දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙසක් සැරසිලි මිලට ගන්න පියා එනතුරු බලා සිටියදී අනපේක්ෂිත උණ්ඩයකට ගොදුරුවූ පිළියන්දල සමාධි
Homeගොසිප්

වෙසක් සැරසිලි මිලට ගන්න පියා එනතුරු බලා සිටියදී අනපේක්ෂිත උණ්ඩයකට ගොදුරුවූ පිළියන්දල සමාධි

PropellerAds

වෙසක් සැරසිලි මිලට ගන්න පියා එනතුරු බලා සිට ත්‍රී රෝද රියෙන් ආ පියා අසළට යද්දීම  අනපේක්ෂිත උණ්ඩයකට ගොදුරුවූ පිළියන්දල සමාධි පසුගිය වෙ...

අතපය වෙනම තිබූ අම්මාව මා හඳුනා ගත්තේ ඇඳුම්වලින් -මවගේ අභිරහස් මරණය ගැන පුතාගේ සාක්ෂිය
දේවාල ආවතේවකරුවෙකුගෙන් අතවරවූ - 15 හැවිරිදි සිසුවියට සමාජ රෝගයක්
බ්‍රිතාන්‍ය රැකියා අයදුම් කරන හෙද නිළධාරීන්ගේ IELTS ලකුණු සීමාව පහළට

වෙසක් සැරසිලි මිලට ගන්න පියා එනතුරු බලා සිට
ත්‍රී රෝද රියෙන් ආ පියා අසළට යද්දීම 

අනපේක්ෂිත උණ්ඩයකට ගොදුරුවූ
පිළියන්දල සමාධි


පසුගිය වෙසක් පොහෝ දිනයට පෙර දින පිළියන්දල මහජන බැංකුව අසළදී පොලිස් නිලධාරීන් ගමන් ගත් වාහනයක් පාතාල වෙඩි ප්‍රහාරයකට ලක්වූ සිදුවීම නිසා අද වනවිට දෙවන ජීවිතය බිලිගෙන තිබේ.ඒ අහක සිට වෙඩි වැදුණ 11 හැවිරිදි සමාධි දැරියයි.
පාතාල නායක මධුෂ්ගේ කල්ලිය පොලිසිය රවටමින් බොරු ඔත්තුකරුවෙකු යොදවා කාර්යශූර මත්ද්‍රව්‍ය වැටලීම් පොලිස් නිලධාරී රංගජීව ඇතුළු පිරිස වටේ යවා ඔවුන් ගමන්ගත් වාහනයට පිළියන්දලදී වෙඩි තබද්දී
සමාධි, සංදීප හා සෙනුරි එකම පවුලේ තිදෙනා අම්මාගේ අතේ එල්ලී ඒ අසළ ඔවුනට අයත් වෙළෙඳසැල ආසන්නයේ
සිට ඇත්තේ වෙසක් සැරසිලි
සඳහා අවශ්‍ය දේ මිලට ගන්නට තම පියා හමුවීමේ වුවමනාවෙනි.
වෙසක් දිනය වෙනුවෙන් නිවස සරසන්න අවශ්‍ය කලමණා ගන්නට ඔවුන් පියා එනතුරු එහි රැඳී සිටියේ එදින පියා කොළඹ ගොස් සවස ත්‍රීරෝද රථයෙන් එන බව දන්වා තිබූ නිසාය.රාත්‍රී 8 පසුවී හරියටම පියා එන අවස්ථාවේම මේ අසරණ අහිංසක දරුවන් වෙත මාරයා නොදැනීම ළඟාවනු ඇති බව දැන සිටියේ නැත. පියා රැගත් ත්‍රිරෝද රථය සිය වෙළෙඳසල අසල නවත්වන තුරු සිටින්නට ඉවසිල්ලක් නැතිව  තිදෙනාම එකපොකුරට පියා දෙසට දිව ගිය ව වාර්තා විය.
එසැණින්ම කාටත් සිතා ගත නොහැකි ලෙස වෙඩි වරුසාවක් හාත් පස සිසාරා ගිය අතර පියා පිළිගන්න  ගිය දරුවෝ තිදෙනා මවගේත් පියාගේත් දෑස ඉදිරිපිටම ලේ විලක් මැද ඇද වැටුණ බව කියැවේ.
සමාධිගේ පියා පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුට ද වෙඩි වැදී තිබිණ.
පාතාල ප්‍රහාරය නිසා මෝටර් රථ තුනකට වෙඩි වැදී තවත් වෑන් රථයකට හානි සිදුවූ  අතර එක් මෝටර් රථයක පැමිණි තිදෙනකුට ද වෙඩි වැදී තිබුනි.
වෙළෙඳසලක් අසල සිටි දරුවන් තිදෙනා අයියා සහ නංගිලා දෙන්නෙකි.
අද මෙම සිද්ධිය නිසා මියගිය 11 හැවිරිදි සමාධි පතිරණ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේ ඉගෙනුම ලබමින් සිටියාය.
කොළඹ තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සංදීප රුක්ෂාන් හා මඩපාත කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අට හැවිරිදි සෙනුරි පතිරණ ඇගේ සොයුරා හා සොයුරියද මින් තුවාල ලැබූහ.

 පොලිස් කොස්තාපල් (4946) අබේවික්‍රම මහතා මෙම සිද්ධියෙන් මියගියේය. ත්‍රිරෝද රථ රියැදුරු නුවන් තරංග මහතා ද තුවාල ලබා ඇති අතර මේ සිව්දෙනාම කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. වෙලේසුදා සිරගත කරන්නට මුල්වූ නඩුවද දැමූ මත්කුඩු ජාවාරම්කරුවන්ට හිසරදයක් ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂන රංගජීව මහතා මින් බරපතල තුවාල ලද අතර තවමත්  ඔහුට කොතෙක් කලක් ජීවිතය ඉතිරිව තිබේදැයි කියන්නට තවමත් නොහැකි බව රෝහල් ආරංචි හෙළි කර තිබේ.



පෙර ලිපිය----------
පිළියන්දලදී පොලිස් නිලධාරියෙකු මරු දුටු පොලිස් කුඩු රෙයිඩ් එක  - පාතාලෙ මධුෂ්ගේ ලණුවක්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙසක් සැරසිලි මිලට ගන්න පියා එනතුරු බලා සිටියදී අනපේක්ෂිත උණ්ඩයකට ගොදුරුවූ පිළියන්දල සමාධි
වෙසක් සැරසිලි මිලට ගන්න පියා එනතුරු බලා සිටියදී අනපේක්ෂිත උණ්ඩයකට ගොදුරුවූ පිළියන්දල සමාධි
http://ift.tt/2qYbxG2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_920.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_920.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy