රපට පසුබිම් ගීත ගායනයෙහිලා ඔහු දැක්වූ දායකත්වයත් අ...

මහ මැතිවරණය පැවැත්වෙනවාද,නැද්ද,තීරණය අඟහරුවාදා ?
රජයේ සේවකයන්ගේ පඩිය ඉල්ලු ආචාර්ය පී.බී. මැයි විශ්‍රාම වැටුපත් අරන්
හෙට සිට වැඩ ඇරඹුවත් පෞද්ගලික බස් වැඩ නැහැ - ගැමුණු විජේරත්න
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්. චිත්‍රපට පසුබිම් ගීත ගායනයෙහිලා ඔහු දැක්වූ දායකත්වයත් අමතක කරන්න බැහැ. ග්‍රේෂන් ආනන්ද මහතාගේ අභාවයෙන් පසුව හැමෝම දැන හඳුනාගත් ඔහුගේ පුත් මාරියෝ ආනන්දත් අද වන විට ජනප්‍රිය චරිතක්.

කොහොම නමුත් අදටත් මාරියෝගෙන් ග්‍රේෂන් ආනන්ද කියන ගායන ශිල්පියාව බල‍පොරොත්තුවන පිරිසකුත් ඉන්නවා. එවැනි හේතූන් නිසා අද තමන්ට මුහුණදීමට සිදුව තිබෙන ප්‍රශ්නයක් ගැනත් මෙම සංවාදයේදී මාරියෝ අප සමග හෙළි කළා.

ඔබේ පියාගේ අභාවයෙන් පසුවයි බොහෝ දෙනා ඔබව ගායන ශිල්පියෙකු විදිහට හඳුනාගත්තේ. නමුත් ඒ වෙනකොටත් ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසිලා ඉවරයි ?
ඔව් මම වයස අවුරුදු 15 දියි සංගීත කටයුතු පටන්ගත්තේ. තාත්තා අවසන් වරට ගැයූ කොවුලා කොහෙදෝ කියන ගීතය සංගීතවත් කළේත් මමයි.

අද වන විටත් ඔබව ජනතාව හඳුනන්නේ ඔබේ පියා ලබා තිබූ ජනතා ප්‍රසාදය නිසා යැයි කීවොත් නිවැරදියි නේද?
තාත්තා නිසා මගේ ජීවිතයට ලැබුණු ආලෝකය කවදාවත් අමතක කරන්න බැහැ. හැබැයි ග්‍රේෂන් ආනන්දගේ පුතාවීම නිසාම අද වෙද්දී ක්ෂේත්‍රය ඇතුළේ මාව කොටු කිරීමක් සහ කොන්කිරීමක් සිද්ධ වෙනවා.

මොන හේතුවක් නිසාද එහෙම වෙන්නේ ?
මම හැමදාමත් තාත්තාගේ ගීත ගායනා කරමින් ඉන්නවා දකින්න තමයි හුඟක් කැමති. මාරියෝ ආනන්ද විදිහට මට මගේම කියලා මාර්ගයක යන්න ඒ අය ඉඩ දෙන්නේ නැහැ. බොහොම ටික දෙනෙක් තමයි මගේම නිර්මාණ කරන්න කියලා මාව දිරිමත් කරන්නේ. ප්‍රසංගවලදී වුණත් තාත්තාගේ හැමදාම ගායනා කරන ගීත ගායනා කරන්න වෙන විදිහට තමයි මාව කොටු කරලා තියෙන්නේ.

කවුද ඔබට ඔබේ අනන්‍යතාවයක් හදාගන්න ඉඩ නොදෙන්නේ ?
සංගීත ක්ෂේත්‍රයේ සිටින අයගේ කුහකකම නිසා තමයි, එවැනි දේවල්වලට මට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. මම මේ හැමෝටම චෝදනා කරනවා ‍නෙවෙයි. නමුත් බහුතරයක් දෙනාගේ ක්‍රියාකලාපය ඔය විදිහයි. කොහොමටත් මම කෙළින් කතා කරන නිසා හුඟක් අය මට කැමති නැහැ.

අද වෙනකොට ඔබේම ගීත ඔබ සතුව තිබෙනවාද?
මම මගේම සිංහල ගීත රැසක් ගායනා කරලා තියෙනවා. නමුත් මට අතපය දිගහැරලා මුදල් වියදම් කරන්න බැරි නිසා ඒවා ජනතාව අතරට ගෙනියන්න බැරි වුණා.

ඒ කාරණය තව ටිකක් පැහැදිලි කළොත් ?
මට මුදල් වියදම් කරලා ඒවාට විෂුවල් හදලා එළිදක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අනික විවිධ හේතූන් නිසා ක්ෂේත්‍රයේ සමහරු මාත් එක්ක තරහයි.  තාත්තාගේ ගීත රී මේක් කරන්න ඒ කා‍ලේ අවසර නොදීම වැනි හේතු නිසා ගීත එළිදැක්වීමේදී මට විවිධ බාධක එනවා. අනික අද හැම දෙයක් වගේම සංගීත ක්ෂේත්‍රයත් මුදලට යට වෙලයි තියෙන්නේ.

යහමින් මුදල් උපයන ගායක ගායිකාවෝ අද නැතිවා නොවෙයි. මුදල් ටිකක් උපයා ගත්තා නම් ඔබට තියෙන මේ ගැටලුවත් මගහැරිලා යාවි නේද?
එහෙම ආසාවක් මට නැහැ. අනික මුදල් දීලා මගේ ගීත මාකට් කරන්නත් මම කැමති නැහැ. සල්ලි හම්බ කරනවා නම් මට වයස අවුරුදු 19 දී කිසිම අමාරුවක් නැතුව ලක්ෂ ගණනින් හම්බ කරන්න තිබුණා. මොකද තාත්තාගේ අභාවයෙන් පස්සේ මට ගීත ගායනා කරන්න පුළුවන්ද බැරිද කියලාවත් නොදැන සමහරු තාත්තාගේ ගීත වෙන අය ලවා රීමේක් කරන්න ලක්ෂ ගණන් මුදල් දෙන ‍පොරොන්දුව පිට මාව හොයාගෙන ආවා. මගේ ප්‍රතිපත්ති අනුව ම ඒ යෝජනාවලට කැමැති වුණේ නැහැ. හැබැයි අද වෙද්දී ප්‍රසංගවලින් අඩුවෙන්ම මුදල් හම්බකරගන්නා ගායකයා මම වෙන්න ඇති.

සංගීත ක්‍ෂේත්‍රයේ ඔබටම ආවේණික ගමනක් යෑමද ඔබේ බලා‍පොරොත්තුව?
මට උපතින්ම ලැබුණු හැකියාවක් තියෙනවා. ඒ හැකියාවත් තියාගෙන හැමදාම තාත්තාගේ ගීතවලින් යැපෙන එක ලැජ්ජා නැති වැඩක් විදිහටයි මම දකින්නේ. මම දැන් වැඩිපුර මගේම ඉංග්‍රීසි ගීත ගායනා කරන්නයි යොමු වෙලා ඉන්නේ. ඒ ගීතවලට දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. හැබැයි මට ඒ විදියේ හැකියාවන් තියෙනවා කියලා හුඟක් අය තවම දන්නේ නැහැ.

තාත්තාගේ සමකාලීනයන්ගෙන් වත් ඔබට සහයෝගයක් ලැබුණේ නැද්ද?
මට කාගෙන්වත් උදව් උපකාර අවශ්‍ය නැහැ. මේ යන ගමනට බාධා නොකර ඉන්න කියලයි මම හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ. අද වෙද්දී ලොකු චෝදනාවක් තියෙනවා නවක ගායක ගායිකාවෝ හොඳ නිර්මාණ බිහි කරන්නේ නෑ කියලා. මම දකින විදිහට නම් දක්ෂයෝ ඕනෑතරම් සැඟවිලා ඉන්නවා. හැබැයි අතපය විසි කරලා මුදල් වියදම් කරන්න පුළුවන් අය තමයි අද ගායක ගායිකාවෝ විදිහට මතු වෙන්නේ. මුදල් වියදම් කරන්න බැරි අයට තැනක් නැහැ.

මේ විදියේ ගැටලුත් එක්ක මාරියෝ කොහොමද අනාගතයට මුහුණ දෙන්නේ ?
මේ යන විදිහට නම් මට හොඳ අනාගතයක් තියේවි කියලා මට හිතෙන්නේ නැහැ. සමහර විට මට කවදාහරි හිඟාකන්න පවා සිද්ධ වේවි. මම මේ විදියේ නිර්මාණ කරලා තියෙනවා කියලා ජනතාව දැනගන්නේ මම මිය ගියාට පස්සේ වෙන්නත් පුළුවන්. ඊට කලින් මාරියෝ ආනන්ද කියන්නේ මේ විදියේ නිර්මාණකරුවෙක් කියලා ජනතාවට හඳුනාගන්න ලැබුණොත් නම් ලොකු දෙයක්.

- ලක්බිම
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා
ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා
http://ift.tt/2sX8rSK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_194.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_194.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy