දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්
Homeවිශේෂ පුවත්

බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්

PropellerAds

වෙනස් නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ්‍රන්ත පිරුණු “චයිනමන්” පොත මගේ හිත ගත්තේ  පිටුවක් ,පිටුවක් පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත් . හිත...

මහේෂ් සේනානායක ජනපතිවරණයට?
මැතිවරණ කොමිශන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්
එජාපයේ වැඩ ගැන තිස්ස කනස්සල්ලෙන්
බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්
වෙනස් නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ්‍රන්ත පිරුණු “චයිනමන්” පොත මගේ හිත ගත්තේ  පිටුවක් ,පිටුවක් පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත් . හිත ඇදගන්නම කියාපු කුතුහලේ නිසා වගේම තමයි බීම නැත්තං අඩි ගැහිල්ල ගැන ලෝභ නැතිව අත දිග ඇරලා ලියලා තියෙන එක .ඉතින් මගෙ ජීවිතේට කියවාපු හොඳම පොත චයිනමන් කියලා මම කියන්නේ අන්නේකයි .. 
 
පොත පුරා තියෙන ක්‍රිකට්  විස්තරත් අතරේ හරි ලස්සනට අපේ කම මික්ස් කරලා තිබුණා . මං නං ඔය ක්‍රිකට් වලට එච්චර ලැදියාවක් තියෙන එකෙක් නෙවෙයි ..සල්ලි වලට ජිල් ගැහීම . එල්ලෙ බලා ගල් ගැසීම වගේ ගේස්ම් ප්ලේ කරන කෙනෙක් .. ඒත් මට පොත අල්ලලා ගියා . 
 
ඒ පොතේ පිටුවක් පිටුවක් පුරාම මහ අපූරු අපිළිවෙළක් තිබුණා .. ඒ අපිළිවෙළත් පොතට එකතු කළේ මාරම ගතියක් ..ආතල් එකක් . ඉතින් මේ හැම දේම එක්ක ලස්සන ස්ටාර්ට් එකක් ගත්ත මම දවස් එක හමාරක් තිස්සේ කියවලා කියවලා චයින්මන් ඉවර කළානේ .. 
 
ඊට පස්සේ තමයි හොඳම හරිය . සාමාන්‍යයෙන් පොතක් කියෝලා ඉවර කළාම වැඩේ ඉවරයි . ඒත් චයිනමන් එහෙම නෑ . කියෝලා ඉවර වුණාම තමයි වැඩේ පටන් ගන්නේ .. 
 
පොත කියෝලා ඉවර කරපු මං ගූගල් එක පීර පීර මේ කථාවේ කථා නායකයා "ප්‍රදීප් මැතිවු .." ගැන සොයන්න පටන් ගනිපු එකත් පොඩි පිස්සුවක් වගේ .. 
 
චයිනමන් පොතේ ඉන්න ඩබ්ලිවු ජී කියන බේබදු ක්‍රිඩා විචාරකයා.. හුරේ හුටං කියලා ප්‍රදීප් මැතිවුව හොයද්දී .. මම ගූගල් එකේ ප්‍රදීප් මැතිවු හොයා බැලුවා . විටෙක සිංහලෙන් , විටෙක ඉංග්‍රීසියෙන් .. ඒ හොයන අතරේ මට තේරුණ එක දෙයක් තමා .. ප්‍රදීප් මැතිවු හොයලා තියෙන්නේ මං විතරක් නොවෙන වග .. චයිනමන් කියවලා ප්‍රදීප් මැතිවුගේ හපංකං අතරේ මං මුළා වෙච්ච එකම කෙනා මං නොවෙයි කියන එකට ගූගල් සර්ච් රිසල්ට් එක සාක්කි .. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි . මේ පොතේ අකුරු අස්සේ ඉබේටම මගේ ඇඟට රිංඟාගත්තු අමුතුම කුතුහලයක් . අනිච්චානුක ප්‍රතීක ක්‍රියාවක්ද මොකක්ද..
 
චයින්මන් පොතේ පිටක් දෙකක් මෙතන උපුටා දැක්වන්නම් .. ඔබටත් ඒ අමුතු පොත ගැන තීරණය කරන්න .
 
//ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ප්‍රදීප් මැතිව් කිව්වම කවුරුත් අහන්නෙ කවුද ඒ? අපි අහල නෑනෙ. කියලයි. මේ දැන්. ඔබට වුණත් එහෙම හිතෙනව නම් ඒ ගැන පුදුම වෙන්නෙ නෑ. 
මං මේ ගැන දිගට හරහට හොයල තියෙනවා. මිනිහ සෙල්ලම් කල තරඟයක් තරඟයක් ගානෙ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මේ රටේ හොඳම, විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකය ගැන කිසි කෙනෙක් නොදන්නෙ ඇයි?
හේතු ගොඩක් තියෙනව. වැරදි කාලෙ, වැරදි තැන මිනිහ හිටියෙ. සල්ලි, කම්මැලිකම, දේශපාලනේ, ජාතිවාදෙ, කැපිලි, ලයිට් කැපිලි,(ඒ කිව්වෙ විදුලි බලය) එහෙමත් නත්නම් කාලකණ්ණි කම... 
ඔන්න ඔය වගේ පිළිවෙළක් නැති ඒවා. මං මේ ගැන ලියන්න ගත්තට කිසි කෙනෙක් මේක කියවයිද, නැද්ද කවුද දන්නෙ... ඒකත් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. – //
(නව වෙනි පිට )
 
චයිනමන් ගැන හදපු පුංචි ට්‍රේලර් එකක් මෙතනින් බලන්න 
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=cYw1Y4Xjc_0[/youtube]
 
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්
බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්
http://ift.tt/2jdKF0B
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_706.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_706.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy