එය විසඳා ගැනීම පසුවට තබා මේ කාරණය දැන් සිතට ගන්න. ඉරානයේදී මෙසී වගේ වීම, පොලිස් අත්අඩංගුවට පත්වීමට හෝ හිරේට යාමට තිබෙන කෙටිම ක්රමයයි...
එය විසඳා ගැනීම පසුවට තබා මේ කාරණය දැන් සිතට ගන්න.
ඉරානයේදී මෙසී වගේ වීම, පොලිස් අත්අඩංගුවට පත්වීමට හෝ හිරේට යාමට තිබෙන කෙටිම ක්රමයයි.
මේ ඡායාරූපයේ සිටින එක් අයෙක් ලියොනාල් මෙසී ය. අනෙකා ඉරානයේ සිටින ඔහු වැනිම තරුණයෙකු වන රේසා පරස්ටේෂ් ය. රේසා දැන් සිටින්නේ පොලිස් අත්අඩංගුවේ ය. ඔහු කළ වරද..? මෙසී වගේ වීමයි.!!
තමන් මෙසී වගේ බව රේසා දත්තේය. ඒ බව ඔහුගේ සිතට මුලින්ම කාවද්දා මෙසීගේ වගේ ටීෂර්යක් ද අන්දවා තිබෙන්නේ මෙයට මාස කිහිපයටක පෙර ඔහුගේම පියා විසිනි. නමුත් මෙසී වගේ වීමෙන් මේ සා කලබගෑනියක් කළ හැකි බව ඔහු තබා ඔහුගේ තාත්තාවත් නොදත්තේය. පසුගිය සති අන්තයේ ද ඔහු සිය ප්රියතම ''අංක 10 සහිත මෙසී ටීෂටර්ය'' හැඳගෙන ඉරානයේ ටෙහෙරාන් නුවර වීදි දිගේ උජාරුවෙන් ඇවිද ගියේය. වැඩි දුරක් ඔහුට එසේ ඇවිද යන්නට ලැබුණේ නැත.මෙසීගේ පාපන්දු ලෝලීහු ඔහු වට කර ගත්හ.ඔහුගෙන් සමරු අත්සන් ලබාගැනීමටත්” විශේෂයෙන්ම ඔහු සමග සෙල්ෆි ගැසීමටත් පටන් ගත්හ. වැඩි වේලාවක් යන්නට පෙර මහා ට්රැෆික් එකක් නගරයේ ඇති වුණේය. පොලිසිය අවසානයේ පැමිණ මේ රථවාහන තදබදය ඇති කළ හාදයාව අල්ලාගෙන ගොස් පොලිස් කූඩුවට දැම්මේය. නීතිය හා සාමය කඩ කළ බව කියමින් තරවටු කළේය.
හැබැයි හොඳ වෙලාවට ඉරානය ලංකාව වගේ නොවේය. ලංකාවේ මහපාරක මෙසී නොව බුදු හාමුදුරුවන් ඇවිද ගියත් ලංකාවේ උදවිය මෙහෙම කලබල වෙන්නේ නැත. ඔන්න ශිවන්යා වැනි කෙනෙක් ඉන්දියාවෙන් ගොඩබැස්සා නම් පමණක්, ඇගේ නයි පෙණය නැරඹීම වැනි ජීවිත කාලයටම එක් වරක් ලැබෙන මහගු අවස්ථාවක් වෙනුවෙන් මෙසේ අපේ හුදී ජනයා කලබල වන්නට ඉඩ තිබේ. ඒ එක පැත්තකි. අනෙක් පැත්තට මෙවැනි කලබැගෑනියක් ඇති කිරීම කෙසේ වෙතත්, හොරෙන් කෙසෙල් ගෙඩියක් කෑම වැනි දෙයකට පොලිසිය විසින් අල්ලාගෙන යන සමහරුන් පවා ලංකාවේ නම් උපන්තේකට නැවත ගෙදර නොඑන අවස්ථා ද තිබේ. ඒ අතින් බලන කල, කොතරම් මූලධර්මවාදී පාලනයක් තිබෙන බව කීවත් සමහරවෙලාවට ඉරානය පවා ලංකාවට වඩා හොඳය.සැප ය.
-ක්රිෂාන්ති රාජපක්ෂ
COMMENTS