දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මම ආදර්ශමත්ව තමයි පාසලේදී ළමයි ඉදිරියට යන්නෙ - දුලානි
Homeගොසිප්

මම ආදර්ශමත්ව තමයි පාසලේදී ළමයි ඉදිරියට යන්නෙ - දුලානි

PropellerAds

මේ දවස්‌වල බන්ධනයකට අහුවෙලා කියල ආරංචියි. ඔව්. මුලින්ම බන්ධනය වුණේ උදයකාන්ත කියන නමට. ඊළඟට ප්‍රවීණ ජනප්‍රිය මගේ සහෝදර නළු-නිළි පිරිස එක්...


මේ දවස්‌වල බන්ධනයකට අහුවෙලා කියල ආරංචියි.

ඔව්. මුලින්ම බන්ධනය වුණේ උදයකාන්ත කියන නමට. ඊළඟට ප්‍රවීණ ජනප්‍රිය මගේ සහෝදර නළු-නිළි පිරිස එක්‌ක වැඩ කිරීමට අවස්‌ථාව ලැබීම සත්තකින්ම මේ චිත්‍රපටය මට සුවිශේෂී බන්ධනයක්‌.



කොහොමද ලැබෙන ප්‍රතිචාර

දැනට හුඟ දෙනෙක්‌ මේ ගැන හොඳ කතා කරන නිසා ඉදිරියේදී තවත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල හිතනවා.

කාලෙකට පස්‌සේ නේද කළු -සුදු චිත්‍රපටයකට වැඩ කරන්න ලැබුණේ.

කාලෙකට පස්‌සේ නෙමෙයි මේක මගේ ප්‍රථම කළු සුදු චිත්‍රපටය, අද කළු - සුදු චිත්‍රපට හැදෙන්නෙම නැහැනෙ. ඒ නිසා මේක මට ලැබුණු දුර්ලභ අවස්‌ථාවක්‌ විදියටයි මම සලකන්නේ.

ඉතිහාස කතාවලින් මිදිල වෙනස්‌ම ආකාරයේ චරිතයක්‌ ලැබීම ගැන මොකද හිතෙන්නේ.

රංගන ශිල්පිනියක්‌ විදියට එකකට එකක්‌ වෙනස්‌ චරිත ලැබෙනවට තමයි මම කැමැති. මේකත් මට ලැබුණු හොඳ චරිතයක්‌. මම ඒකට සාධාරණය ඉටු කළා.

තිරයේ ජනප්‍රියම පෙම්වතා වූ හේමාල් සමඟ රඟපෑමට ලැබීම මොනවගේ අත්දැකීමක්‌ද?


ඇත්තටම මෙතැනදී තිබුණෙ හේමාල් සමඟ රඟපෑමේ විශේෂය නෙමෙයි. ඔහු සහ මම තරුණ මවක්‌ - සහ පියෙක්‌ විදියට රඟපෑමේ විශේෂයයි. කොහොම වුණත් වෙනස්‌ ම ආකාරයේ අත්දැකීමක්‌.

ඉතිහාස කතාවල රඟපෑව ඇති කියල හිතෙන්නෙ නැද්ද?

මට ලැබෙන චරිත අතරින් මට කරන්න පුළුවන් චරිතයකට සාධාරණය ඉටු කිරීම තමයි, මගේ කාර්යභාරය. මේ හරහා මට හැමෝම සතුටු කරන්න බැරි වුණත් බහුතරයකගේ ආදරය ලබමින් කටයුතු කරනව මිසක්‌ එවැනි රඟපෑම් ඇතියි කියල හිතලා නෑ.

ඔය අතරේ සරණ බන්ධනේට ලෑස්‌ති වෙනව කියලත් ආරංචියි.

දැනටනම් ඒ සඳහා කිසිම ලෑස්‌තියක්‌ නෑ. ඉදිරියේදී එහෙම දෙයක්‌ වෙන්න පුළුවන්. ඒත් ඉතින් කා එක්‌කද කවදද කොහෙදිද කියන්න බෑ.

බොහෝ නළු නිළියෝ කුණු අවුස්‌සනව කියල මාධ්‍යයට ගොරවනවා ඔබත් එහෙමද?

එහෙම කෙනෙක්‌ගෙ කට පාලනය කරන රිමෝට්‌ එක තියෙන්නෙ තමන්ගෙ අතේ. මාධ්‍ය අපෙන් අහන්නෙ මොනවද කියලා හොඳින් තේරුම් අරන් උත්තර දුන්නම කවදාවත් මාධ්‍යයට ගොරවන්න වෙන්නේ නෑ.

ගුරුවරියක්‌ නිසාද රියෑලිටිවලට ආරාධනා නැත්තෙ?

ආරාධනාවලින් නම් අඩුවක්‌ නෑ. ඒත් ඒවට වෙලාව වෙන්කර ගන්න එක තමයි ප්‍රශ්නෙ. පාසලේ වැඩ අතපසු කරන්න මම කොහොමත් කැමැති නෑ. විශේෂම දේ තමයි අන්‍යවශ්‍ය තරගකාරිත්වයට මා තුළ ඇති අකැමැත්ත.

සත්‍ය හෝ අසත්‍ය කටකතා නිසා පාසල් දරුවන් ඉදිරියට යන්න චකිතයක්‌ නැද්ද?

මෙතෙක්‌ එහෙම ප්‍රශ්නයක්‌ වෙලා නෑ. මම ආදර්ශවත් විදියට තමයි හැම වෙලාවෙම දරුවන් ඉදිරියට යන්නෙ. තමන්ගෙ හෘද සාක්‍ෂියට එකඟව වැඩ කළාම කිසි කෙනෙක්‌ ඉදිරියට යන්න චකිතයක්‌ ඇති වෙන්නේ නෑ.

කොහොමද පාසල් දරුවන් සමඟ ගෙවෙන ජීවිතේ

ඉතාමත් සුන්දරයි. අද අපේ දූ දරුවන් සෞන්දර්ය පැත්තට යොමු නොවීම තමයි දුකකට තියෙන්නේ.

ගුරු වෘත්තියෙන් ඈත්වෙලා පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌ වුණොත් හොඳයි කියල හිතිලම නැද්ද?

මේ තාක්‌ එහෙම හිතිලත් නෑ. ඉස්‌සරහට හිතෙන එකකුත් නෑ. ගුරුවරිය සහ රංගන ශිල්පිනිය කියන තනතුරු දෙකම නිවැරැදිව හොබවන්න පුළුවන්කම මට තියෙනවා. දිවි ඇතිතුරා මේ දෙක සමබරව හොබවනවා.

පසුගිය කාලෙ දුලානිට තිබුණ ප්‍රශ්න දැන් ඉවරද?

ප්‍රශ්න නම් එදත් තිබුණා. අදත් තියෙනවා. හෙටත් තියෙයි. හැබැයි මම කවදාවත් ඒ ප්‍රශ්න ඉදිරියේ සැලෙන කෙනෙක්‌ නෙමෙයි ඕනම ප්‍රශ්නයක්‌ ආවම මම ඒක අදාළ කෙනාත් එක්‌ක විසඳගන්නවා.

ධම්මික හේවාවසම් (මීවිත)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම ආදර්ශමත්ව තමයි පාසලේදී ළමයි ඉදිරියට යන්නෙ - දුලානි
මම ආදර්ශමත්ව තමයි පාසලේදී ළමයි ඉදිරියට යන්නෙ - දුලානි
http://ift.tt/2oxaGaC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_516.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_516.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy