දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (2) - ගාමිණී වියන්ගොඩ
Homeවිශේෂ පුවත්

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (2) - ගාමිණී වියන්ගොඩ

PropellerAds

ඊළඟට, එසේ රජයෙන් ‘නොමිලේ’ සපයන අධ්‍යාපනය ප‍්‍රමාණවත් නොවන නිසා හෝ හිඟ නිසා, අද පස්වැනි ශ්‍රේණියේ පටන්ම ටියුෂන් පංති යාමේ අවශ්‍යතාව මතුවී ...

තරුණයාගේ ඝාතනයට පොලීසියේ හයක් පෝරකයට
රෝහණ විජේවීර පිළිබඳ මනෝ විද්‍යාත්මක විශලේෂණයක් - වෛද්‍ය රුවන් එම්. ජයතුංග
සිංහල නොදත් අය කිඹුලන්ට බිලි විය යුතුද?
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (2) - ගාමිණී වියන්ගොඩ
ඊළඟට, එසේ රජයෙන් ‘නොමිලේ’ සපයන අධ්‍යාපනය ප‍්‍රමාණවත් නොවන නිසා හෝ හිඟ නිසා, අද පස්වැනි ශ්‍රේණියේ පටන්ම ටියුෂන් පංති යාමේ අවශ්‍යතාව මතුවී තිබේ. ඒ සඳහා දෙමාපියෝ විශාල වියදමක් දරති. මෙය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ආදී ඉහළ පංතිවලට එද්දී තව තවත් වැඩි වෙයි. සමහර රජයේ පාසලක උසස් පෙළ පංතිවල ගුරුවරුන්ම පෞද්ගලික ටියුෂන් පංති කරති. කලින් කී නොමිලේ අධ්‍යාපනය වෙනුවට, මේ කියන රජයේ ගුරුවරයාම පවත්වන ටියුෂන් පංතිවලට ශිෂ්‍යයන්ට ගෙවීමට සිදුවීමෙන් පෙනී යන්නේ, මේ කියන ඊනියා නිදහස් අධ්‍යාපනයේ මායාව එකී නිදහස් අධ්‍යාපනය විසින්ම ඔප්පු කරමින් ඇති බවයි. ඉතිං ඒ අර්ථයෙන් ගත්තත් අද අපට ලැබෙන අධ්‍යාපනය ‘නොමිලේ’ ලැබෙන අධ්‍යාපනයක් යැයි කිව නොහේ. මෙයින් අවධාරණය කිරීමට බලාපොරොත්තු වන්නේ, නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ සැපයෙන අධ්‍යාපනයක් යැයි ගැනීම පවා සාවද්‍ය බවයි. මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප‍්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව මාධ්‍යයට කළ ප‍්‍රකාශයකින් කියැවුණේ, ඇය ‘සිංහල භාෂාවට පමණක්’ ටියුෂන් ගත් බවකි.
 
‘සිංහල පමණක් ප‍්‍රතිපත්තිය’ යටතේ රාජ්‍ය නායකත්වයට පවා කෙනෙකුට පත්විය හැකි ‘සිංහල රටේ’ අපොස විභාගයෙන් ප‍්‍රථම ස්ථානයට එන ශිෂ්‍යාවටත් සිංහල ටියුෂන් අවශ්‍යව තිබීමෙන් පෙනී යන්නේ, ‘නිදහස්’ අධ්‍යාපනයේ තරමයි.
 
පෙර පාසල් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනයටත් වඩා හපන්ය. එය සියයට සියයක් පෞද්ගලිකයි. හෙවත්, මොන්ටිසෝරිය පවා ‘නිදහස්’ නැත. අවසානයේ ආපසු හැරී බලන විට, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාටත් මේ විදිහට පෞද්ගලික පංතිවලට සහභාගී වීමට සිදුවෙතොත්, මොන්සිසෝරියේ සිට උපාධිය දක්වාම ශිෂ්‍යයෙකුට ලැබෙන අධ්‍යාපනය තුළ නිදහස් බවක් ඇතැයි කෙනෙකුට කිව නොහැකි වනු ඇත. යම් හෙයකින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට පමණක් පෞද්ගලික පංතියක අවශ්‍යතාව පැන නොනගී නම්, එහි අදහස වන්නේද, විශ්වවිද්‍යාලයෙන් උසස් ප‍්‍රමිතිගත අධ්‍යාපනයක් ලැබෙන බවක් නොව, විශ්ව විද්‍යාලයට ඇතුළත් වන  ඕනෑම
ශිෂ්‍යයෙකු විශ්ව විද්‍යාලයෙන් අනිවාර්යයෙන් සමත් කරවන බවය.
 
අප සිත්නට පුරුදු වී ඇති ආකාරය අනුව ගත් විට, වියදම දරන්නේ සමස්ත ජනතාව නම් එය සැළකෙන්නේ ‘නොමිලේ’ ලැබෙන දෙයක් වශයෙනි. අද නිදහස් අධ්‍යාපනය වශයෙන් ගැනෙන ‘නොමිලේ අධ්‍යාපනය’ එම කොටසට අයත් වෙයි. පාසල් පොත් නොමිලේ ලැබෙයි. ගුරුවරුන් නොමිලේ ලැබෙයි. ඩෙස් පුටු නොමිලේ ලැබෙයි. නිල ඇඳුම් නොමිලේ ලැබෙයි. දිවා ආහාරය පවා ලැබෙයි. එබැවින් අපි එයට ‘නිදහස් අධ්‍යාපනය’ යැයි කියමු. මෙය වනාහී අත්පත් කර ගැනීම හෙවත් ලබා ගැනීම සම්බන්ධයෙන් ‘නිදහස’ යන්න අර්ථ ගැන්වෙන ආකාරය පිළිබඳ විකාර ආදර්ශයකි.
 
මේ කාසියේම අනිත් පැත්ත වන්නේ, යම් විනාශයක පාඩුව දරන්නේ සමස්ත ජනතාව නම් එම දෙය විනාශ කෙරෙන විට එය ‘පාඩුවක්’ වශයෙන් නොසැළකීමයි. උදාහරණයක් වශයෙන්, පොදු බස් රථයක මගී ආසනයක් ඉරා දැමීම හෝ දුර්වර්ණ කිරීම එසේ කරන පුද්ගලයාට ‘පාඩුවක්’ සේ නොහැඟෙන්නේ, එහි හිමිකරුවා නිර්නාමික සාමූහිකයක් වන බැවිනි. එම බස් රථය එම පුද්ගලයාගේම විණි නම්, කිසි දවසක ඔහු එම ක‍්‍රියාව නොකරනු ඇත. මෙය වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවට ආදේශ කළ විට, අද ඔවුන් රටේ සෑම ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන්ම පංති වර්ජනය කොට, පාරේ පෙළපාලි යාමෙන් රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ඵලදායී පැය ගණනක් කඩා ඉහිරවීම පසුපස ඇති මානසිකත්වය තේරුම ගැනීමට පහසුවක් වනු ඇත. අද මේ රටේ සිදුවන වාහන අනතුරු ගැන සොයා බැලුවොත් ඉතා පැහැදිළි සත්‍යයක් හෙළිදරව් වනු ඇත. එනම්, අතිබහුතරයක් අනතුරුවල වැරදිකරුවන් අනුන්ගේ වාහනයක් පදවන්නන් වන බවයි. හොඳම උදාහරණය, බස් සහ ට‍්‍රක් රථ අනතුරුය. මේ අනතුරු පසුපස තව බොහෝ හේතු කාරණා ඇතත්, තමාගේ නොවන දෙයකට වුව මිළක් ඇතැයි විශ්වාස නොකරන මනෝභාවයත්, තමාගේ  සෘජු වියදමකින් තොරව තමාට ලැබෙන  ඕනෑම දෙයක් ‘නොමිලේ’ ලැබෙන දෙයක් සේ ගැනීමට පුරුදු වීමේ මනෝභාවයත් ඒ පසුපස ඇති බව බැහැර කළ නොහැක.
 
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සුනේත‍්‍රා වීරකෝන් ‘රජයේ විශ්ව විද්‍යාල තුළ ආයතනික සහ සංස්කෘතික දූෂණය: ආණ්ඩුව ඉදිරියේ ඇති හදිසි ප‍්‍රතිපත්තිමය අභියෝගයක්' මැයෙන් පර්යේෂණ පත‍්‍රිකාවක් මෑතකදී ඉදිරිපත් කළාය. 2016 ඔක්තෝබර් මාසයේදී එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා පීඨාධිපතිවරයා විශ්වවිද්‍යාල සනාථන සභාවට දන්වා සිටි පරිදි, 200 කට අධික අවසාන වසරේ ශිෂ්‍ය පිරිසක් කිසිම දේශනයකට සහභාගී වී නැති බව ඇය පෙන්වා දුනි. ඔවුන් එසේ දේශනවලට සහභාගී නොවන්නේ ඇයි ? අදාළ කථිකාචාර්යවරුන්ගේ දේශන සටහන් වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන උපාධිය සමත් විය හැකි බව ශිෂ්‍යයන් දන්නා නිසාය. මෙය වැළැක්වීම සඳහා ඇය ඇතුළු බොහෝ දෙනා යෝජනා කරන්නේ, දේශන සහභාගීත්වයේ අවම ප‍්‍රතිශතයක් (සියයට 80 ක්) නැති ශිෂ්‍යයන්ට විභාගයට පෙනී සිටීමට අවසර නොදිය යුතු බවයි. එහෙත් එය, අදාළ පැනය නිරාකරණය කරන පිළිතුරක් නොවේ. දේශනවලට සහභාගී නොවී සමත් විය හැකි උපාධියක් සඳහා අනවශ්‍ය සේ කාලය වැය කරගෙන දේශනවලට සහභාගී වීමේ අරුත කුමක් ද ? එබැවින් කළ යුතුව ඇත්තේ, දඬුවමක් පිළිබඳ බියක් ඇතිකොට, ශිෂ්‍යයන්ව දේශනවලට බලහත්කාරයෙන් සහභාගී කරවා ගැනීමට බැලීම නොව, සංක්ෂිප්ත සටහන් කඩදාසි ටිකකින් සමත් විය හැකි විභාගයකින් ඔබ්බට උපාධියේ ප‍්‍රමිතිය උසස් කිරීමයි. එවිට දඬුවම් අවශ්‍ය නැත. උපාධිය සමත් වීම සඳහා ශාස්ත‍්‍ර ගවේෂණය අනිවාර්ය කොන්දේසියක් බව ශිෂ්‍ය ප‍්‍රජාවම වටහාගනු ඇත.
 
සංසන්දනයක් වශයෙන් නැවතත් ප‍්‍රංශයේ අධ්‍යාපන ක‍්‍රමය සළකා බැලිය හැකිය. පසුගිය තීරුවේ කීවා සේ අපොස උසස් පෙළ සමත් සෑම ශිෂ්‍යයෙකුම එරටේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනේ, එහෙත් පළමු වසර අවසානයේදී සියයට 20-25 ක් අතර ප‍්‍රමාණයක් විභාගයෙන් අසමත් වන තත්වයක් එහිදී දැක ගැනීමට ලැබේ. කෙසේ වෙතත්, අවසානයේ අවුරුදු තුනක හෝ හතරක උපාධි පාඨමාලාව අවසන් කරන්නේ සියයට 70-80 ක්අතර ප‍්‍රමාණයක් පමණි. (විශ්ව විද්‍යාලයෙන් එසේ හැලෙන ශිෂ්‍යයන් පාරට වැටෙන්නේ නැත. ඔවුන්ව ඒ වෙනුවට වෙනත් ඩිප්ලෝමා පාඨමාලාවලට උකහාගනු ලැබේ)
 
මෙහි අරුත කුමක්ද ? පාසල් ජීවිතය තුළ ළමයාට ‘නිදහස්’ අධ්‍යාපනයක් සැපයීමට වගබලා ගන්නා අතරේම, විශ්ව විද්‍යාලයට එන ‘වැඩිහිටි ශිෂ්‍යයා’ උසස් අධ්‍යාපනයේ සැබැ ප‍්‍රතිලාභියෙකු වන බවටද එම අධ්‍යාපන ක‍්‍රමය තුළ වගබලා ගැනෙන බවයි. හෙවත්, සෙල්ලම පාසලට භාර කරන අතර, උසස් අධ්‍යාපනය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන බවයි. ලංකාවේ අප කරන්නේ එහි අනිත් පැත්තයි. සෙල්ලම් කරන වයසේ පසු වන පහේ ශිෂ්‍යයාගෙන් පටන්ගෙන (සමහර විට ඊටත් කලින්) අපොස උසස් පෙළ දක්වා ඔහුගේ ළමා ජීවිතය උදුරාගෙන, කෘත‍්‍රීම බලුපොරයක් හරහා තෝරාගන්නා ගිරාපෝතක අතලොස්සක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමෙන් පසුව, කිසි තරගයකින් හෝ ප‍්‍රමිතිගත දැනුමකින් තොරව ඒ සියල්ලන්වම, ‘ඒහිභික්ෂුභාවයෙන්’ උපාධිධාරීන් බවට පත්කිරීමයි. (මෙය, වෛද්‍ය, ඉංජිනේරු ආදී ‘ප‍්‍රායෝගික’ අංශවලට තවම අදාළ නොවේ) ලංකාවේ විශ්ව විද්‍යාලයකත් අහවල් වසරේදී මෙච්චරක් අසමත් වන්නේ යැයි කෙනෙකු මෙහිදී කිව හැකිය. (එය අප නොදන්නවා නොවේ) අපගේ ප‍්‍රශ්නය වන්නේ, උපාධියක් නොගෙන විශ්ව විද්‍යාල ජීවිතයක් අවසන් කර ඇති ශිෂ්‍යයන් කී දෙනෙකු ලංකාවේ විශ්ව විද්‍යාල ඉතිහාසය තුළ සිටී ද යන්නයි. එය සියයට එකක්වත් නොවන බව මගේ තක්සේරුවයි.
 
විශ්ව විද්‍යාල ආචාර්යවරයා ද විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට වෙනස් නැත. විශ්ව විද්‍යාලයක් යනු ශිෂ්‍යයා මෙන්ම ගුරුවරයාද උගෙන ගනිමින් සිටිය යුතු ශාස්ත‍්‍රාලයකි. අලුත් පොතපත කියවන, තමන්ගේ දැනුම යාවත්කාලීන කරගන්නා සහ අධ්‍යාපනික පර්යේෂණ කරන ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සිටින්නේ අතලොස්සක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ලංකාවේ  ඕනෑම විශ්ව විද්‍යාලයක ඇදුරන්ගෙන් කී දෙනෙක් මාසයට පැය කීයක් පුස්තකාලය පරිහරණය කරනවාදැයි නිකමට සොයා බලන්න. එය සියයට 10 ක් ඉක්මවතොත් අරුමයකි.
 
අති බහුතරයක් ආචාර්යවරුන් කරන්නේ, එකම දළ සටහනක් අවුරුදු තිහ හතළිහක් තිස්සේ, ‘දැනුම’ වශයෙන් ශිෂ්‍යයන්ට බෙදා දීමයි. ඔහුගේ ‘සටහන්’ හරහා උපාධියක් ලබා සමාජයට එකතු වන උපාධිධාරියා වහා හෙළිදරව් වෙයි. මන්ද යත්, රැකියා වෙළඳපොළේදී මේ ශිෂ්‍යයාගේ ‘අසමත්භාවය’ වැසැංගිය නොහැකි නිසාය. එහෙත්  අර කියන විශ්ව විද්‍යාල ගුරුවරයා දැනටමත් රැකියා නියුක්ත නිසා, විශ‍්‍රාම යන තෙක් අවුරුදු තිහ හතළිහක් වුව ඔහුට මේ සෙල්ලම එක දිගටම කරගෙන යා හැකිය.
 
(ඉතිරිය ඉදිරියට)
 
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (2) - ගාමිණී වියන්ගොඩ
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (2) - ගාමිණී වියන්ගොඩ
http://ift.tt/2oidDzm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/2_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/2_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy