ඇමරිකානු සුපිරි පොප් ගායක පිට්බුල්ගේ ආසියානු සංචාරය අවලංගු කර තිබෙන අතර ඒ අනුව ඔහු ලංකාවේ ප්‍රසංගයක් පවත්වන්නට දිනයොදා තිබුණ මැයි 26 වනදා ...
ඇමරිකානු සුපිරි පොප් ගායක පිට්බුල්ගේ ආසියානු සංචාරය අවලංගු කර තිබෙන අතර ඒ අනුව ඔහු ලංකාවේ ප්‍රසංගයක් පවත්වන්නට දිනයොදා තිබුණ මැයි 26 වනදා මෙරටට නොඑයි.
ඔහුගේ ආසියානු සංචාරය සංවිධානය කර තිබුනේ අයි.එම්.ඊ. නමැති ජාත්‍යන්තර සංවිධානයකි.ඔවුන්
‘ක්ලයිමේට් චේන්ජ්‘
පිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කර ඇත්තේ දින වෙන්කිරීමේ පරස්පරතා ගැටලුවක් නිසා මෙම අවලංගු කිරීම සිදුවූ බවකි. කෙසේ නමුත් පිට්බුල්ගේ මැයි මස ප්‍රසංග කාලසටහනේ මැයි මාසයම හිස්ව පවතින අතර දැනට මැයි 14 වනදා මිස් යූඑස්ඒ ප්‍රසංගය පමණක් යොදා ඇති බව වාර්තා විය.ඒ අනුව වෙනත් කිසියම් පුද්ගලික හේතුවක් මත මෙම අවංලංගු කිරීම සිදුකර ඇති බවට සැක කෙරේ.
අවලංගු කිරීම නිසා සංගීත රසකාමීන්ට ඇතිවු අපහසුතාව පිළිබඳව කණස්සල්ල පළ කරන බවපිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ සංදර්ශනය සඳහා මුදල් ගෙවා ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ආපසු ගෙවීමටද කටයුතු යොදා ඇත.
COMMENTS