පවත්නා ක්‍රමවේදයට අනුව අමාත්‍යවරයාට ලබා දී ඇති ප්‍රභූ ආරක්ෂකයින් ඊට පරිබාහිර පුද්ගලයන්ගේ සේවාවන් සඳහා යොදවා ගත නොහැක. පළාත් සභා මන්ත්...
පවත්නා ක්‍රමවේදයට අනුව අමාත්‍යවරයාට ලබා දී ඇති ප්‍රභූ ආරක්ෂකයින් ඊට පරිබාහිර පුද්ගලයන්ගේ සේවාවන් සඳහා යොදවා ගත නොහැක.
පළාත් සභා මන්ත්‍රීවරයෙකුට හෝ නොමැති ප්‍රභූ ආරක්ෂාවක් ඇමතිගේ පෞද්ගලික ලේකම් නීතියට පිටින් ගොස් අත්පත්කර ගෙන ඇති බවයි තතු දන්නෝ අනාවරණ කරන්නේ. පළාත් සභා මන්ත්‍රීවරයෙකු වුවද ප්‍රභූ ආරක්ෂාවක් ලබා ගැනීමට ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශයක් ලබා ගතයුතු අතර ඔහුට හෝ ඇයට ජීවිත තර්ජන ඇති බව සහතික කළයුතුය. එසේ නොමැතිව ප්‍රභූ ආරක්ෂාවක් ලබා ගත නොහැක.
ඇමති පියාගේ බලය යොදා ගනිමින් ආරක්ෂකයන් පවා මෙහෙයවන එම දියණියට කුඩය ඇල්ලීමට පවා මේ ප්‍රභූ ආරක්ෂකයන්ට සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා පොලිස් මාධ්‍ය ඒකකය ඇමතූ අතර ඒ පිළිබඳ තොරතුරු ලබා දීම ඔවුන් ප්‍රතික්ෂේප කළේය.
COMMENTS