දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අකලට රෝද පුටුවට වැටුණ සිනමා නිළි අනුෂා සොනාලිගේ කතාව
Homeගොසිප්

අකලට රෝද පුටුවට වැටුණ සිනමා නිළි අනුෂා සොනාලිගේ කතාව

PropellerAds

අකලට රෝද පුටුවට වැටුණ සිනමා නිළි අනුෂා සොනාලිගේ කතාව කාලයක් සිනමාවේ හා ටෙලි තිරයේ මතකයේ රැඳෙන චරිත රඟමින් සැරිසැරූ අනුෂා සොනාලි පසු කලෙ...

ඔය කියන චැනල් අයිතිකාරයා එක්ක සම්බන්ධයක් තිබ්බා නම් හොඳ වාහනයක් තියෙන්න ඕනෑ, ලීක් කරපු වීඩියෝ එකක් ගැනත් උදාරි ලීක් කරයි
මාලිංග වගේ බෝල දාන පොඩි මාලිට ලසිත් ඇවිත් අමුතු කතාවක් කියලා ගිහින්
ඩෙංගු රෝගීන්ට පැපොල් කොල යුෂ දෙන්න රාජිත සැරසේ…

අකලට රෝද පුටුවට වැටුණ
සිනමා නිළි අනුෂා සොනාලිගේ කතාව

කාලයක් සිනමාවේ හා ටෙලි තිරයේ මතකයේ රැඳෙන චරිත රඟමින් සැරිසැරූ අනුෂා සොනාලි පසු කලෙක විවිධ විෂමාචාරයන්ට සම්බන්ධ බවට පුවත් මැවුණා. ඇය එක්තරා කාලයක සිරගතවද සිටියා. ඉන් පසු අනුෂා සොනාලි වතු අධිකාරවරයෙකු සමග විවාහ වූ පුවතද අප ඔබ වෙත ගෙන ආවා. නමුත් ජීවිතය වෙනස් වන හැටි සිතාගන්නටත් අපහසුය.
 අද අනූෂාගේ තනියට ඉන්නේ ඇගේ අම්මයි එකම පුතයි පමණක් බව සති අන්ත පුවත්පතක් මගින් හෙළි කර තිබේ. වඩාත්ම ශෝචනීය ආරංචිය ඇය අකාලයේ රෝද පුටුවට වැටී ඇවිදින්නට අපහසු තත්වයක
පසුවීමයි.
 අනූෂාටයි අම්මටයි දෙන්නටම ඇප උපස්ථාන කරන්නේ අනූෂාගේ පුතා බවද වාර්තාවේ.

“මම ගැන පසුගිය කා‍ලේ විවිධ කට කතා පැතිරුණා. ඒ හැම එකක්ම අභූත චෝදනා කියලා මම කියන්නේ නැහැ. ඒ අතරින් සමහර ඒවා ඇත්ත. ඒත් දැන් මගේ පුතාට අවුරුදු 19යි. ඒ හින්දා හැමදේම පත්තරේකට සඳහන් කරන්න බැහැ...
පිරිමි වැරදි කරන තාක් කල් ගෑනු වරදෙ බැඳෙනවා.  නිළියක් විදියට මට හොඳ කාලයක් තිබුණා. මට චිත්‍රපට, ටෙලි නාට්‍යය ලැබුණා. ඒත් අපේ පෞද්ගලික ජීවිත අපි කරන වෘත්තියට බලපෑම් කරනවා. පෞද්ගලික
ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වුණා. මම දෙවතාවක්  විවාහ වුණත් ඒ දෙන්නා මගේ දේවල් ගත්තට මට ඒ අයගෙන් ලැබුණු දෙයක් නැහැ. ඔය අතරේ බොහෝ ගැටුම්කාරී දේවල් ජීවිතයට එල්ල වුණා. ඒ විදියට ජීවිතේ හැල හැප්පීම් සිදුවෙනකොට ජීවිතේ වෙනමම පැත්තකට ගියා. ඒත් එක්කම කලා ජීවිතයත් ඈත් වුණා.
මටයි අම්මටයි දෙන්නාටම තියෙන්නේ මාංශ පේශි අක්‍රියවීමේ රෝගය. අම්මට නම් ඇඳෙන් රෝද පුටුවට යන්නවත් බැහැ. කවුරුහරි උස්සලා තමයි රෝද පුටුවෙන්  තියන්න ඕන. මට නම් අල්ලගෙන රෝද පුටුවට එන්න පුළුවනි. මීට අවුරුදු හතරකට විතර කලින් තමයි මට මූලික රෝග ලක්ෂණ පහල වුණේ. කකු‍ලේ මාංශ පේශී මුලින් අක්‍රිය වුණා. ඇවිදීමේ අපහසුව, වැටෙන්න යන එක තමයි මුලදි ඇතිවුණේ. ඔය අතරේ මම වැටුණා. වැටුණට පස්සේ කකු‍ලේ අස්ථියක් බිඳිලා ගියා. ඒකට ප්‍රතිකාර කළා. ඒත් දැන් මගේ ශරීරයේ තුනටියෙන් පහළ පණ නෑ. ගේ දොර කටයුතු උයන පිහන කටයුතු ඔක්කොම කරන්නේ රෝද පුටුවේ ඉඳගෙන...
මම අද ඉන්නේ කුලී ගෙදරක. කුලිය ගෙවන්න බැරිව ගෙදරින් යන්න වුණොත් යන්න වෙන්නෙ මහ පාරටයි. පිට ඉඳන් බලන අය හිතන්නේ නළු නිළියෝ සුපිරි ජීවිත ගතකරනවා කියලා. ඒත් අපේ රටේ නළු නිළියන්ට ගෙවන්නේ කීයද කියලා දන්නේ අපියි. නිළියක් විදියට ඉහළ තැනක ඉන්න කාලෙවත් රඟපාලා ලොකු ගාණක් මට ලැබිලා නැහැ. ඉතුරු කරගත්තු දෙයකුත් නැහැ. කැළුම්, ප්‍රියන්ත, සනෝජා විනෝජා, සුනිල් ටී. සර්, ජයන්ත ධර්මදාස මහතා මට උදව් කරලා තියනවා. ගෙවල් කුලී ගෙවාගන්න විතරක් න‍ෙමෙයි එදා වේල කන එකටත් අද අනිත් අයගෙන් උදව් ඉල්ලන්න වෙලා.
මගේ පුතා රෙහාන් දීලක. ඉගෙන ගත්තේ සාන්ත තෝමස් විදුහ‍ලේ. සාමාන්‍ය පෙළ හොඳින්ම සමත්. ඒත් උසස් පෙළට යවන්න බැරි වුණේ ආර්ථික ප්‍රශ්න හින්දා. ඒවගේ පාසලක ඉගෙන ගත්තු දරුවෙක් ඕ ලෙවල් පාස්වෙලා ආර්ථික ප්‍රශ්න හින්දා ඇඩ්වාන්ස් ලෙවල් නොකර පාසල් ගමන නතර කරලා කිවුවොත් ඔයා වුණත් විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ තමයි අපේ ෙදෙවය. අද පුතාව රස්සාවකට යවන්න විදියක් නැත්තේ අම්මගෙයි මගෙයි කටයුතු හින්දා. අපි දෙන්නා මැරිල ගියා නම් පුතා එයාගේ අනාගතයත් ගොඩනගා ගනියි කියලා වෙලාවකට හිතෙනවා. පුතාට වයස 19යි. අඩි 5යි අඟල් 9ක් උසයි. මට ආසයි පුතා නළුවෙක් කරන්න. ඒත් ඉතින් මට දැන් කලා ක්‍ෂේත්‍රය එක්ක සම්බන්ධයක් නැහැනේ.
ජනාධිපතිතුමාටයි සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි ඉල්ලීම් කරලා තියෙන්නේ මට ගෙයක් ලබාදෙන්න කියලා. ලයිට් නැතත් කමක් නැහැ පහනක් පත්තු කරගෙන වැටිලා ඉන්න කාමර දෙකයි කුස්සියකුයි තියෙන ‍පොඩි ගෙයක් ලැබුණොත් ඇති. බඩගින්නේ හරි වැටිලා ඉන්න පුළුවන්නේ. ඉදිරිය කොයිවගේ වෙයිද කියලා දන්නේ නැහැ කරන්නට දෙයක් නැත්නම් ජීවිතේ නැතිකරගන්න එක තමයි දැන් මට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.

සාකච්ඡාව - ආරියවංශ කුලතිලක (ලක්බිම)
ඡායාරූප - මංජුල පෙරේරා



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අකලට රෝද පුටුවට වැටුණ සිනමා නිළි අනුෂා සොනාලිගේ කතාව
අකලට රෝද පුටුවට වැටුණ සිනමා නිළි අනුෂා සොනාලිගේ කතාව
http://ift.tt/2qfSR4r
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_152.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_152.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy