දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයි.පී.එල්. මිල අධික ක්‍රීඩකයෝ තරගාවලියේදී අනාථ වෙති
Homeගොසිප්

අයි.පී.එල්. මිල අධික ක්‍රීඩකයෝ තරගාවලියේදී අනාථ වෙති

PropellerAds

ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තරග 45ක් අවසන් වන විට තරග 11කට සහභාගි වී තරග 9ක් ජය ලබා ඇති මුම්බායි ඉන්දියන්ස් ...

ජනපති, අගමැති හමුවේ ගත් තීන්දු මෙන්න.
දිනූ හම්බන්තොට මහ නගර සභාවේ බලයත් එජාපයට අහිමි වන ලකුණු.
අවසන් තුරුම්බුව : මහින්ද ඇතුළු ඒකාබද්ධය පාර්ලිමේන්තුවෙන් එළියට.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තරග 45ක් අවසන් වන විට තරග 11කට සහභාගි වී තරග 9ක් ජය ලබා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙවර තරගාවලියේදී බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසාර්ථක
වීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ තරග 7කදී කඩුලු 8ක් දවා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගිය සෙනසුරාදා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී තම 150 වැනි අයි.පී.එල්. කඩුල්ල දවා ගැනීමට
සමත් වූ ලොව පළමු පන්දු යවන්නා බවට පත් වෙමින් එම තරගයේදී ලකුණු 5කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුවත් සමස්ත තරගාවලිය දෙස බැලූ කල ඔහු එක් පන්දුවාරයකට ලකුණු 9.38ක දළ වේගයකින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා දී තිබේ. එය මෙවර අයි.පී.එල්. තරගාවලියේ ලකුණු ලබා දීම අතින් තුන්වන වැඩිම වේගයයි.
පන්දු යැවීම අතින් ගත් කල ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් වන ශේන් වොට්සන්, ජෙම්ස් ෆොක්නර්, කගිසො රබාඩා, සහීර් ඛාන් සහ සුනිල් නරීන් වැනි ක්‍රීඩකයන් රැසක් මේ දක්වා අපේක්‍ෂිත දක්ෂතා අතර නොසිටින සේම පිතිකරුවන් අතුරින් ක්‍රිස් ගේල්, ග්ලේන් මැක්ස්වෙල්, ඒ.බී. ඩිවිලියර්ස් සහ විරාත් කෝලි වැනි පිතිකරුවෝ තම කණ්ඩායම්වලට අවශ්‍ය සේවය ලබා දීමට මේ දක්වා අපොහොසත් වී සිටිති.

කෙසේ වෙතත් හෂීම් අම්ලා, සන්ජු සැම්සන්, බෙන් ස්ටොක්ස් සහ ඩේවිඩ් වෝනර් යන පිතිකරුවන් සිවුදෙනා මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ශතක 4ක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර මේ දක්වා වැඩිම ලකුණු රැස් කර ඇති පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් ලකුණු 529කුත් සහ වැඩිම කඩුලු බිඳ හෙළා ඇති පන්දු යවන්නා ලෙස බුවනේශ්වර් කුමාර් කඩුලු 21කුත් බිඳ හෙළමින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ශක්තිමත් කර ඇත.
සටහන - කෝසල ගමගේ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයි.පී.එල්. මිල අධික ක්‍රීඩකයෝ තරගාවලියේදී අනාථ වෙති
අයි.පී.එල්. මිල අධික ක්‍රීඩකයෝ තරගාවලියේදී අනාථ වෙති
http://ift.tt/2qLIUv2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_217.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_217.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy