දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය
Homeවිශේෂ පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය

PropellerAds

එබැවින් මැයි දිනය යනු කම්කරු පංතියේ දිනය වේ. එය ලොවපුරා කම්කරු පංතිය හා පීඩිත ජනතාව  තමන් වෙත වඩාත් හොඳ ජීවිතයක් දිනාගැනීම සඳහා වන අභිලාෂ...

පාපතර භික්ෂුවක් පිළිබඳ කතා වස්තුව හෙවත් පහලගමින් ලැබෙන ‘ජීවිතයට සතුට’
වහලය කඩාවැටීමෙන් පාසල් දරුවන් 18 කට තුවාල
කිරිඇල්ලගේ දුවටත් ප්‍රභූ ආරක්ෂාව !
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය
එබැවින් මැයි දිනය යනු කම්කරු පංතියේ දිනය වේ. එය ලොවපුරා කම්කරු පංතිය හා පීඩිත ජනතාව  තමන් වෙත වඩාත් හොඳ ජීවිතයක් දිනාගැනීම සඳහා වන අභිලාෂය විදහා දක්වන දිනයද වේ.
 
එහෙත් මේ වන විට ලොව පුරාම මෙන්ම ලංකාවේද ධනේශ්වර පාලකයන් ලෝක කම්කරු දිනයේ අර්ථය විකෘති කොට එය තම පටු දේශපාලන අරමුණු සඳහා යොදා ගනිමින් සිටී. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවරදී පැය 08 ක වැඩ දිනයක් ඉල්ලා උද්ඝෝෂණය කළ කම්කරුවන්ට වෙඩි තැබූ, ඔවුන් මරා දැමූ, ධනපති පංතිය නියෝජනය කරන පාලකයෝම දැන් ලෝක කම්කරු දිනයේ අයිතිය කොල්ලකෑමට එකිනෙකා හා තරඟ වදිමින් සිටිති. එබැවින් ලෝක කම්කරු දිනයේ අයිතිය එහි සතුරන්ගෙන් බේරා ගැනීමේ සටනක්ද වැඩකරන ජනතාව ඉදිරියේ තිබේ. 
   
2017 ලෝක කම්කරු දිනය සමරන මේ මොහොත වන විට ලෝකය පුරා ධනවාදය, ධනපති  සමාජ ආර්ථික ක‍්‍රමය තම අසාර්ථකත්වය සහ දුෂ්ටත්වය වඩ වඩාත් වැඩියෙන් පෙන්වමින් සිටී. චිකාගෝ කම්කරු සගයින් පැය 08ක වැඩ දිනය ඉල්ලා කළ සටන දිවි පුදා ජයග‍්‍රහණය කළද, මෙය එම පැය 08ක වැඩ දිනයේ අයිතිය පවා යළි උදුරා ගනිමින් තිබෙන යුගයකි. ධනවාදය තුළ තවදුරටත් වැඩකරන ජනතාව ඇතුළු පීඩිත ජනතාවගේ අයිතීන් රැකගත නොහැකි බවත් දිනා ගත් අයිතිය පවා ධනපති ක‍්‍රමය තුළ අහෝසි වෙමින් තිබෙන බවත් භාවිතයෙන් ඔප්පු වී තිබේ. එබැවින් ධනවාදය ලෝක පරිමාණයෙන් පරදා නව සමාජයක් වෙනුවෙන්, වැඩකරන ජනතාවගේ පාලනයක් වෙනුවෙන් සංවිධානය වීම හැර අන් විකල්පයක් දැන් වැඩකරන ජනයා ප‍්‍රමුඛ පීඩිත ජනයාට ඉතිරි වී නැත. 
 
මේ මොහොත වන විට ලෝකයේත්, ලංකාවේත් ධනපති ක‍්‍රමය පවතින්නේ විසඳිය නොහැකි අර්බුදයකය. 2008 අගදී ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇරඹි මහා ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ලොව දියුණු රටවලට පවා තවම නොහැකි වී ඇත. ධනවාදයේ අර්බුදය විසින් වැඩකරන ජනතාව මත මහා බරක් පටවනු ලැබ තිබේ. ඔවුන් මත බදු බර පැටවීමත් රැකියා අහිමි කිරීමත් වැටුප් ඇතුළු අයිතීන් කප්පාදු කිරීමත් දිගටම සිදු වේ. ඉන් වැඩකරන ජනයා ඇතුළු පීඩිත ජනතාව විශාල දුෂ්කරතාවන්ට ලක්ව තිබේ. 
 
අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීහු ලෝකයේ රටවල සම්පත් කොල්ලකෑම සඳහා විශේෂයෙන් මැදපෙරදිග තෙල් සම්පත කොල්ලකෑම සඳහා මෙන්ම එම රටවලට යුද අවි වෙළඳාම් කිරීම සඳහා එම රටවල් එකිනෙකා කොටවීම, ඒවා ආක‍්‍රමණය කිරීම, තර්ජනය කිරීම දිගටම කරගෙන යමින් සිටිති. ඒ සඳහා විවිධ අන්තවාදී කල්ලි පෝෂණය කරමින් සැබැවින්ම ත‍්‍රස්තවාදයේ නියැලෙන අධිරාජ්‍යවාදීහු, ත‍්‍රස්තවාදය මැඩලීමට යයි පවසමින් වෙනත් රටවලට බලහත්කාරයෙන් කඩා වදිමින් ප‍්‍රහාර එල්ල කරමින් ධනවාදී ලෝකය යළි ම්ලේච්ඡුත්වය වෙත රැගෙන යමින් සිටිති.
 
මේ තත්වය තුළ ම්ලේච්ඡත්වයට එරෙහිව සමාජ ප‍්‍රගතිය සඳහා පෙරමුණ ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත පංතියටය. අධිරාජ්‍යවාදයත් ධනවාදයත් පරදා සමාජවාදය වෙනුවෙන් වන අරගලයට නව පණක් දීම හැර ලෝක වැඩ කරන ජනතාව ඉදිරියේ වෙනත් විකල්පයක් නැත. මෙම මැයි දිනයේදී ලොව පුරා වැඩකරන ජනයාගේ අදිටන විය යුත්තේ එයය. මේ වනවිට ලංකාවද දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව ඉන් ගොඩ ඒමට නොහැකිව ඒ තුළම ගිලෙමින් තිබේ. රට මත ගොඩගැසී ඇති දැවැන්ත ණය කන්දරාවත් විදේශ වෙළඳාමේ පාඩුව හා විදේශ වත්කම් විශාල ලෙස පහළ වැටීමත් නිසා රුපියල පවා බාල්දුවෙමින් විශාල අර්බුදයකට ම`ග විවර කර තිබේ. රටේ මූල්‍ය අර්බුදයේ බරපතළකම, ඩොලර් හිඟයේ බරපතළකම කොතරම්ද යන්න ඇමරිකන් ඩොලර් ලක්‍ෂ 03ක්  රැගෙන ලංකාවට එන  ඕනෑම විදේශිකයෙකුට ලංකාවේ වසර 05ක ස්ථිර පදිංචියට වීසා දීමට ආණ්ඩුව තීරණය කර තිබීමෙන්ම පෙනේ.  ඩොලර් මිලියන කිහිපයක් වෙනුවෙන් වරාය, ඉඩම්, දූපත් ඇතුළු වටිනා සම්පත් විදේශ සමාගම්වලට බදු දීමට හෝ විකුණා දැමීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන්නේද මේ අනුවය. තත්වය එසේ තිබියදී ජනතාව මත බදුබර වැඩිකර ඇති, ජනතාවගේ සහන කපන, රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප පවා කප්පාදු කරන, පෞද්ගලික අංශය සේවක අර්ථසාධක අරමුදල පවා කොල්ල කන  ආණ්ඩුව, ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීමටත් ගොඩනැගිලි ගැනීමටත් උත්සව සඳහාත් රුපියල් කෝටි ගණනින් නාස්ති කරමින් සිටී. මේ තත්වය තුළ වඩාත් පීඩාවට හා වේදනාවට ලක්වන්නේ වැඩකරන ජනයා ඇතුළු පීඩිත ජනතාවය. 
 
ආර්ථිකයේ අර්බුය එලෙස පවතිත්දී පාලක පංතියේ අර්බුදයද උත්සන්න වී තිබේ. හවුල් ආණ්ඩුවේ අවුල්ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෙදීමද විසින් පාලක කණ්ඩායමේ අර්බුදය මතුපිටට ගෙනවිත් තිබේ. වැඩකරන ජනතාවගේ සමගිය සංකේතවත් කරන මැයි දිනයේදී පවා ශ්‍රීලනිපය තමන්ද දෙකට බෙදී තමන් පසුපස එන පාක්‍ෂිකයාවද දෙකට බෙදා ගැනීමට ලැජ්ජාවකින් තොරව ප‍්‍රසිද්ධියේ කුලල් කා ගනිමින් සිටී.
 
ලංකාව තුළ මේ මොහොතේ මතුව ඇති අතිශය බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ? ඒ අන් කිසිවක් නොව ලංකාවේ ධනවාදයට මෙරට ජනතාව වෙනුවෙන් කිසිවක් අලූතින් නිර්මාණය කළ නොහැකි බවත් මෙම දුබල ධනපති ක‍්‍රමය වෙනස් කළ යුතු බවත්ය. බංකොලොත් ධනවාදය වෙනුවට නවීන සමාජවාදී සමාජයක් සඳහා නව සමාජ පරිවර්තනයක අවශ්‍යතාවය මේ මගින් යළි යළිත් අවධාරණය කෙරෙමින් තිබේ. ධනවාදයේ වත්මන් අර්බුදයට සැබෑ විසඳුම් සෙවීමට හෝ රටට ආර්ථික සංවර්ධනය හෝ ප‍්‍රගතිය ගෙන ඒමට එජාපයටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් වෙනත් කුඩා කල්ලි කණ්ඩායම්වලටත් නොහැක. ඒ සඳහා කම්කරු පංතිය ප‍්‍රමුඛ වැඩකරන ජනතාවත් පීඩිත ජනතාවත් පෙරමුණ ගත යුතුය. ඊට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන අතර, එම දේශපාලන නායකත්වය මේ මොහොතේ ලබා දිය හැකි විකල්ප වැඩපිළිවෙලක් ඇති, කැපවීම හා ධෛර්යය ඇති එකම පක්‍ෂය ජ.වි.පෙ. පමණකි. 
 
එබැවින් බංකොලොත් හා අර්බුදයට ගිය ධනවාදී ක‍්‍රමය පරදවා ඒ වෙනුවට ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කළ හැකි නව සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා එය ඉලක්ක කරගත් පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ  නායකත්වයෙන් වැඩකරන ජනතාව පෙරටු කොටගත් දැවැන්ත ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක්, ජනතා මධ්‍යස්ථානයක් ගොඩ නැගිය යුතුය. දැනටමත් ගොඩනැගෙමින් තිබෙන එම ජනතා ව්‍යාපාරය වඩාත් සවිමත් කළ යුතුය. ඒ වෙනුවෙන් අධිෂ්ඨානයෙන් යුතුව, කැපවීමෙන් යුතුව ක‍්‍රියාත්මක විය යුතුය. කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත පංතියේත්, සියලු ප‍්‍රගතිශීලී ජනතා බලවේගවලත් අයිතීන් දිනාගත හැක්කේත් ජනතාව සඳහා වඩා හොඳ හෙටක් නිර්මාණය කළ හැක්කේත් ගොඩනගන එවැනි ජනතා බලයක් මගිනි. එම ජනතා බලය ජයග‍්‍රහණය කිරිම මගිනි. එමගින් නව සමාජ පරිවර්තනයක් කිරීම මගිනි. එබැවින් ජනතාවට ජීවිතය වෙනුවට මරණය, ලෙඩ රෝග, වසංගත හා බලාපොරොත්තු කඩ වීම පමණක්, දුක හා වේදනාව පමණක් උරුම කරන වත්මන් පාලනයත් වත්මන් සමාජ ක‍්‍රමයත් පරදා නවීන සමාජවාදී සමාජයක් වෙනුවෙන් සටන් වදින ලෙසත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ වටා ඒකරාශී වන ලෙසත් අප මෙරට වැඩකරන ජනතාවගෙන්, ගොවි ජනතාවගෙන්, ධීවර ජනතාවගෙන්, තරුණයන්ගෙන්, කාන්තාවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන්, වෘත්තීයවේදීන්ගෙන්, උගතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සාහිත්‍ය කලාසූරීන්ගෙන්, පරිසරවේදීන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන් සියලූ මානව හිතවාදීන්ගෙන්, ප‍්‍රගතිශීලීන්ගෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් මේ මැයි දිනයේදී ඉල්ලා සිටිමු.  
 
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29420,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය
http://ift.tt/2qi63Fc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_995.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_995.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy