රුපියල් ලක්ෂ 400 ක් වැය කරමින් ඉදිකළ බේරුවල කාලවිලකන්ද නව පාලම විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව පැවැසීය. මෙහිද...
රුපියල් ලක්ෂ 400 ක් වැය කරමින් ඉදිකළ බේරුවල කාලවිලකන්ද නව පාලම විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'මම අද (12) හවස ගරු අග්‍රාමාත්‍යතුමා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. අග්‍රාමාත්‍යතුමාගේ ඔස්ට්‍රේලියාවේ සංචාරය ආරම්භ කිරිමට පෙරයි මෙම සාකච්ඡාව පැවැත්වුනේ. එහිදී අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා පිහිට වූ යහපාලන රජය ආරක්ෂා කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. අපි පැවැති ක්‍රමය තමයි වෙනස් කළේ. එම නිසා යහපාලන රජය තුල විනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ බව අමාත්‍යවරුන්ට අවබෝධ කර දිය යුතුයි. ප්‍රචණ්ඩත්වය වපුරන වැඩ, නීති විරෝධී වැඩ කිරිමට ඉඩදෙන්න බැහැ. ජනාධිපතිවරයා බලතල පාවිචිචි කරන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයාත් එහෙමයි. බලය පාවිචිචි කරන්නේ ජනතා සේවයට පමණයි. වර්තමානයේ පාරට බහින සංස්කෘතියක් බිහිවෙලා තිඛෙනවා. ඇතැම් පුද්ගලයින් ලැබී ඇති නිදහස අනිසි ලෙස භාවිතා කරනවා. අහිංසක නායකයෙක් රට පාලනය කරනකොට ඔහු සමග ගැටෙන්න බලනවා. පාරට බැසීමේ සංස්කෘතියට වඩා රට දියුණු කිරීමේ සංස්කෘතියට මුල්තැන දිය යුතුයි. නොසන්ඩාල ලෙස හැසිරෙන්න ඉඩදෙන්න බැහැ.'
'මෙම පාලම ඉදිකිරීම සඳහා පසුගිය රජය මෙන්ම වර්තමාන රජයත් මුදල් යොදවා තිඛෙනවා. පාලම ඉදිකිරිම ප්‍රමාද බව මාධ්‍ය ඔස්සේ පළ වුනා. ලියන එක ලෙහෙසියි. මෙම ඉදිකිරීම්වල ගැටළු හඳුනාගත යුතුයි. වර්තමාන රජය යටතේ පාලම් 4000 ක් ඉදිකිරීමට මුදල් වෙන්කර තිඛෙනවා. සංවර්ධන කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් සිදු කරන්න අපහසුයි. බේරුවල ආසනයේ තරුණ තරුණියන් වෙනුවෙන් කර්මාන්ත ශාලා කිහිපයක් ද ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.'
COMMENTS