දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනියම් සැමියා අතටම හසුවූ පසු බිරියද දරුවන්ද ඔහුට බාර කර නිවසින් පිටවුණ සැමියෙක්
Homeගොසිප්

අනියම් සැමියා අතටම හසුවූ පසු බිරියද දරුවන්ද ඔහුට බාර කර නිවසින් පිටවුණ සැමියෙක්

PropellerAds

සිය බිරියගේ අනියම් ඇසුර අතටම හසුවීමෙන් පසු ඇයට හෝ ඔහුට පහරදී හිරිහැර කරනවා වෙනුවට සිය බිරිය අනියම් සැමියාට භාරකොට නිවෙසින් පිටව ගිය ස්වාමි...

මෙදා සැරේ අවුරුද්දට කොළඹ ඉන්න : ලංකාවේ දැවැන්තම අවුරුදු උත්සවයේ විස්තර මෙන්න.
සාගල සාර්ථක වී, එරන්ද අසාර්ථක වූ යොවුන්පුර ඉලක්කය [Gossip]
ශ්‍රී ලංකා - බංග්ලාදේශ වෙළෙද ගණුදෙනු සියයට 55%ක වර්ධනයක්.

සිය බිරියගේ අනියම් ඇසුර අතටම හසුවීමෙන් පසු ඇයට හෝ ඔහුට පහරදී හිරිහැර කරනවා වෙනුවට සිය බිරිය අනියම් සැමියාට භාරකොට නිවෙසින් පිටව ගිය ස්වාමිපුරුෂයකු පිළිබඳව අසන්නට ලැබුණේ තරුණ
බිරින්දෑවරුන් නිවෙස්වල තනිකොට එතෙර යන
සැමියන්ට සිතන්නට යමක් ඉතිරි කරමිනි.
මහියංගණයට නුදුරු ගම්මානයක සංවර්ධන ව්‍යාපෘතියක සේවයට මීට වසර අටකට පමණ ඉහතදී ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි එවකට විසි තුන් හැවිරිදි වියේ පසුවූ ඔහු එම ගමේ පදිංචි තරුණියක සමඟ මිතුරු වීමෙන් අනතුරුව විවාහ දිවියට පත්ව අසල ගමක පුංචි නිවහනක් ඉදිකරගෙන පදිංචියට පැමිණියේය.
එදිනෙදා කුලියෙන් ජීවත්වූ දරු දෙදෙනකුගෙන් යුතු මේ පුංචි කැදැල්ලේ විය පැහැදම් එන්න එන්නම වැඩිවෙන්නට පටන් ගැනුනෙන් ඔවුනොවුන්ගේ කතිකාවෙන් අනතුරුව ඔහු තෝරාගනු ලැබුවේ පවුලේ අනාගත සුබසිද්ධිය පතා රන් මසු සොයා දුරු රටකට යෑමටය.

ඒ අනුව මෙයට වසර දෙකකට පමණ ඉහතදී ඔහු විදෙස් ගතවූයේ තුන් හැවිරිදි හා පස් හැවිරිදි දියණියන් දෙදෙනා බිරියට භාර කරමිනි. විදෙස් ගතවූ ඔහු ඉඩ ලද හැම අවස්ථාවකදීම බිරියටත් දරුදෙනාටත් දුරකතනයෙන් ඇමැතුම් ගෙන කතා කළ අතර ඔවුන්ගේ වියදමටද මුදල් එවීමට අමතක නොකළේය.
ගෙවී ගියේ වසර එකහමාරක පමණ කාලයකි. ගමේ හිත මිතුරන්ගෙන් සහ ඥාතීන්ගෙන් ලැබෙන ඇමැතුම්වලින් කියවුණේ තම බිරිය අසල ගමක පදිංචි විවාහක එක්දරු පියකු වන විසි හත් වියැති තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇති බවත් ඇතැම් දිනවල ඔහු මෙම නිවෙසේ රැය පහන් කරන බවත්ය. මෙය බිරියගෙන් විමසූ විට එය ගැමියන් බොරුවට ගොතනු ලැබූ කතාවක් බවත් තමන් එවැනි නරක ගැහැනියක් නොවන බවත් ඔහුට ඇය පවසා තිබේ.

එහෙත් මෙය ඔහුට නිතර වදදෙන ප්‍රශ්නයක් විය. බිරියට හොරා ගමට ගොස් ඇගේ අනියම් සැමියා තම අතටම අල්ලා ගැනීමේ අරමුණෙන් ලංකාවේ මිතුරකු මාර්ගයෙන් තම මව මියගොස් ඇති බවට විදුලි පුවතක් සේවය කරන ආයතනයට යොමු කරවිය. එම හදිසි කාරණය මත ආයතනයෙන් දින හතරක නිවාඩුවක් ලබාගත් ඔහු හොර රහසේම ගමට පැමිණ නිවෙසට යාබදව ඇති තම හිතවතකුගේ නිවෙසේ ලැගුම් ගත්තේය. හිතවතුන් පැවැසූ පරිදි එදින රාත්‍රිය විශේෂත්වයක් නොවුණි. පසු දින ඔහු එම නිවෙස තුළටම වී සිටි අතර එම නිවෙසේ ජනෙල් කවුළුවෙන් දරුවන්ගේ කෙළි සෙල්ලම් හා බිරිඳව නිරීක්ෂණය කළේය. එදින රාත්‍රියේද යම් සිදුවීමක් වේදෝයි යන සැකයෙන් පසුවූ ඔහුට රාත්‍රි 10ට පමණ ත්‍රිරෝද රථයක් කෙළින්ම ගොස් නතරවූයේ ඔහුගේ නිවෙසේ බව දැක ගන්නට හැකි විය. එවිටම නිවෙසේ වසා තිබූ ඉදිරි ‍ෙදාර විවෘත වීමෙන් පසු රථයේ පැමිණි අය ගෙතුළට ගිය බවත් නැවත ‍ෙදාර වැසුණු අයුරුත් ඔහු ඇතුළු එම නිවැසියන්ට දැක ගත හැකිවිය.

පැමිණි අමුත්තා ආපසු යන පාටක් නොවූ හෙයින් ඔහුත් මිතුරාත් මිතුරාගේ බිරියත් එක්ව ඔහුගේ නිවෙසට පිය මැන්නේ අඳුරේමය.
එහිදී මිතුරාගේ බිරිය ‍දොරට තට්ටු කරමින් පැවැසුවේ "නංගි මගේ පුතාට උණ හැදිලා මට පැනඩෝල් දෙකක් දෙන්න" හැකි දැයි කියාය. එසේ කීප වරක් කතා කිරීමෙන් පසු ම¼ද වේලාවකින් "හා පොඩ්ඩක් ඉන්න අක්කා" යැයි කියා නිවෙසේ විදුලි පහන් නොදල්වාම ඇය ඉදිරි ‍ෙදාර ළඟට විත් ‍ෙදාර මදක් විවර කර "ආ මෙන්න අක්කේ" කියා ‍ෙදාර බාගෙට විවෘත කරනවාත් සමඟම ඇයව තල්ලුකරගෙන නිවෙස තුළට ගිය ඇගේ සැමියා වහා විදුලි පහන් දල්වා ඉදිරි ‍ෙදාර වසා ඇයගේ නිදන කාමරයට ගියේය. ගැමියන් සහ ඥාතීන් පැවැසූදේ ටක්කෙටම හරිය. බිරියගේ ඇඳමත නිදන තරුණයෙකි. ඔහුට ආ වේගයට අත උස්සා ඇඳේ සිටි තරුණයාට පහරක් දීමට සූදානම් වුවද එම තීරණය වෙනස් කරමින් ඔහුගේ අතින් අල්ලාගෙන හා දැන් ඉතින් නැඟිටපන් මල්ලී යැයි කියා සාලයට රැගෙන විත් බිරියවද ඔහු අසලින්ම වාඩිකරවා "මල්ලි මම කරපු මේ වරද පිළිගන්නවා. ඒකට මම නෝනාගෙනුත් සමාව ඉල්ලනවා. නෝනට සල්ලි බාගෙට වඩා ආදරය සෙනෙහස වටිනවා. ඒක මගෙන් ඉටු නොවුණු නිසා තමයි මේ තහනම් ගහේ ගෙඩි කන්නට තීරණය කළේ. ඒ නිසා මම ඔය දෙන්නට ආශිර්වාද කරනවා. අද ඉඳලා ඔයා මගේ බිරියත් මේ පුංචි දරු දෙන්නත් බලා ගන්න. ඔයාලට මම හදපු මේ නිවෙසේ ඉන්නත් පුළුවන්. දෑවැද්දට මම උඹට මේ දරු දෙන්නා දෙනවා. දරු දෙන්නා ලොකු මහත් වෙනකම් උන් දෙන්නට අවශ්‍ය මුදල් මම එවන්නම්. උන්ට අඩුපාඩුවක් කරන්න එපා. එහෙනම් උඹලා දෙන්නට දෙවි පිහිටයි" යැයි කියා මේ කිසිවක් නොදත් නිදියහනේ නිදා සිටින දරු දෙන්නා වෙත ගොස් ඔවුන් සිප වැලඳගෙන තමන් ආ බව දරුවන්ට නොදන්වන ලෙසත් දරුවන්ටත් බිරියටත් ගෙනා ඇඳුම් පැලැඳුම් ද භාර කොට ඔහු පරාජිතයකු ලෙසින් නිවෙසින් පිටව ගොස් තිබේ.

හසලක - සුනිල් ඉහළගෙදර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනියම් සැමියා අතටම හසුවූ පසු බිරියද දරුවන්ද ඔහුට බාර කර නිවසින් පිටවුණ සැමියෙක්
අනියම් සැමියා අතටම හසුවූ පසු බිරියද දරුවන්ද ඔහුට බාර කර නිවසින් පිටවුණ සැමියෙක්
http://ift.tt/2qqz2af
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy