දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු
Homeගොසිප්

සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු

PropellerAds

2015 අධිකරණ බිමේදී වෙඩි  2016 කෑම ගෙනා කාන්තාවට වෙඩි 2017 බස් රථයට වෙඩි සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ  හර්...

රයිගම් ටෙලීස් 2016 - නිර්දේශිත නාමයෝජනා සන්ධ්‍යාව
පිළියන්දල සමාධිගේ දේහය නිවසට
බොරු ෆේස් බුක් පණිවිඩ නිසා CERT අමාරුවේ - උපදෙස් දෙනවා පමණයි කියන්න නිවේදනයක්

2015 අධිකරණ බිමේදී වෙඩි 
2016 කෑම ගෙනා කාන්තාවට වෙඩි
2017 බස් රථයට වෙඩි

සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි
මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ 

හර්ෂ මැරූ පලිය ගන්නලු

පෙරේදා කලුතරදී මරා දැමුණ පාතාල නායක ‘සමයං‘ කාලයක් තිස්සේ සිරගතව සිටියදීත් ඒ ආකාරයට වෙඩි තබා මරාදමන්නට හේතුවූ කරුණු මොනවාද යන්න මේ වනවිට සිදු කරගෙන යන පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වෙමින් පවතී. බොහෝ අවස්ථාවල පාතාල සාමාජිකයින් බන්ධනාගාරයට ගෙනයන අතරවාරයේ වෙඩි තැබීම් වලට ලක්වන්නෙ ඔවුන්ගේ කට උත්තර වලින් තවත් කෙනෙකු නඩුවලට පැටලේවී පාවාදේවි යන අවිශ්වාසය නිසාය.
නමුත් පාතාල නායක සමයංගෙන් අනෙක් කල්ලි වලට තිබුණ තර්ජනය එයට වෙනස් මුහුණුවරක්
ගත් එකකි. ඔහු සිරගෙදර සිට අන් අය මෙහෙයවමින් ‘ගේම් දීම‘ මෙම මරාදැමීමට ආසන්න හේතු වශයෙන් හඳුනාගෙන තිබේ.
මින් ඉහත 2015 හා 2016 වසර දෙකේදීම සමයං ගැන මාධ්‍ය තුළ කතාබහක් ඇතිවූයේ මේ හේතුවටමය.

2015 සැප්තැම්බර් මස රණාලේ සමයං කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන එමින් සිටියදී එහි
වෙළුම් පටියකින් අතක් වෙලා  මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සඟවාගෙන සිටි නාඳුනන තුවක්කුකරුවකු අධිකරණ ශාලාව ඉදිරිපිටදී සමයංට වෙඩි තබා මුළු ප‍්‍රදේශයම භීතියට පත් කර පළා යාම පළමු සිද්ධියයි.

පෙරවරු 9.30 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ සමයං රෝහල් ගත වී සැත්කමකටද ලක්ව පසුව සුවය ලැබුවේය.
සිද්ධිය අවස්ථාවේ සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ පොලිසියෙන් බේරී අධිකරණ ශාලාව වටා වූ තාප්පයෙන් පැන පලාගොස් තිබුණ අතර සීසීටීවී වාර්තාද මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් දින 2 කට පසු සැකකරු කොටු විය.

පාතාල නායක ‘කඹුරුපිටියේ  හර්ෂගේ‘ නියෝගය මත ඔහුගේ ගෝලයෙක් මෙම අපරාධය සිදු කර තිබුණි.
කඹුරුපිටියේ හර්ෂ යනු දකුණ හොල්ලන පාතාල කල්ලි නායකයකු වන ධනුෂ් ලක්ෂිත හෙවත් මධුක්ෂගේ ප්‍රධාන ගෝලයාය. දක්ෂිණ අධිකාරියේ සභාපතිව සිටියදී මීට වසර කිහිපයකට පෙර ඩැනී හිත්තැටියගේ මහතා මහ දවාලේ වෙඩි තබා මරා දමනු ලැබුවේ මධුෂ්ක හා කඹුරුපිටියේ හර්ෂගේ මෙහෙයවීමෙනි.
කඹුරුපිටියේ හර්ෂ හා සමයං අතර සිරගෙදරදී  කලකට ඉහත මිත්‍රත්වයක් තිබී ඇත. එහෙත්  වසර එක හමාරකට පමණ ඉහතදී එම බැඳීම පුපුරා පසුව දෙදෙනා වෛරක්කාරයින් බවට පත්ව ඇත.
හර්ෂ ඇප ලබා එළියට ආ පසුව තම ප්‍රතිවාදියා මරා දැමීමට සමයං ඇතුලේ සිට ගේම් දීමේ ප්‍රතිඵල ලෙස එයට පලිගනිමින් එම වෙඩි පත්තුවී ඇත.
කෙසේ වෙතත් මෙකී සිදුවීමෙන් ටික කාලයකට පසු රාජගිරිය, ඔබේසේකරපුර අරුණෝදය මාවතේ නිවෙසකදී කඹුරුපිටියේ හර්ෂ ඝාතනයට පත්විය.සිය අනියම් බිරියකගේ නිවසේ දිවා ආහාරය ගනිමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු හර්ෂට වෙඩි තබා මරා පැනගොස් තිබුණි.හිරේ සිටි සමයං හා ගෝලබාලයන් ඒ පසුපස සිටි බවට ආරංචි පැතිරිණි.
හර්ෂගේ ඉරණම විසැඳුණේ ඒ අනුවය.
දකුණේ ගම්බිම් පුරා නාඳුනන තුවක්කුකරුවාගේ භීතිය පතුරුවා හළ කඹුරුපිටියේ හර්ෂගේ මරණයෙන් දකුණේ පාතාලය සැළුම් කා තිබුණි. “ලෙයට ලෙය, මරණයට මරණය” “දතට දත, ඇසට ඇස” දර්ශනය අනුව හර්ෂගේ අකල් මරණයෙන් මුසපත් වූ හර්ෂගේ අනුසේනාංක සාමාජිකයින්  සමයංගෙන් පලිගන්නට මාන බැලූවේ ඒ අනුවයි.
එහි ප්‍රතිඵල ලෙස දෙවැනි සිද්ධිය වන්නේ සමයංගේ බිරිය යයි සිතා අහිංසක ගැබිණි කාන්තාවකට වෙඩි තැබීමකි. 2016 මාර්තු 5 වැනිදා සවස බොරැල්ල බේස්ලයින් මාවතේ බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රධාන මාවතේ සොයුරියක සමග ගමන් කළ විතානගේ සංජීවනී නමැති විසිතුන් හැවිරිදි දෙමස් ගැබිනියක මෙම අවාසනාවන්ත සිද්ධියට ගොදුරු විය.
බන්ධනාගාරගතව සිටින ඥාති සහෝදරයකු බලා නිවෙසට යමින් සිටියදී හෙල්මට් පැළඳි තරුණයන් දෙදෙනකු ඔවුන් ඉදිරිපිට යතුරුපැදිය නතර කර “උඹ සමයංගේ ගෑනි නේද?” අසා කිසිවක් කියන්නට ඉඩ නොතබාම
මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලය එළියට ගෙන ඇයට වෙඩි තබා පළා ගොස් තිබුණි. ඇයව රෝහල් ගත කළ අතර ඇත්තම සිද්ධිය වෙනත් එකක් බව ආරංචි වූයේ පොලිසියට එම සැකකරුවන් අල්ලාගන්නට හැකිවීමෙන් පසුවයි.
සමයංගෙ බිරිය (2014 විවාහ වූ දෙවැනි අනියම් බිරිය)  සමයංට හිරගෙදරට කෑම රැගෙන එන බවට ලැබුණ තොරතුරක් ඔස්සේ ඇයව මරා සමයංගෙන් පලිගැනීම එම වෙඩි තැබීමේ අරමුණවී තිබුණි.
ගැභිණි කතට වෙඩි තැබූ පාතාලයන් කෙළින්ම ගියේ හර්ෂගේ නිසල මළ සිරුර තැන්පත් කර තිබූ ස්ථානයටය. හර්ෂගේ මළ සිරුරට ආචාර කළ එක් පාතාලයෙක් හර්ෂගේ කණට මුව ළංකර “ඔන්න බොස් අපි බොස්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කළා” යැයි පැවසා ඇත. එහෙත් තමන් වෙඩි තබා තිබෙන්නේ වෙනත් කාන්තාවකට බව ඔවුන්  දැනගෙන ඇත්තේ එදින රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශනයෙනි.
සමයංගෙන් පලිගැනීමට හර්ෂගේ මළගෙදරදී නැවත පිරිස සපථ කරගෙන තිබුණ අතර හර්ෂගේ ගුරෙකු බව කියන මාකඳුරේ ධනුෂ් , අංගොඩ ලොක්කා ,අතුරුගිරියේ බාල්දි ප්‍රියන්ත සිටි බව කියැවිණි. භාරත ඝාතනය නිසා දැනට මරණ දණ්ඩනයට ලක්ව සිරගතව සිටින දෙමටගොඩ චමින්දද ඔවුන්ට හිතවත් කල්ලියේ අයෙකු බව වාර්තාවේ.
මේ අය අතුරින් අංගොඩ ලොක්කා කෙරෙහි පොලිසියේ අවධානය වඩාත් යොමු ව ඇත්තේ පාතාල නායක සමයං  ඉලක්ක කරගෙන බන්ධනාගාර බසයට ප්‍රහාරයක් සිදු කරන්නට ඔවුන් මින් මාස 6 කට පෙර සැලසුමක් තිබී හෙළිවීම නිසාය.
පෙරේදා වාර්තාවූ ප්‍රහාරය සිදු කර තිබුනේ ව්‍යාජ ලෙස පොලිස් නිල ඇඳුම් ඇඳගෙනයි. අංගොඩ ලොක්කාගේ පෙර සැලසුමේ තිබුනේ හමුදා නිල ඇඳුම් ඇඳගෙන මෙම ඝාතන සිදු කරන්නටය. මෙයට මාස 6 කට පමණ පෙර අංගොඩ ලොක්කාගේ කල්ලියට අයත් පෙතියාගොඩ සංඛ නමැත්තා වෙනත් කාරණාවකට පොලිස් අත්අඩංගුවට හසුවූ අවස්ථාවක ප්‍රශ්න කිරීමේදී  එම සැලසුමට අදාළ හමුදා නිල ඇඳුම් ඇතුළු උපකරණ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සොයාගෙන තිබුණි.
පසුව සැලසුම වෙනස් කර ‍පොලිස් නිල ඇඳුමෙන් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු තිබේ.
 පෙතියාගොඩ සංඛ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මයික්‍රෝ පිස්තෝලයක් සමග සම්පූර්ණ යුද හමුදා නිල ඇඳුම් කට්ටල හයක් සිමෙන්ති ගල් නිපදවන වැඩපළක වගුරක සඟවා තිබියදී හමුවී තිබුණි.
එහිදී ඔහු කියා තිබුනේ බස් රථයකින් ගොස් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකට පහරදීමේ සැලසුමක් ගැනයි.
දැනට පොලිසියට ලැබෙන තොරතුරු අනුව මෙම ප්‍රහාරයට මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය හා අංගොඩ ලොක්කාගේ කල්ලියේත්
හමුදාවෙන් පැන ගිය සාමාජිකයන් කිහිපදෙනෙකුත් සිටින්නට ඉඩ ඇතිබව විශ්වාස කෙරේ.
මේ අයට උවමනාවූයේ සමයංගෙන් පලිගැනීම පමණි. බස් රථයේ සිටින සමයංව වෙන්කර හඳුනාගෙන පාපුවරුව මතට ගෙනවිත් වෙඩි තබා නිසැකවම මරා දැමුනේද ඒ අනුවයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය සමයංගේ අනෙක් ගෝලබාලයින්ද පාතාල කන්ඩායමේ මරණ ලැයිස්තුවේ සිටි අයයි. කෙසේ වෙතත් බන්ධනාගාරඑ නිලධාරීන් දෙදෙනෛකුට අවාසනාවන්ත ලෙස මෙම සිද්ධිය නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.
වෙඩි ප්‍රහාරයට ලක්වී කොළඹ ජාතික රෝහ‍ලේ සිටින තවත් බන්ධනාගාර නිලධාරියකුගේ පාදයක් කැපීමට මේ වනවිට සිදු
වී ඇතැයිද වාර්තා විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු
සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු
http://ift.tt/2lb1Aml
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy