ප්‍රාථමික අංශයේ පස්වන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිත ළමුන් ඉගෙනුම ලබමින් සිටි එම ගොඩනැගිල්ලේ වහළය පෙරවරු දහයට පමණ කඩා වැටී ...
ප්‍රාථමික අංශයේ පස්වන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිත ළමුන් ඉගෙනුම ලබමින් සිටි එම ගොඩනැගිල්ලේ වහළය පෙරවරු දහයට පමණ කඩා වැටී තිබේ. ඒ වන විට දරුවන් වාර විභාගය ලියමින් සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ පිරිස් වහලයේ සුන්බුන් වලට යටවී සිටි දරුවන් බේරා ගෙන තිබේ.
වසර පනහකට වඩා පැරණි මෙම වහලයේ කොටසක් දිරාපත්වී කඩා වැටී තිබේ. සුන්බුන්වලට යටවූ දරුවන් සිව්දෙනෙකු බේරා ගැනීම සදහා වැඩි වේලාවක් ගතවී තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල වන බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. සිද්ධිය හේතුවෙන් පංතියේ රැදී සිටි ගුරුවරියක ද තුවාල ලබා ඇතැයි පාසල් ප්‍රකාශකයෙකු පැවසීය.
තුවාල ලැබූ දරුවන් අවුරුදු දහය වයසේ පසුවන අතර ඔවුන් යක්ගහපිටිය ප්‍රාදේශීය රෝහලට සහ මහනුවර මහ රෝහලට ඇතුලත් කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිනියගෙන් කරුණු විමසූ නමුත් මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බව ඇය සදහන් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS