දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැල්ලවත්ත ‘එක්සලන්සි‘ ගොඩනැගිල්ල කඩා වැටීම ගැන තුවාල ලැබූවන් සහ දුටු අය කියන කතා
Homeගොසිප්

වැල්ලවත්ත ‘එක්සලන්සි‘ ගොඩනැගිල්ල කඩා වැටීම ගැන තුවාල ලැබූවන් සහ දුටු අය කියන කතා

PropellerAds

වැල්ලවත්ත ‘එක්සලන්සි‘ ගොඩනැගිල්ල කඩා වැටීම තව 3 දෙනෙකු තාම හොයනවා තුවාල ලැබූවන් සහ දුටු අය කියන කතා ඊයේ උදෑසන 11 ට පමණ වැල්ලවත්ත සැවෝය...

UNP සිරිකොත මූලස්ථානයේ අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට
එස් එෆ් ලොක්කා හිරේ ඉද්දී යූ ටියුබ් වීඩියෝවක් පළවීම ගැන විමර්ශන
කලවැද්දා රෙජිමේන්තු හදන්න හැදුවට අපි බය වෙන්නෙ නෑ - විමල්

වැල්ලවත්ත ‘එක්සලන්සි‘ ගොඩනැගිල්ල කඩා වැටීම
තව 3 දෙනෙකු තාම හොයනවා

තුවාල ලැබූවන් සහ දුටු අය කියන කතා

ඊයේ උදෑසන 11 ට පමණ වැල්ලවත්ත සැවෝයි සිනමාහල පිටුපස පිහිටි සත්මහල් ‘එක්සලන්සි‘ උත්සවශාලාව එකවරම බිමට කඩා වැටීමේ සිද්ධිය
නිසා මේ වනවිට තුවාල කරුවන් 22 ‍දෙනෙකු රෝහල් ගත කර ඇත. 4 දෙනෙකු සිරවී සිටින බවට ලද හෝඩුවාවන් මත ඔවුන් සෙවීමේ කටයුතු සිදුවන අතර ඊයේ සන්ධ්‍යා කාලයේ සොයාගත් පුද්ගලයා ඉනෙන් පහළ පෙදෙස බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස මරු වැළඳ ගත්තා.
තුවාල ලද අය වැඩිදෙනා එම උත්සව ශාලාවේ සේවකයින් හා ඉහළ මහළවල ඉදිකිරීම් සිදුකරන කම්කරුවන්ය. එම ස්ථානයේ නිතිපතා සිය වාහනය නවතා තබාගෙන සිටින පාසල් වාහන රියදුරෙකුද
තුවාල කරුවන් අතර සිටී.
එහි ඉදිකිරීම් කටයුතුවල නිරතවී සිටි අයෙක් මෙසේ පවසා තිබේ.
‘අපේ පදිංචිය තණමල්විල. අපි ගිය මාසේ 29 වැනිදා සිට තමයි මෙතන වැඩ කරන්න ආවේ. අපි බිල්ඩින්
එකේ පස්වෙනි එකේ බෝඩ් වගයක් සවි කරමින් සිටියේ. අපිත් එක්ක පස් දෙනෙක් හිටියා. උදේ 10. 45 ට

විතර අපි හිටපු ස්ලැබ් එකේ පිටුපස කොටස එක පාරටම බිමට පහත් වුණා. අපේ පැත්ත බිමට පාත්
වෙද්දීම දුවලා ගිහින් ලණුවකින් බිමට බැහැලා ජීවිතේ බේරාගත්තා. අපේ වැඩ භාරව හිටපු මහත්තයා
හිටියේ යටවුන කොටසේ කාමරයක. එයා බේරාගෙන රෝහල් ගතකර තිබුණා. කඩා වැටුණ කොටසේත් කට්ටිය
වැඩ කරමින් සිටියේ. ඒ අයට මොනවා වුණාද කියලා දන්නේ නෑ.‘

උත්සව ශාලා ගොඩනැගිල්‍ලේ මුළුතැන්ගෙයි පාලකවරයා මෙසේ කියා තිබේ.

‘මම උත්සවශාලාවේ මුළුතැන්ගෙයි වැඩබලනවා. අපි වැඩ කුස්සියේ වැඩ කර කර ඉද්දී උදේ 10. 45 ට
විතර ඩෝං ඩෝං ගාලා එකපාරටම සද්දයක් ඇහුණා. ඒ එක්කම හෝල් එක දුමින් පිරිලා ගියා. හෝල් එක
ළඟ බිල්ඩිමේ වැඩ කරමින් සිටි බාසුන්නැහේලා අපිට කිව්වා. ඔතන ඉන්න එපා ටක්ගාලා යන්න කියලා.
කුස්සියේ කෑල්‍ලේ තුන් දෙනයි හිටියේ. බිල්ඩින් එකේ තට්ටු හතක් තිබුණා. යටම වාහන පාර්ක් එක
තියෙනවා. ඊට උඩින් උත්සවශාලාව තියෙනවා.  උඩින්ම තට්ටු දෙක හදමින් තිබුණේ. ඇතු‍ලේ 12 දෙනෙක්
විතර හිටියා. අද උත්සව මොනවත් තිබුණේ නෑ. බිල්ඩින් එකේ යටම හෝල් එක වාහන නැවැත්වීමට කුලියට
දීලා තිබුණා. අද පිරිසිදු කිරීමේ කටයුතු තමයි සිදු කෙරුණේ. දෙන්නෙක් ඇතුළේ හිරවෙලා ඉන්නවා කියලා
අපිට ආරංචියි. බිල්ඩින් එකේ පිපිරීමක්වත් තිබුනේ නෑ. ‘

උත්සව ශාලාවේ සේවයේ නිරතව සිටි අයකුගේ වැඩිමහල් සහෝදරයෙක් මෙසේ කීවේය.
‘අපේ ගෙවල් තියෙන්නේ හැටන්වල. මගේ මල්ලි නිරෝෂන් මාසයක පමණ සිට මේ හෝට‍ලේ වැඩ කරනවා.
මල්ලි පිරිසිදු කිරීමේ කටයුතු කරමින් ඉඳලා තියෙන්නේ. එයත් එක්ක ගෑනු කෙනකුත් වැඩ කරමින් ඉඳලා
තියෙනවා. දෙන්නාම ගැන ආරංචියක් නෑ. මල්ලිගේ ෆෝන් එක නිතරම එයාගේ කලිසම් සාක්කුවේ
තියෙන්නේ. මල්ලිට අද දිගටම මම කෝල් කළත් ඒක වැඩ කළේ නෑ.


කඩාවැටුණ ගොඩනැගිල්ලට යාබද සැවෝයි සිනමාශාලාවේ කළමනාකරු මෙසේ කියා තිබේ.
‘අපේ සැවෝයි එකේ වාහන දෙකකටයි, කූලින් ටවර් එකටයි ඩැමේජ් වෙලා තියෙනවා. මේ උත්සවශාලාවේ
හිමිකරු ඒක ප්‍රමිතියට හැදුවේ නෑ. ඒකේ පිපිරීම් රැසක් තිබුණා. කොන්ත්‍රාත්කරුවෙක් හිටියේ නෑ. එක
එක්කෙනා ඇවිත් වරින් වර ගොඩනැගිල්ල හදනවා දැක්කා. කොටසක් හදනවා. ආයේ නවත්තනවා. ආයේ
කොටසක් හදනවා. ආයෙ නතර කරනවා. මේ බිල්ඩිම හදද්දී නතර කරලා තියෙන වාහන උඩට සිමෙන්ති
පවා වැටුණා. එහෙම වුනාම එහා පැත්තේ සර්විස් එකට දාලා වාහන හෝදලා දෙනවා. මේ
ගොඩනැගිල්ල අවුරුදු පහක් තිස්සේ හදනවා. මේ බිල්ඩිමේ යට තමයි වැල්ලවත්ත, ශාන්ත පීතර විදුහලට එන
වාහන පාර්ක් කරන්නේ. අපි බිල්ඩිමේ අයට කිව්වා මෙහෙම බිල්ඩිම හදන්න එපා කියලා. මේ බිල්ඩිම
හදද්දී සැවෝයි එකේ බිල්ඩිමටත් නිතර හානි සිදුවුණා. නමුත් නිසි ප්‍රමිතියකට හැදුවේ නෑ‘

සිරවී සිටින අයකු සමග දුරකථන සබඳතා පවත්වමින් ඔහු බේරාගැනීම සඳහා ඊයේ පෙරවරු 11.00 සිට රාත්‍රී 7.00 වනතුරුද යුද හමුදාව ඇතුළු
ආරක්ෂක අංශ මෙහෙයුමක නිරතවූ  අතර තමාගේ ඉනෙන් පහළ ප්‍රදේශය ගොඩනැගිල්‍ලේ සුන්බුන්වලට
යටවී ඇති බවත්, හැකි ඉක්මනින් බේරාගන්නා ලෙසත් ඔහු සිය ජංගම දුරකථනයෙන් ආරක්ෂක අංශ සමග
සබඳතා පවත්වමින් පවසා සිටියේය. සම්පත් නමැති මෙම පුද්ගලයාව යුද හමුදාව ඊයේ රාත්‍රී 7.35ට
පමණ බේරාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කරන ලද නමුත් අධික තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් තිබුණි.

මෙම සිද්ධියෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනකු ගොඩනැගිල්ල සිරවී සිටින බවට එහි සේවයේ නියුතුව සිටි පිරිසගෙන් තොරතුරු ලැබි ඇතැයි යුද හමුදාව පවසයි.  ගොඩනැගිල්ල කඩා වැටී එහි කොටස් දෙපස පිහිටි ගොඩනැගිලි මතට ඇලවී තිබූ අතර, ගොඩනැගිල්ල
ආසන්නයෙන් ගලා යන කුණු ඇළටද එහි කොටස් කඩා වැටී තිබෙනු දක්නට ලැබුණි. ගොඩනැගිල්ල
කඩාවැටීමේදී එහි සිටි පිරිස ඇළට වැටී ඇත්දැයි සෙවීමේ කටයුතුවලද නිරතවූ බව යුද හමුදාව පවසයි.

මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු එම ස්ථානයට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ භූ විද්‍යා
හා පතල් කාර්යාංශයේ නිලධාරීහුද පැමිණ පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වූහ. එහි ඉංජිනේරුවරියන්
කියා සිටියේ මෙම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකට සහ සැලසුමකට අනුව ඉදිකිරීම් කටයුතු සිදුකර නොමැති
බවත්, කඩාවැටීමට ලක්වූ කොටස සැලසුමකින් තොරව අවසරයකින් තොරව තවත් මහල් කිහිපයක් වන සේ ඉදිකර ඇති බවත්ය.

මෙම උත්සවශාලාවේ ඊයේ රාත්‍රී කාලයේ මංගල උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්තාවේ සිද්ධිය වූයේ නම් මෙය මීටත් වඩා බරපතල තත්වයක් වන්නට ඉඩ තිබුණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැල්ලවත්ත ‘එක්සලන්සි‘ ගොඩනැගිල්ල කඩා වැටීම ගැන තුවාල ලැබූවන් සහ දුටු අය කියන කතා
වැල්ලවත්ත ‘එක්සලන්සි‘ ගොඩනැගිල්ල කඩා වැටීම ගැන තුවාල ලැබූවන් සහ දුටු අය කියන කතා
http://ift.tt/2pZuzHW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_629.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_629.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy