දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාස්පොත එස් අයි මැරූ ප්‍රධාන සැකකරු ‘මාතර රොෂාන්‘ පොලිසිය සමග සටනකින් පසු මරු දකී
Homeගොසිප්

මාස්පොත එස් අයි මැරූ ප්‍රධාන සැකකරු ‘මාතර රොෂාන්‘ පොලිසිය සමග සටනකින් පසු මරු දකී

PropellerAds

මාස්පොත එස් අයි මැරූ ප්‍රධාන සැකකරු ‘මාතර රොෂාන්‘ පොලිසිය සමග සටනකින් පසු මරු දකී පසුගිය 2016 නොවැම්බර් මස කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළ...

ඩග්ලස් දේවානන්දාට මහින්ද පිලෙන් බලපෑම්.
සියලු ආණ්ඩුකාරවරුන්ට මාරුවක් : රෙජිනෝල්ඩ්ට ලොකු ඉල්ලුමක්!
සංගීතාගේ මව මියයයි.

මාස්පොත එස් අයි මැරූ ප්‍රධාන සැකකරු ‘මාතර රොෂාන්‘
පොලිසිය සමග සටනකින් පසු මරු දකී

පසුගිය 2016 නොවැම්බර් මස කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මාතර රොෂාන් නමැත්තා අද දහවල් හම්බන්තොටදී පොලිසිය සමග සිදුවූ බව කියන වෙඩි හුවාමාරුවකින් පසු මියගොස් ඇත.
ඩී කේ චමින්ද හෙවත් මාතර රොෂාන් නමින් හැඳින්වූ මෙම අපරාධකරු අල්ලාගැනීම සඳහා කොළඹ සිට හම්බන්තොට වෙත විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබි ඇති අත.ර ඔහු කොටුවූ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක්ද
සිදුව තිබේ. මෙම අවස්ථාවේ පොලිස් වෙඩි තැබීමෙන් අදාළ සැකකරු මියගොස් ඇත. සිද්ධිය නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාලවී තිබෙන අතර ඔවුන් මේ වනවිට හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
කුරුණෑගල, මාස්‍පොත, වැලගනේ ප්‍රදේශයේ හෝටලයක නතර කර තිබූ සැකකටයුතු

මෝටර් රථයක් පරීක්ෂා කිරීමට කුරුණෑගල මූලස්ථාන ‍පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු ගිය අවස්ථාවේ රථයේ පැමිණි
දෙදෙනාගෙන් අයකු සිදුකළ වෙඩි තැබිමෙන් උප ‍පොලිස් පරීක්ෂකවරයා මිය ගොස් ‍පොලිස් සැරයන්වරයකු සහ ‍පොලිස් කොස්තාපල් රියැදුරුවරයකු තුවාල ලබා රෝහල් ගතකරන්නට සිදු විය.
පසුගිය නොවැම්බර් මස 15 වනදා රාත්‍රි 10.00 ත් 10.30ත් අතර කාලයේදී මෙම වෙඩිතැබිම සිදුවී තිබුණි.
එම වෙඩි වැදී මියගියේ ඇත්තේ කුරුණෑගල මූලස්ථාන ‍පොලිසියට අනුයුක්තව සේවය කළ කුරුණෑගල, වඳුරාගල,නාගොල්ල, ධර්මපාල මාවතේ පදිංචිකරුවකු වන උප ‍පොලිස් පරීක්ෂක
ලංසකාර හේරත් මුදියන්සේලාගේ දසනායක නමැති 59 හැවිරිදි අයෙකි. ඔහු 2017 වසරේ මාර්තු මාසයෙදී විශ්‍රාම යාමට සිටි නිලධාරියෙකි.
කුරුණෑගල, මාස්‍පොත, වැලගනේ ප්‍රදේශයේ පිහිටා තිබෙන පැරඩයිස් නමැති උත්සව ශාලාවට සිද්ධිය වූ දිනයේ පස්වරු 6.30 ට පමණ සුඛෝපභෝගි හයිබ්‍රිඩ් වර්ගයේ සුදු පැහැති මෝටර් රථයකින්
පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණි. උත්සවශාලාවට පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා එදින රාත්‍රිය ගත කිරීම සඳහා හෝටලයේ කළමනාකරුගෙන් කාමරයක් ඉල්ලා ඇත. උත්සවශාලාවක් බැවින් එහි නවාතැන්
ගැනීමට කාමර ලබා නොදුන්නද, මෙම පුද්ගලයින් වැදගත් අයවලුන් යැයි සිතා එහි කළමනාකරු නතර වීමට කාමරයක් ලබාදී ඇත. නවාතැන් ගැනීමට පැමිණි දෙදෙනා එහි කළමනාකරුට පවසා ඇත්තේ පසුදින (16)
උදෑසන පිටත්ව යන බවය.
මේ අතර, සුදු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ සුපිරි මෝටර් රථයක් පැහැරගෙනයාමේ සිද්ධියක් සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංකය (119) ඔස්සේ කුරුණෑගල මූලස්ථාන ‍පොලිසියට වාහන කුලී පදනම මත
ලබාදෙන ස්ථානයකින් එදින රාත්‍රි පැමිණිල්ලක් ලැබි තිබුණි. ජී.පී.එස්.තාක්ෂණය අනුව සිදුකරන ලද පරීක්ෂාවේදී එම වාහනය කුරුණෑගල, මාස්‍පොත ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර
ඇතැයිද එම පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණි. මෙම මෝටර් රථයේ හිමිකරුවන් කිහිප දෙනෙකු සිට ඇති අතර එහි අවසන් වරට අයිතිකරු වී ඇත්තේ වාහන කුලී පදනම මත සපයන ස්ථානයකටය. එම මෝටර් රථය කුළී
පදනම මත ලබාගෙන එය ආයතනයට බාර නොදී පැහැරගෙන ගොස් තිබුණි.
ඒ අනුව එදින රාත්‍රි ‍පොලිස් ජංගම මුර සංචාරයේ නිරතව සිටි උප ‍පොලිස් පරීක්ෂක දසනායක, ‍පොලිස් සැරයන් උභයකෝන් බණ්ඩාර යන අය සහ ‍පොලිස් කොස්තාපල් රියැදුරු සුභසිංහ යන තිදෙනා
‍පොලිස් ජිප් රථයෙන් පෙරේදා රාත්‍රි මාස්‍පොත ප්‍රදේශය බලා පිටව ගියෝය.
මෝටර් රථය ඇතැයි පැවසෙන මාස්‍පොත, පැරඩයිස් නමැති හෝටලයට ගිය ‍පොලිස් නිලධාරීන්ට සුදු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය තිබෙනු දැක ඇත. මෝටර් රථයේ පැමිණි අය හමුවීමට අවශ්‍ය බව ‍පොලිස් නිලධාරීන් හෝටල් සේවකයින්ට පවසා ඇත.
ඒ අනුව, මෝටර් රථයේ පැමිණි දෙදෙනා වාහනයේ ලිය කියවිලි සහ ඔවුන්ගේ හැඳුනුම්පත් ‍පොලිස් නිලධාරීන්ට පෙන්වා ඇත. නමුත්, උප ‍පොලිස් පරීක්ෂකවරයා ඇතුළු ‍පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන්
දෙදෙනා නවාතැන්ගෙන සිටින කාමරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත. උත්සවශාලාවේ ඉහළ මාලයට ගිය ‍පොලිස් නිලධාරීන් ඔවුන්ගේ කාමරය පරීක්ෂා කිරීමේදී එක් අයකු කාමරයේ ඇඳුම් බෑගයක තිබූ
පිස්තෝලයක් වහා එළියට ගෙන දිගට හරහට වෙඩි තබමින් අනෙක් පුද්ගලයා සමග පලා ගොස් තිබේ.
උප ‍පොලිස් පරීක්ෂකවරයාගේ පපුව ප්‍රදේශයට වෙඩි වැදී තිබූ අතර, ඔහු රෝහලට රැගෙන යන අවස්ථාවේ මිය ගියේය. ‍පොලිස් සැරයන්වරයාගේ පාදයකටද, ‍පොලිස් කොස්තාපල් රියැදුරුවරයාගේ
උදරය ප්‍රදේශයටද වෙඩි වැදී තිබුණි.


මෙම අවස්ථාවේ සැකකාර පුද්ගලයින් දෙදෙනා හෝටලයේ අඩි තුනක් පමණ උස් තාප්පයකින් පැන ඇස්බැස්ටෝස් තහඩු ගබඩා කර තබන විශාල ඉඩමකට පැන යන අවස්ථාවේ වෙඩි වැදී තුවාල ලබා සිටි
‍පොලිස් කොස්තාපල් රියැදුරු සුභසිංහ යන නිලධාරියා ඔවුන් පසු පස හඹා ගොස් ඇත. එහිදී එක් සැකකරුවෙකු සමග ‍පොරබදා ඇත්තේ ඔහු කෙලෙස හෝ අත්අඩංගුවට ගැනීමටය. එම අවස්ථාවේ ‍පොලිස්
කොස්තාපල් රියැදුරුගේ නිල අඳුමද ගැලවී ඉරී ගිය අතර, සපත්තු යුගල සහ බඳ පටියද ගැලවී ගොස් තිබේ. සැකකරු ‍පොලිස් නිලධාරියා සමග ‍පොරබදා අනෙකා සමග පලා ගොස් ඇත්තේ එම ඉඩමේ තිබූ
දැල් සහිත කම්බි වැටක්ද කඩාගෙනය. වැට කඩාගෙන ගිය දෙදෙනා ඒ අසල වූ මඳක් ගැඹුරැති ඇළකටද වැටී ඇතත්, එතැනින්ද පලා ගොස් තිබිණි.
‍පොලිස් නිලධාරීන්ට වෙඩි තැබිමට යොදාගත් පිස්තෝලය රැගෙන අනෙක් සැකකරු පලාගොස් ඇතැයි පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුණි.
‍පොලිස් අත්අඩංගුවට පත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ අයකු බවද පැවසේ. ‍පොලිස් කොස්තාපල් රියැදුරු සමග ‍පොරබදා පලා යන්නට තැත් කළේ ඔහු බව ‍පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙම
පුද්ගලයා කොළඹ පාතාල කල්ලි සාමාජිකයකු වන ‘රොහා’ නමැති අය බවත් මීට මාස කීපයකට ඉහත දී මහර උසාවිය අසල දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ඔහු  සම්බන්ධ වීම හේතුවෙන්
මහනුවර ප්‍රදේශයේ සැඟවී සිට ඇතැයි ද ‍පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඔහු මහනුවර සිටින බව ‍පොලිසියට තොරතුරු ලැබිම හේතුවෙන් ඔහු කොළඹට බලා එමින් සිටිය දී මෙම උත්සවශාලාවේ නවාතැන්
ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි සිය හිතවතකු වූ විශේෂ බළකායේ හිටපු සාමාජිකයකු ද සමගය.
උ.‍පො.පරීක්ෂකවරයා ඇතුළු පිරිසට වෙඩි තබා ඇත්තේ මෙම විශේෂ බළකා හිටපු සාමාජිකයා විසින් බව අනාවරණය විය. ඔහු මාතර රොෂාන් නමින් හඳුන්වන පාතාල නායකයකු බවද හෙළි විය. ඔහු හෝටලයේ රැඳී සිට ඇත්තේ නුවරට ගිය සිය බිරියගෙන් දුරකතන ඇමැතුමක් ලැබෙන තුරු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි ව තිබුණි.
සිය බිරිය සමඟ නුවර ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන සැඟවී සිටි මෙම සැකකරුට එහි රැඳී සිටීම අනතුරුදායී බවට ලැබුණු ඉඟියක් නිසා ඔහු පදිංචි ස්ථානයෙන් පිටව යෑමට නිවෙසේ තිබූ බඩු ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට බිරිය පිටත්කර යවා තිබිණි.
බිරිය බස් රියෙන් නුවරට පිටත් කළ සැකකරු මෙම හෝටලයේ රැඳී සිට ඇත්තේ බිරියගෙන් දුරකතන ඇමැතුමක් ලද විගස කුරුණෑගලින් ලොරියක් ගෙන සිය සගයා සමඟ නුවර බලා යෑමට බව එකල වාර්තාවිය.
මෙම පාතාල නායකයා 2002 වසරේ සිට අපරාධවලට හවුල් වීමට තුඩු දුන් හේතුන් මෙන්ම ඔහු අපරාධකරුවකු බවට පත්වූ අන්දම පිළිබඳ පසුබිම් විස්තර පොලිසිය හෙළි කරගෙන තිබුණ අතර අද වැටළීම සිදුවූයේ ඔහු ගැන පසුගිය කාලය පුරාම සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුවය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාස්පොත එස් අයි මැරූ ප්‍රධාන සැකකරු ‘මාතර රොෂාන්‘ පොලිසිය සමග සටනකින් පසු මරු දකී
මාස්පොත එස් අයි මැරූ ප්‍රධාන සැකකරු ‘මාතර රොෂාන්‘ පොලිසිය සමග සටනකින් පසු මරු දකී
http://ift.tt/2qic01g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_383.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_383.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy