දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර විසිහතරක් ෆ්‍රිජ් එකේ ඉඳලා ඉපදුන දැරිය.
Homeගොසිප්

වසර විසිහතරක් ෆ්‍රිජ් එකේ ඉඳලා ඉපදුන දැරිය.

PropellerAds

වසර විසිපහකට ආසන්න කාලයක් අධි ශීතකර තැබුණු මූලික අවස්ථාවේ කලලයක් මගින් දරුවෙකු බිහි වීමේ පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ. අයිවීඑෆ් තාක්ෂ...

ඩයනා කුමරිය හැරී හා විළියම් සමග - විරල ෆොටෝ
මින්පසු 1990 අමතා Free ඇම්බියුලන්ස් ගෙන්න ගන්න
ඇත්තටම රෝගියෙකු නොසිටි ගිලන් රථය පාගමන කඩාකප්පල් කරන්න එවූ එකක්ද?

වසර විසිපහකට ආසන්න කාලයක් අධි ශීතකර තැබුණු මූලික අවස්ථාවේ කලලයක් මගින් දරුවෙකු බිහි වීමේ පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

අයිවීඑෆ් තාක්ෂණය (නල දරු උපත්) ආරම්භ වීමෙන් පසු පිළිසිඳ ගැනීම සහ මෙලොව දැකීම අතර වැඩිම කාල පරතරයක් සහිත දරු උපත මෙය විය හැක.

එමා නමැති බිළිඳිය පිළිසිඳ ගෙන ඇත්තේ ඇය ප්‍රසූත කළ මව, ටීනා උපත ලබා අවුරුදු එක හමාරකට පසුවය.

බිළිඳියට අයත් මූලික අවස්ථාවේ කලලය ප්‍රදානය කරනු ලැබ ඇත්තේ ඇමරිකානු යුවලක් විසිනි.

ශීතකර තබා ගත් එම කලලයෙන්, මේ වසරේ නොවැම්බර් මාසයේ දී එමා ව්රෙන් ගිබ්සන් මෙලොව දුටුවාය. ඇය නිරෝගී සුවයෙන් පසු වන්නීය.

මූලික අවස්ථාවේ කලලය මව ටීනා ගිබ්සන්ගේ ගර්භාශයේ තැන්පත් කරනු ලැබ ඇත්තේ මාර්තු මාසයේදීය.

"හිම බිළිඳුන්"

"එතකොට මට අවුරුදු විසි පහයි, මේ කලලය සහ මම හොඳම යාළුවෝ වෙන්නත් ඉඩ තිබුණා" යනුවෙන් මේ වනවිට විසි හය වෙනි වියේ පසුවන ගිබ්සන් සීඑන්එන් නාලිකාව වෙත පැවසුවාය.

"මට ඕන කළේ දරුවෙකු පමණයි. ඒක ලෝක වාර්තාවක් ද නැද්ද කියන දේ මට වැදගත් නැහැ" යනුවෙන් ටෙනසි නගරයේ වෙසෙන ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මූලික අවස්ථාවේ කලලය ගිබ්සන් යුවල වෙත සපයනු ලැබ ඇත්තේ විශ්වාස මත පදනම් වූ ආයතනයක් වන ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය විසිනි.

ඒ ආකාරයේ කලල දීර්ඝ කාලයක් අධි ශීතකරණයක තබන බැවින් එහි වෛද්‍යවරුන් විසින් එම කලල හඳුන්වනු ලබන්නේ "හිම බිළිඳුන්" ලෙසිනි.

"මිහිරි ප්‍රාතිහාර්යක්"

තමන්ට අවශ්‍ය නොමැති මූලික අවස්ථාවේ කලල ප්‍රදානය කිරීම සඳහා ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය පවුල සම්පූර්ණ වූ තවත් දරුවන් බලාපොරොත්තු නොවන දෙමව්පියන් දිරි ගන්වයි.

වෙනත් යුවලකට දෙමව්පියන් වීම සඳහා අවස්ථාවක් ලබා දීම එහි අරමුණය. ටීනා ගිබ්සන්ගේ සැමියාගේ සරුභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බව හඳුනා ගනු ලැබ ඇත.

අවුරුදු විසි හතරක් වයසැති කලලය වෙනත් කිසිදු ජීවී මිනිස් කලලයකට වැඩි කාලයක් ශීතකර තබා ඇති බව විශ්වාස කෙරේ.

"එමා ඉතාමත් මිහිරි ප්‍රාතිහාර්යක්" යනුවෙන් පියා ගිබ්සන් පවසයි.

"මෙතරම් කාලයක් අධි ශීතකරණයක හිටියත් මට පෙන විදියට එයා හරිම සාමාන්‍ය දැරියක්" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එමාගේ දෙමව්පියන්ගෙන් කිසිවකුත් ඇයගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන් නොවේ.

(BBC)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර විසිහතරක් ෆ්‍රිජ් එකේ ඉඳලා ඉපදුන දැරිය.
වසර විසිහතරක් ෆ්‍රිජ් එකේ ඉඳලා ඉපදුන දැරිය.
http://ift.tt/2BLsIxi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_376.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_376.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy