දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවුරුදු 13 මාව බැලුවෙ නැති දරුවො අද මට මඩගහනවා - වික්ටර් හෂිනි සමග එක්ව ප්‍රකාශයක්
Homeගොසිප්

අවුරුදු 13 මාව බැලුවෙ නැති දරුවො අද මට මඩගහනවා - වික්ටර් හෂිනි සමග එක්ව ප්‍රකාශයක්

PropellerAds

අවුරුදු 13 මාව බැලුවෙ නැති දරුවො අද මට මඩගහනවා. වික්ටර් නම නැතිව ඔවුන්ට අනන්‍යතාවයකුත් නෑ - වික්ටර් හෂිනි සමග එක්ව ප්‍රකාශයක් පසුගිය...

විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු
රන්ජන් දෙරණට ඇවිත් හිරුට බනී
මාලඹේ SAITM ගැන පේරා කැම්පස් එකෙන් කරපු සිංදුව


අවුරුදු 13 මාව බැලුවෙ නැති දරුවො අද මට මඩගහනවා.
වික්ටර් නම නැතිව ඔවුන්ට අනන්‍යතාවයකුත් නෑ
- වික්ටර් හෂිනි සමග එක්ව ප්‍රකාශයක්


පසුගිය මාසයේ ‘ගොසිප් තරුව‘ බවට පත්වෙමින් ආන්දෝලනාත්මක පුවත් මැවූ වික්ටර් -හෂිනි අසම්මත විවාහක යුවළ මෙවර සතිඅන්ත පුවත්පතකට මේ දක්වා නොකී කරුණු රැසක් හෙළි කර තිබෙනවා.
වික්ටර් රත්නායක සිය නව බිරිඳ හෂිනි සමග අත්වැල් බැඳගෙන පවසන්නේ තමන් ගැන අවුරුදු 13 ක් තිස්සේ දරුවන් නොබැලූ බවයි. තමාගේ තනිකම ගැන නොසිතූ අය අද මඩ ගසන බවත් තමාගේ නම නොමැතිව ඔවුන්ට අද පැවත්මක් හෝ නැති බවත් පවසන වික්ටර්
ඉදිරියේදී කිසිදු සංගීත කටයුත්තක් දරුවන් සමග නොකරන බවටත් ඔවුන් සමග නැවත පෑහීමක් කිසි විට සිදු නොවන බවටත් කෝපාන්විත ප්‍රකාශයක්ද සිදු කර ඇත.
හෂිනි මෙහිදී බැංකු ගිණුමේ මුදල් නිසා වික්ටර් හා විවාහ වූ කතාව ප්‍රතික්ෂේප කර ඇති අතර ආදරයට වයස් පරතරයක් නැති බවටද ප්‍රකාශ කර ඇත.
එම සම්පූර්ණ සාකච්ඡාව පහතින්


ගෙවල් දොරවල් ලස්සන කරලා මෙදා සැරේ අලුත් අවුරුද්ද ජයටම සමරන්නද සූදානම් වෙන්නේ?

හෂිනි - අවුරුදු කියලා විශේෂයක් නෑ. කොහොමත් මහත්තයා පිළිවෙළට ඉන්න කැමැතියි. හුඟකාලෙකින් ගෙදර අලුත්වැඩියා කරලත් නොතිබුණු නිසායි මේ වැඩකටයුතු පටන් ගත්තේ.

නව යුවළක් විදිහට ගතකරන මුල්ම අලුත් අවුරුද්ද නේද මේ එළැඹෙන්නේ?

හෂිනි - ඒකනම් ඇත්ත තමයි. ඒත් අපේ ඇසුරට විවාහයේ අත්සන කියන්නේ ‍පොඩි දෙයක් විතරයි. ඒ නිසා සාමාන්‍ය විදිහට තමයි මේ අලුත් අවුරුද්දත් සමරන්න හිතාගෙන ඉන්නේ.

විවාහ වුණේ මෑතකදි වුණාට දෙන්නාගේ ඇසුර නම් ටිකක් පැරණියි නේද?

හෂිනි - ඔව්. අපි මුලින්ම මුණගැහුණේ 2006 වසරේදියි. ප්‍රසංගයකදී හමුවෙලා ඇතිකරගත් හිතවත්කම විවාහය දක්වා දුරදිග ගියා.

විවාහය සිදුවුණේ කොයි කාලයේදීද?

හෂිනි - පසුගිය පෙබරවාරි මාසයේදී තමයි අපේ විවාහය සිද්ධ වුණේ.

විවාහයට හෂිනිගේ දෙමාපියන් කැමැති වුණාද?

හෂිනි - මුලින් කැමැති වුණේ නැහැ. ඔවුන්ගේ ආශීර්වාදය ලැබිලා දැන් සති දෙකක් විතර ඇති.

වික්ටර් රත්නායක නැවත විවාහ වේවි කියලා කවුරුවත් බලා‍පොරොත්තු වුණේ නැහැ. ඒ නිසා මෑත කාලයේ අපේ රටේ වඩාත්ම කතාබහට ලක්වූ විවාහය බවට මෙය පත්වුණා?

වික්ටර් - පළමු විවාහයේ බිරිඳ නැතිවෙලා ගතවුණු පසුගිය අවුරුදු 13 පුරාම මම කන්නේ, බොන්නේ කොහොමද මගේ වෙනත් අවශ්‍යතා ඉටුකරගන්නේ කොහොමද කියලා කවුරුවත් මගෙන් ප්‍රශ්න කරලා නැහැ. මම හිටියේ තනිවෙලයි. කවුරුත් මගේ අවශ්‍යතා ගැන හෙව්වේ නැහැ. ඒත් අද ඔවුන් මට මඩගහනවා. මට ආදරය කරන සහ මමත් ආදරය කරන කෙනෙක් එක්ක නැවත ජීවිතය ගොඩනගාගන්න මා උත්සාහ දරපු එකේ වරදක් මම දකින්නේ නැහැ.

අවුරුදු 40කටත් වැඩි වයස් පරතරයක් ඔබ දෙදෙනා අතරේ තියෙනවා. ඒ නිසයි මේ විවාහය බොහෝ අයට අමුත්තක් වුණේ?

හෂිනි - අපේ බැඳීමට වයස් පරතරය කියන සාධකය කොහෙත්ම අදාළ නැහැ. කවුරුහරි කීවොත් විතරයි මට ඒ ගැන මතක්වෙන්නේ.
වික්ටර් - අපේ සංස්කෘතිය තුළ තිබෙන අටුවම් බැහැපු සමහර දේවල්වලින් පිටට ඇවිල්ලා ජීවත්වෙන්න මිනිස්සු උත්සාහ දරන්නේ නැහැ. ආදරයට වයස් පරතරය බාධකයක් ‍නෙවෙයි. ආදරය කියන්නේ දෙදෙනාගේ අනේ‍යාන්‍ය අවබෝධය සහ කරුණාව, දයාව, මෛත්‍රිය ආදිය එකතුවෙලා බැඳෙන බැම්මක්. ඒ නිසා මේ විවාහයේ කිසිදු වරදක් මා දකින්නේ නැහැ.

දෙමව්පියන්ගේ විරෝධතා නොතකා යුගදිවියට පිවිසීම තරුණ වයසේ අය අතරේ නම් සාමාන්‍ය දෙයක්. නමුත්, වයසින් පරිණත වූ කෙනෙකු විදිහට ඔබ එවැනි පියවරක් ගත්තේ ඇයි?

වික්ටර් - මගේ පළමු විවාහයටත් බිරිඳගේ පාර්ශ්වයෙන් විරෝධතා ආපු අවස්ථා තිබුණා. පසුකාලීනව ඒවා විසඳගෙන අපි විවාහ ජීවිතය ගතකළා. විවාහයකදී නොගැළපීම කියන සාධකය ගැන කොහොමත් දෙමව්පියන් සොයා බලනවා. නමුත්, දෙදෙනාගේ සිතුම් පැතුම් සහ ආකල්ප ගැළපෙනවා නම් ඒ අවබෝධය හරහා එක්වෙනවා මිස කාගේවත් කැමැත්ත හෝ අකමැත්ත ගැන වදවෙන්න වුවමනා නැහැ.

හෂිනි මේ විවාහයට කැමැති වුණේ වික්ටර් රත්නායක මහතාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සහ ඔහුගේ දේ‍පොළවලට තිබෙන කෑදරකමටයි කියලා රාවයක් තියෙනවා. මොකක්ද ඒකට දෙන්න තියෙන පිළිතුර?

හෂිනි - මම හොඳට මිල මුදල් තියෙන පවුලක කෙනෙක්. අනෙක, ගැහැනු කෙනෙක් සල්ලිවලට තමන්ගේ ජීවිතය උකස් කරාවිද? ඔය ගැන විමසන්න සුදුසුම කෙනා තමයි වික්ටර්.
වික්ටර් - මගේ බැංකු ගිණුම්වල තියෙන මුදල් ගැන ඇය දන්නේ නැහැ. ඇය මගේ තදබල රසිකාවක් විදිහට මට ළංවුණා මිස මගේ මුදල් හෝ දේ‍පොළවලට ආසාවෙන් ‍නෙවෙයි ඇය මා සමග විවාහ වුණේ. ඕවා මට විරෝධය පාන්න ඕනෑකම තිබූ අය විසින් නිර්මාණය කරන කරුණු විතරයි.

අවුරුදු 75ක් වගේ වයසක පසුවන කෙනෙක් විදිහට ආදරය විඳින්නේ මොනවිදිහටද?

වික්ටර් - ආදරයට සීමා මායිම් පනවන්න බැහැ. තරුණවියේදී විඳින නොමේරූ සමනල් ආදරය වගේ ‍නෙවෙයි වයසින් මුහුකුරා යද්දී ආදරය පිළිබඳ ගැඹුරින් සිතන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙනවා. කෙනෙක් වයස්ගතවෙලා ආදරය සොයනවා නම් ඔහු හෝ ඇය එහෙම කරන්නේ මොනවිදිහේ හේතු නිසාද කියලා සොයාබැලිය යුතුයි. තමන්ගෙන් විය යුතු යුතුකම් ඉටුනොකර, ආදරයට වහල්වීම නම් අනුමත කරන්න බැහැ.

වික්ටර් රත්නායක කියන්නේ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකළ පියෙක්ද?

වික්ටර් - මා තරම් දරුවන්ට යුතුකම් ඉටුකළ පියෙක් මුළු සංගීත ක්‍ෂේත්‍රයේම නැතුව ඇති. මා ගැන දන්නා සමීපතම යාළු මිත්‍රයෝ මට කියනවා ‘උඹ දරුවන්ට කළා වැඩියි’ කියලා.

ඇයි එහෙම කියන්නේ?

වික්ටර් - මගේ සංගීත දැනුම, ජනප්‍රියත්වය විතරක් ‍නෙවෙයි මම ඔවුන්ට දුන්නේ. නුගේගොඩ සුපිරි වෙළෙඳසලක තිබුණු ව්‍යාපාරයක් මම ලොකු පුතා ජයන්තට බාර දුන්නා. මගේ මව සහ පියා පදිංචිව සිටි නිවස පිහිටා තිබූ ඉඩම විකුණා ලැබුණු මුදලුත් ඔහුට දුන්නා. දියණියන් දෙදෙනාට ජීවත්වෙන්න ගෙවල් දෙකක් දුන්නා. මහගෙදර අයිතිය ලියාදුන්නේ බාල පුතා ලෙලුම්ට. ඊට අමතරව ඔවුන්ගේ හැම ගැටලුවකදීම සහ අවශ්‍යතාවකදීම මම මුදලින් උදවු උපකාර කළා.

දරුවනුත් ඔබ වෙනුවෙන් පෙරළා යුතුකම් ඉටුකරන්න ඇති?

වික්ටර් - දරුවන්ගෙන් එහෙම විශේෂ දෙයක් ලැබුණා කියලා මට කොහොමටවත් කියන්න බැහැ. එහෙම නම් අම්මාගේ මරණින් පස්සේ තාත්තා තනිවුණා නේද කියලා මා ගැන බලන්න එපායැ. එහෙම හොයන්න බලන්න ඒ කවුරුවත් ආවේ නැහැ.

ඔබේ බාල පුතා ලෙලුම් ‘මගේ පියා මිය ගියා’ කියන අදහස ඇති සටහනක් ෆේස්බුක් ගිණුමට එක්කිරීමත් සමගයි ඔබේ දෙවැනි විවාහය ගැන රටම දැනගත්තේ. සමාජ ජාල පරිහරණය නොකළත් ඔබට මේ ගැන ආරංචි වෙන්න ඇති?

වික්ටර් - ඔව්. මටත් ඔය කතාව ආරංචි වුණා. එහෙම කියන්න තරම් සාහසික වුණු පුතෙක් මගේද කියලා මට හිතාගන්න බැහැ. ඒකෙන්ම තේරෙනවනේ ඔහු අද වැටිලා ඉන්නේ මොනවගේ තැනකටද කියලා.

මේ වනවිට දරුවන් සමග ඔබට තියෙන්නේ මොනවිදිහේ සම්බන්ධයක්ද?

වික්ටර් - ඔවුන් කා එක්කවත් කිසිම සම්බන්ධයක් මගේ නැහැ.

ඔබට ඉන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ ඔබේ අඩිපාරේ යන පුතුන් දෙදෙනෙක්?

වික්ටර් - ඔව්. වික්ටර් රත්නායකගේ පුතාලා නිසා හඳුනනවා මිස ඔවුන්ට තමන්ගේම අනන්‍යතාවක් නැති බව මුළු රටම දන්නවා.

නමුත්, ඉදිරි කාලයේදී සංගීත කටයුතුවලදී ඔබට පුතුන් දෙදෙනා සමග එකට වැඩකරන්න මේ විරසකය බාධාවක් ‍නෙවෙයි නේද?

වික්ටර් - මින් ඉදිරියට මගේ සංගීත දිවියේ කිසිදු කටයුත්තකට ඔවුන් සම්බන්ධ කරගන්න මගේ බලා‍පොරොත්තුවක් නැහැ. මොකද, එහෙම කරලා ‍නෙවෙයිනේ මම ජනප්‍රිය වුණේ. මේක මම තනිවම ආපු ගමනක්.

හෂිනි වික්ටර් රත්නායකයන් ළංකර ගත්තේ ඉනාවක් දීලා කියලත් චෝදනාවක් එල්ල වුණා?
වික්ටර් - ඕවා කිසිම පදනමක් නැති කතානේ.

විවාහය නිසා සමාජ ජාල වෙබ් අඩවිද ඇතුළුව සමාජයෙන් එල්ලවෙන විවිධ චෝදනා ගැන මොනවිදිහේ ආකල්පයක්ද ඔබට තියෙන්නේ?

හෂිනි - ඒවා ගැන අපට ආරංචි වෙනවා. ඒත්, මම කරන දේ නිවැරදියි කියලා මගේ හෘද සාක්ෂියට දැනෙනවා නම් කවුරු මොන චෝදනා කළත් මම ගණන් ගන්නේ නැහැ.
වික්ටර් - බුදුහාමුදුරුවන්ටත් ඔයිට වඩා කොපමණ චෝදනා එල්ල වුණාද? ඒවා කිසිවක් ඔප්පු වුණේ නැහැනේ. අපි වගේ අය ගැන කටකතා හදලා අභිමානය නැතිකරන්න යමෙක් උත්සාහ කරනවා නම් ඔහු හෝ ඇයටම තමයි කවදා හරි එහි විපාක ලැබෙන්නේ.

හෂිනි සැමියා සමග මොනවිදිහේ ඉදිරි ගමනක් යන්නද බලා‍පොරොත්තු වෙන්නේ?

හෂිනි - වික්ටර්ගේ සංගීත ජීවිතයට උදව් කරමින් ඔහු සතුටින් තබන්නයි මට වුවමනා කරන්නේ. අපරදිග සංගීතය ගැන දැනුමක් මට තිබෙන නිසා ඔහුට සහයවීම මට පහසුයි.

පරණ තරහ මරහ අමතක කරලා අලුත් අවුරුද්දේ දරුවොත් එක්ක එකතුවෙන්න අදහසක් නැද්ද?

වික්ටර් - ඒවා අපි හදාගත්තු චාරිත්‍ර විතරයිනේ. හදවත්වල සහ හිත්වල තිබිය යුතු බැඳීම පවත්වාගෙන යන්න බැරිනම් ඒ ඥාතීත්වයෙන් පලක් නැහැ. එහෙම නම් ඒක අත්හැර දමන එකයි වඩාත් සුදුසු. සුහදතාව, ආදරය කරුණාව සහ මෛත්‍රීය හිත්වල නැතුව බොරුවට ඔවුන් මා බලන්නට එන්නේ හෝ මා ඔවුන් ළඟට යන්නේ මොකටද?

සටහන - කිෂාන් කනංකෙ (අනුග්‍රහය Lakbima)
ඡායාරූප - මංජුල පෙරේරා

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවුරුදු 13 මාව බැලුවෙ නැති දරුවො අද මට මඩගහනවා - වික්ටර් හෂිනි සමග එක්ව ප්‍රකාශයක්
අවුරුදු 13 මාව බැලුවෙ නැති දරුවො අද මට මඩගහනවා - වික්ටර් හෂිනි සමග එක්ව ප්‍රකාශයක්
http://ift.tt/2pgHS64
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/13_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/13_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy