දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා අත්අඩංගුවට ගැනීමට අවසර ලැබෙන තුරු FCIDය සීරුවෙන්
Homeප්‍රවෘත්ති

ගෝඨා අත්අඩංගුවට ගැනීමට අවසර ලැබෙන තුරු FCIDය සීරුවෙන්

PropellerAds

මිග් යානා ගනුදෙනුවට අදාළව විමර්ශනයේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම විම...

ගාල්ල කැළඹයි! හිස කපා වෙන් කළ නිරුවත් සිරුරක් මුහුදේ පාවෙයි
"අපට රජය විශ්වාසයි... කතෝලික සභාවයි කාදිනල් හිමියි කරන්නේ කාගෙ හරි කොන්ත්‍රාතුවක්" - ඥානසාර හිමි (video)
"මගෙන් පසු නායකත්වයට පත්වූ පුද්ගලයා ලංකාවේ ලොකුම කැසිනෝකාරයා, ලොකුම කුඩුකාරයෝ, කසිප්පු මුදලිලාව පාර්ලිමේන්තු යැව්වා - චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක් (video)
ගෝඨා අත්අඩංගුවට ගැනීමට අවසර ලැබෙන තුරු FCIDය සීරුවෙන්

මිග් යානා ගනුදෙනුවට අදාළව විමර්ශනයේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම විමර්ශනවලට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඒ සඳහා දේශපාලන අධිකාරියෙන් අවසර ලැබෙන තුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සූදානමින් සිටින බවත් එම ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය.

මී‍ට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ වංචා දූෂණ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පෙර තමාව දැනුවත් කරන ලෙසයි.

2006 වර්ෂයේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුව පිළිබඳව වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය සිදු කර ඇති අතර එම විමර්ශන අවසන් අදියරට පැමිණ තිබේ.

මේ අතර මිග් යානා ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දෙනු ලැබුවේය.

එලෙස දැනුම්දෙනු ලැබුවේ මිග් යානා ගනුදෙනුවේ නඩුව කැඳවීම සම්බන්ධයෙන් දිනයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් අධිකරණය විසින් සලකා බැලූ අවස්ථාවේදීය.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ වරෙන්තු ජාත්‍යන්තර පොලිසියට දන්වා යවා ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ පැවැසුවේය. 

හිටපු තානාපති වීරතුංග මහතා මේ වනවිට එක්සත් අරාබි රාජ්‍යයේ සිටින බවද විමර්ශනවලදී තහවුරු වී ඇති බවද පදිංචි ලිපිනය පිළිබඳ තහවුරු කරගැනීමක් සිදුකරගැනීමට තවමත් නොහැකිවූ බවද එම නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. 

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වන මුල්පිටපත මේ වනවිට අස්ථානගත වී ඇති බවද අස්ථානගත වීම පිළිබඳ විමර්ශන ගුවන් හමුදාවේ බලධාරින් සමඟ ආරම්භ කර ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ පැවසුවේය. 

ජාත්‍යන්තර පොලිසිය සමඟ සහ ගුවන් හමුදා බලධාරීන්ගේ සහයෝගය ඇතිව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවද අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීමට අවසර දෙමින් ප්‍රකාශ කළේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සැකකරුවකු බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා අනුව අනාවරණය වන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා අත්අඩංගුවට ගැනීමට අවසර ලැබෙන තුරු FCIDය සීරුවෙන්
ගෝඨා අත්අඩංගුවට ගැනීමට අවසර ලැබෙන තුරු FCIDය සීරුවෙන්
http://ift.tt/2jKdJsF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/fcid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/fcid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy