දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා
Homeගොසිප්

තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා

PropellerAds

තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා තම සමීප ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගී වන්නට ගමන් කරමින් සිට...

ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයින් 5 ක් එංගලන්තයේ කැම්බර් සෑන්ඞ් මුහුදට බිලිවේ
කරු - නවීන් මාමා බෑනා ගැන පාර්ලිමේන්තුවේ කතාවක්
බිරියගේ මළ සිරුරු ගෙදර ගෙනියන්න ඇම්බියුලන්ස් නැතිවූ ඉන්දියානුවා කළ දෙය

තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට
මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා

තම සමීප ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගී වන්නට ගමන් කරමින් සිටි මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වාහනයට සුනඛයෙකුට බියේ පැනයමින් සිටි වසුපැටවෙකු අහම්බයෙන් හැපීමේ සිද්ධියක් පසුගියදා ඒකල ප්‍රදේශයේදී සිදුව තිබේ.
මෙම අවස්ථාවේ තුවාල ලද ඌ වේදනාවෙන් කෑගසමින් එතැන වැටී
තිබේ. අනතුරින් අලාබවූ තම වාහනය හෝ ගමන ගැන නොසලකා හරින ලද වෛද්‍යවරයා වහාම වාහනයෙන් බැස එතැනදීම ඌව සුවපත් කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කර තිබුනේ ඒ වෙලාවේ සොයාගන්නට හැකිවූ අඬු කම්බි ආධාරයෙනි.
මෙම සත්ක්‍රියාවෙන් පසු වසු පැටවා සුව කොට අයිතිකාරිය වෙත භාරදෙන්නට ඔහුට හැකිව තිබේ.
මෙම සිදුවීම ගැන වෛද්‍යවරයාගේ සොයුරෙකු විසින් සමාජ මාධ්‍ය වෙත පහත පරිදි වාර්තා කර තිබුණි.


‘මෙම සිදුවීම වූයේ 2017/03/04 දිනයි. මාගේ සොහොයුරා වන මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛ්‍යෛ රන්දිල් ප්‍රමෝද් ද අල්විස් ඔහුගේ බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට එදින උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් විය.
ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් මා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ " ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන ලෙසය".
මා එම ස්ථානයට යන විට උදැසන 9.30 පමණ විය. කුරුණෑගල 05 බස් මාර්ගයේ ඒකල මඩම හන්දියේ සිය මීටර් 300 පමණ මිනුවන්ගොඩ දෙසට යන විට මා හට දැක ගත හැකි වුයේ දැඩි මාර්ග තදබදයක් හා සෙනග වටවී සිටින අයුරුයි.
එම ස්ථානයට ගිය විටදී මා හට දැකගත හැකි වුයේ මාගේ සොහොයුරා විසින් මෙම සත්වයාට ශල්‍යකර්මයක් සිදු කරන අයුරුයි. ඒ වන විටත් එහි බොහෝ කොටසක් ඔහු විසින් අවසන් කර තිබිණි.
මෙම අනතුර ඇසින් දුටුවන් පැවසුවේ මෙම වැස්සිය පිටුපස බල්ලෙකු එලවා ඇති අතර බියවූ වැස්සිය ප්‍රධාන මාර්ගයට වේගයෙන් දිව ආ බවත් ඒ සමගම මාගේ සොහොයුරාගේ කාර් රථයේ ගැටුණු බවත්ය.
මා යන විටත් වස්සියගේ අයිතිකාරියද පැමිණ සිටි අතර ඇය වයස්ගත දිලිදු කාන්තාවක් බව පෙනුනි.
ඇසින් දුටුවන් පැවසුවේ අනතුර සිදුවූ වහාම මාගේ සොහොයුරා කාර් රථය නවතා පැමිණ එතන සිටි ඇය සමග සතාව මහා මාර්ගයෙන් ඉවත් කරගත් බවයි.
සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ තිබිණි.
මා යන විටත් මාගේ සොහොයුරා එම බිදී ගිය අස්ථිය සකසා මැහුම් දමමින් සිටි අතර එම අනතුර අහම්බෙන් දැක එම ස්ථානයට පැමිණි කොළඹ ජාතික රෝහලේ තාක්ෂණික ශිල්පී මහත්මෙයෙකුද අවශ්‍ය බෙහෙත් හා ශල්‍ය උපකරණ ජා ඇල ට ගොස් ගෙන එමින් ඒ සදහා සහයෝගය දැක්වූ අතර ඒ අසල සිටි ඉලෙක්ට්‍රික් වැඩපලක මහත්මයෙක්ද සහයෝගය ලබා දුනි.
අවසානයේ සාර්ථක ශල්‍ය කර්මයකින් පසු සතා අයිතිකාරිය පින් දෙමින් රැගෙන යන ලදී.
මල්ලි විසින් වාහනයේ රක්ෂණයට දැනුම් දුන්නේ ඉන් පසුවය, ඔහු රථයට සිදුවී ඇති හානිය දැක්කේ එවිටය.
රථය පණගන්වන්නට පවා නොහැකි ලෙස එන්ජිම කොටසද හානි වී තිබිණි.ඉන් පසුව එය ලොරියකට පටවා ගරාජයක් වෙත ගෙනයන ලදී.
මෙහි ඇති වටිනාම නම් "තමාගේ කිසිදු වරදකින් මෙම අනතුර සිදු නොවුවත් හරි වැරැද්ද තබා තමාගේ වාහනය හෝ තමා පිටත්වන්නට ගිය ගමන ගැන හෝ නොසිතා පළමුව සතාගේ ජීවිතය බේරාගන්නට කරන ලද කැපකිරීමයි.
තම ශල්‍ය වෛද්‍ය දැනුම මිනිසුන්ට මෙන්ම තිරිසන් සතාටත් එකසේම ලබා දුන් සොයුර ඔබ ගැන මා හට කියන්න වචන නැත.
අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය‘
(අසංග රනිල් ද අල්විස් )
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා
තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා
http://ift.tt/2mQ4EV5
https://i.ytimg.com/vi/4WIq9FUY0vs/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_477.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_477.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy