මතට එරෙහිව තමා තැබූ අත එකී අරමුණ සඵල වන තෙක් නිමා නොකරන බවට ජනපති මෛතී‍්‍ර යළි යළිත් සපථ වෙති. මේ දූපත මත නීති විරෝධී මත්ද්‍රව්‍ය අංශු මාත...
මතට එරෙහිව තමා තැබූ අත එකී අරමුණ සඵල වන තෙක් නිමා නොකරන බවට ජනපති මෛතී‍්‍ර යළි යළිත් සපථ වෙති. මේ දූපත මත නීති විරෝධී මත්ද්‍රව්‍ය අංශු මාත‍්‍රයක්වත් නොදකින අනාගතයක් පිළිබඳව ඔහු වර්තමානයේ සිහින දකින්නේය. ඒ වෙනුවෙන් සිය උපරිම ජවය, අවිය, සවිය, බලය යොදමින් සිටින්නේය.
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සඳහා පෙර තිබූ ආරක්‍ෂක වැටට අතිරේකව ජනාධිපතිවරයා දැන් ති‍්‍රවිධ හමුදාවේම ශක්තිය ඒ සඳහා යොදාගෙන ඇත. රටෙහි සතරදිගින් දිනපතා නීති විරෝධී මත්ද්‍රව්‍ය එම රැහැනට හසු වන්නේය. එසේ අත්අඩංගුවට ගැනෙන මත් ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්ද? ඒවා කලින් කී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතටම පත්වී රටත් සමාජයත් විනාශ කිරීමට යළිත් පැමිණෙත්ද? ජනතාවට එය නොතිත් ප‍්‍රහේළිකාවකි.
මතට එරෙහි සටනට උරදී සිටින ජනපති මෛතී‍්‍ර ඊට ද විසඳුමක් ගෙනාවේය. ඒ එසේ අත්අඩංගුවට පත්වූ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප‍්‍රසිද්ධියේ විනාශ කිරීමය. පසුගිය වසරේ ජනවාරි 05 වැනිදා කොකේන් කිලෝ 926 ක් පුත්තලමේදී විනාශ කෙරුණේ ඒ අනුවය. එහි දෙවැනි අදියර සිදුවුණේ පසුගිය සඳුදාය. ඒ බක්මහ දිවුරුමට දින දෙකකට උඩදීය.
එදින කොකේන් කිලෝ 769 ක් විනාශ කළේය. ඒවා 2016 සහ 2017 වසරවලදී අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. කොකේන් විනාශ කිරීමේ අවස්ථාව අධීක්‍ෂණය කිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියත්, ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් මොහමඞ් මිහාල් මහතාත් පැමිණ සිටියහ. ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා, මැති ඇමැතිවරු සහ ආරක්‍ෂක අංශ ප‍්‍රධානීහුද එම කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා කැලණිය ගෝනවල ඞී. එන්. එස්. ගබඩා සංකීර්ණයට පැමිණ සිටියහ.
කොකේන් විනාශ කිරීම සිදු කෙරුණේ ඉන්සි සිමෙන්ති සමාගමට අයත් පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේදීය. විනාශ කිරීමට පෙරාතුව එම කොකේන් දියර බවට පත් කළ යුතුව තිබිණි. එම කි‍්‍රයාවලිය සිදු වුණේ කැලණිය ගෝනවල පිහිටි ඞී. එන්. එස්. ගබඩා සංකීර්ණයේදීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ එම මත්ද්‍රව්‍ය තොගය ඞී. එන්. එස්. ගබඩා සංකීර්ණයට ගෙන එනු ලැබූ අතර ඒවා පොහොර උරවල බහා මුද්‍රා තබා තිබිණි.
ජලය සහ රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකි තුළට එම කොකේන් තොගය දමා ඝන කොකේන් දියර කිරීමේ කි‍්‍රයාවලිය සිදුවිය. කොකේන් දිය කිරීමේ කටයුතු සිදු කළේ ද ඉන්සි සිමෙන්ති සමාගමට අයත් ඉන්සි එකෝසයිකල් ආයතනය මගිනි. කොකේන් දියර කිරීමේ කි‍්‍රයාවලිය මහෙස්ත‍්‍රාත්වරුන්ගේ ද, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේද, රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේද නිලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි.
කැලණිය ගෝනවල ගබඩා සංකීර්ණයේදී සිදු වූයේ කොකේන් විනාශ කිරීම නොව දියර කිරීමේ කි‍්‍රයාවලියය. එය 2018 වසරේ කොකේන් විනාශ කිරීමේ කි‍්‍රයාවලිය ද කටුනායක සහ පුත්තලමේදී සිදුවුණු ආකාරයට සමානය. එවරද කටුනායකදී දියර බවට පත් කළ කොකේන් පුත්තලමේ දී විනාශ කෙරිණි.
එම කටුනායක ආයතනය ද ඉන්සි සමාගමට අයත් එකකි. සිමෙන්ති නිෂ්පාදන කි‍්‍රයාවලිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය එකතු කිරීම කටුනායකදී සිදුකෙරේ. මෙවර එම කි‍්‍රයාවලිය සඳහා කටුනායක තෝරා නොගත්තේ ඇයි දැයි යන්න අපි ඉන්සි සිමෙන්ති සමාගමේ බාහිර සම්බන්ධතා සහ ව්‍යාපාර සංවර්ධන අංශ ප‍්‍රධානී වෙනුර ප‍්‍රනාන්දු මහතාගෙන් විමසුවෙමු.
2018 වසරේදී අපි කොකේන් කිලෝග‍්‍රෑම් 926 ක් විනාශ කළා. එහිදී අපි කොකේන් දියර බවට පත් කිරීමට කටුනායක අපේ ගබඩාව යොදා ගත්තත් එය අපට විශාල පිරිවැයක් යන කාර්යයක් බවට පත් වුණා. විශේෂයෙන් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ප‍්‍රභූවරුන් එම ස්ථානයට පැමිණෙන නිසා ඒ ආයතන පරිශ‍්‍රය අපි සම්පූර්ණයෙන් පිරිසිදු කළ යුතු වෙනවා. එය අපේ නිෂ්පාදන කි‍්‍රයාවලියට බාධාවක් වෙනවා. අපද්‍රව්‍ය සහ සිමෙන්ති අමුද්‍රව්‍ය දමන්න අපට තැනක් හොයා ගන්න සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී අපි ඒ බව ජනාධිපතිතුමා ඇතුළු නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිතුමාගේ හිතවතකුට අයත් කැලණිය ගෝනවල ඞී. එන්. එස්. ගබඩාව මෙවර කොකේන් දිය කිරීම සඳහා යොදා ගත්ත.
කොකේන් දියර කිරීම ඉන්සිට අයත් කටුනායකින් ඞී.එන්.එස්. වෙත එන්නේ එසේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප‍්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මෙම කොකේන් තොගය පිළිබඳව අප දැනුවත් කළා. ඒවා විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉන්සි ආයතනයේ හිටපු ප‍්‍රධානියකු වන අසේල ඉද්දවෙල මහතාගෙන් ඔහු ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව විද්‍යාගාරයේදී අපි මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කළා. ඒ ආකාරයට තමයි අපි කොකේන් තොගය විනාශ කළේ.
මෙවර ගෝනවලදී කොකේන් දිය කිරීමේ කාර්යය සිදු කළත් ඒ කි‍්‍රයාවලිය පිටුපස සම්පූර්ණයෙන්ම සිටියේ ද අපේ ඉන්සි ආයතනයේ සේවක සේවිකාවන් බව වෙනුර ප‍්‍රනාන්දු මහතා කීය.
ගෝනවලදී දියර බවට පත් කොකේන් තොගය පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත රැගෙන යන අවස්ථාවටද මහෙස්ත‍්‍රාත්වරයා සහ මහෙස්ත‍්‍රාත්වරිය සහභාගි වී තිබිණි. ගෝනවලින් පස්වරු 4 ට පමණ එම කොකේන් තොගය පුත්තලම කරා රැගෙන යෑම ඇරඹිනි. පැය 4 ක පමණ ගමන් කාලයකින් පසුව කොකේන් පැටවූ එම ලොරිය සහ අවශේෂ රථවාහන පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත ළඟා වී ඇත.
කොකේන් විනාශ කිරීමේ කි‍්‍රයාවලිය සඳහා ඉන්සි සමාගමම තෝරා ගන්නේ් ඇයිද යන්න ද අපි වෙනුර මහතාගෙන් විමසුවෙමු.
දුමක්වත්, අළු ටිකක්වත් නැතිව මේක සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් වෙන්නේ සිමෙන්ති උඳුනකට පමණයි. දැනට ලංකාවේ සිමෙන්ති උදුනක් තිබෙන්නේ අපට පමණයි. ඒ නිසා අපව මේ කි‍්‍රයාවලිය සඳහා සහභාගි කරවා ගත්තා. හැබැයි කිසිම මුදල් ප‍්‍රතිලාභයක් අපිට මේ කර්තව්‍යයෙන් ලැබෙන්නේ නැහැ. අපි එය බලාපොරොත්තු වුණෙත් නැහැ. ජාතික වගකීමක් ලෙස අපි මෙය ඉටුකළා.
හැබැයි මේ කි‍්‍රයාවලියේදී සිමෙන්ති නිෂ්පාදනය පැය තුනකට පමණ නතර වෙනවා. එය පාඩුවක්. ඒ පාඩුව රුපියල් මිලියන හත අටක් ඉක්මවනවා. මේ යන්ත‍්‍ර දවසේ පැය විසිහතරම කි‍්‍රයාත්මක වෙනවා. වසරේ නිශ්චිත දින කිහිපයක් සැලසුමකට අනුව යන්ත‍්‍ර කි‍්‍රයාකාරිත්වය නතර කළත් වෙන යම් දෙයකට ඒ මැෂින් නතර කළේ මේ කොකේන් විනාශ කිරීමට පමණක් යැයි ද වෙනුර ප‍්‍රනාන්දු මහතා කීය.
එහෙත් මේ කි‍්‍රයාවලියේදී සිමෙන්ති උදුන නතර වීමක් සිදු නොවේ. කොකේන් විනාශ කිරීම සඳහා උදුන පණගැන්වී, ගිනි ගහන්න තරම් රත්වී තිබිය යුතුය. කොකේන් බහාලූ එම උදුන තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1700 ත් 2000 ත් අතර ප‍්‍රමාණයකට රත් වී ඇත. එය සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයෙන් තුනෙන් එකකට සමාන බව කියැවේ. කොකේන් මතු නොව ඒවා දමාගෙන පැමිණි බැරල් ද, සේවකයන් මේ කි‍්‍රයාවලිය සඳහා යොදා ගත් ඕවරෝල් ඇඳුම් ද, අත් ආවරණ ද, ගබඩා සංකීර්ණයේ එළා තිබූ ඉටිකොළ ද ආදී මේ සියල්ලම ඉන්සි උදුනට දමා විනාශ කෙරේ. එසේ සිදු කරන්නේ මේ කි‍්‍රයාවලියේ විනිවිදභාවය සුරැකීම පිණිසය.
මන්ද කොකේන් ග‍්‍රෑම් එකක් හෝ විනාශ නොවී ඉවතට යෑම යනු මේ කි‍්‍රයාවලියේ දෝෂයකි. ඉන් ග‍්‍රෑම් එකක් ද ආසන්න වශයෙන් රුපියල් 17000 ක් පමණ වේ. එබැවින් මිලිග‍්‍රෑම් නොව මයික්‍රො ග‍්‍රෑමයක් හෝ ශේෂ නොවන ලෙසට එම කාර්යය ඉටුකළ යුතු වේ.
කොකේන් විනාශ කිරීමේ දෙවැනි අදියරේ එලෙසින් නිම විය. ඉන්සි උදුනට බහාලූ රුපියල් කෝටි 1093 ක් වටිනා කොකේන්, තොගයක්, රටේත් ජනතාවගේත්, සමාජයේත්, ජීවිත විනාශ කිරීමට පැමිණි කොකේන් තොගයක් අපව විනාශ කරන්න නොදී එසේ විනාශ මුඛයට ලක්වීම සතුටු දනවන කරුණක් නොවේද?
-divaina
කුෂාන් සුබසිංහ

COMMENTS