දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධ විපක්ෂයේ අය මැතිවරණයේදී ශ්‍රීලනිපයට එකතුවෙනවා - එස්.බී.
Homeවිශේෂ පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ අය මැතිවරණයේදී ශ්‍රීලනිපයට එකතුවෙනවා - එස්.බී.

PropellerAds

කම්කරු දින සැමරුමට සහභාගීවීමෙන් අනතුරුව එම පිරිස මෙම තීරණය ගෙන ඇති බවත් ඔවුන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ පවුල්වල සාමාජිකයන් ද ශ්...

ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිපයේ 04කට ඇමතිකම් !
අර්ජුන් ගේන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තාවක් !
බැඳුම්කර වංචාවට සම්බන්ධ තවත් 4ක් අත්අඩංගුවට
ඒකාබද්ධ විපක්ෂයේ අය මැතිවරණයේදී ශ්‍රීලනිපයට එකතුවෙනවා - එස්.බී.

කම්කරු දින සැමරුමට සහභාගීවීමෙන් අනතුරුව එම පිරිස මෙම තීරණය ගෙන ඇති බවත් ඔවුන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ පවුල්වල සාමාජිකයන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවට තොරුතුරු ලැබුණු බව මහනුවර පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කීවේය.

හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මැයි දින රැළීයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවුයේ කෝපයෙන් බවත් ඒ බව තමන්ට හොදින් වැටහුණූ බව කී අමාත්‍යවරයා මෙසේ කීවේය.

මහින්ද රාජපක්ෂ මහතාට මෙම මැයි රැළියට සහභාගී නොවීමට නොහැකියි. නමුත් ඔහු පැමිණි අයුරින් වැටහෙනවා, ඔහු පැමිණියේ අකමැත්තෙන්, කේන්තියෙන් බව.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතාට වත්මන් ආණ්ඩුවේ ප්‍රබල පාර්ශවයකින් දුන් පොරොන්දුවක් මතයි. ඒ පොරොන්දුව තමයි, පළාත් පාලන මැතිවරණය ස්ථිර ලෙසම පැරණී ක්‍රමයට පැවැත්විය යුතු යැයි සදහන් වීම. ඒ පොරොන්දුව වෙනුවෙන් නව පක්ෂයක් නිර්මාණය කළා. නව පොහොට්ටු පක්ෂය නිර්මාණය කරනවාට මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම මනාප වුණේ නැහැ.

නමුත් පැහැදිලිව කිව යුතුයි කොට්ඨාශ ක්‍රමයට පැවැත්වෙන මැතිවරණයක් සදහා නීති මේ වන විට සම්පාදනය කොට අවසන්. තම අපේක්ෂාව ඉටු නොවුණු නිසා එතුමා බලවත් කෝපයෙන් සිටින බව මම දැක්කා. ඒ නිසා තමයි, එතුමාට වැරදුණේ.

පළාත් පාලන සහ ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ තිබුණත් ඒකාබද්ධ විපක්ෂය ඉන් පරාජයට පත්වෙනවා. ඔවුන්ගේ ශක්තිමත් ආසන සදහා අපගේ ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් කළ හොත් නිසැක වශයෙන්ම ඔවුන් පරාජයට පත්වෙනවා. මේ සත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හොදින්ම දන්නවා. එම පක්ෂයේ වැඩි දෙනෙකු අපේ පක්ෂය යටතේ තරග කරන තත්ත්වයට අප පත්කරනවා. ඒ සදහා අවශ්‍ය ව්‍යාපාරය මේ වන විට පක්ෂයේ ගොඩනැගෙමින් අවසන්. එපමණක් නොව ඊට අවශ්‍ය ව්‍යාපාරය ඔහුගේ පවුල තුළින්ම ගොඩනැගෙනවා. පවුලේම බලගතු දෙතුන්දෙනෙකු ඉදිරියේදී අප සමග එක්වෙනවා යැයි සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සදහන් කළේය.

නුවර නදීක දයා බණ්ඩාර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29407,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධ විපක්ෂයේ අය මැතිවරණයේදී ශ්‍රීලනිපයට එකතුවෙනවා - එස්.බී.
ඒකාබද්ධ විපක්ෂයේ අය මැතිවරණයේදී ශ්‍රීලනිපයට එකතුවෙනවා - එස්.බී.
http://ift.tt/2pTz2wM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_838.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_838.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy