බන්ඩත්තර වේල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අප සංචාරයක නිරත විය. එම ස්ථාන කරා ජලය හරහා ගමන්කිරිම ඉතා අසීරු විය.එයට හේතු කිහිපයකි. එනම් ජලය ...
බන්ඩත්තර වේල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අප සංචාරයක නිරත විය.
එම ස්ථාන කරා ජලය හරහා ගමන්කිරිම ඉතා අසීරු විය.එයට හේතු කිහිපයකි. එනම් ජලය ගලායන වේගය, ඇතැම් ස්ථානවල පැවති ඇසට නොපෙනෙනෙ බාදක හේතුවෙන් ගමන අසීරු විය. මේ වනවිට එම වේලි පිහිටි මාතර බන්ඩත්තර, තුඩාව අවට ජලය අඩි කිහිපයක් පමන අඩුවී තිබිණි බන්ඩත්තර ඇතුලත ගම් කිහිපයක ජනතාව තවමත් කොටුවී සිටින අතර, ඔවුනට යුද හා නාවික හමුදා නිළධාරීහු වෛද්‍ය පහසුකම්, ආහාර සැපයීමට දැනට කටයුතු කරමින් සිටී. මේ සඳහා දැනට භාවිතා කරනු ලබනුවේ චීනයේ නිෂ්පාදිත ටොන් දහ හතරක් බර ජලය සහ ගොඩබිම දෙකම එකලෙස කිසිම උවදුරකින් තොරව ගමන් කලහැකි බී.ටී.ආර්. වර්ගයේ සන්නාහ සන්නද්ධ රථයි.
අප සමග මෙම ගමනට එකතුවී සිටි උසස් හමුදා නිළධාරියකු පැවසූවේ දකුණු පළාත තුල ඇතිවී තිබෙන ගංවතුර ආපදා තත්වයෙන් පසු, ගමන් කිරීමට නොහැකි ප්‍රදේශ සහ ස්ථාන සඳහා BTR සහ WMX රථ කිහිපයක්ම යොදාගෙන තම රාජකාරිය සිදුකරමින් සිටින බවයි.
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=VavKBXy6W3s&feature=youtu.be[/youtube]
කතාබහට ලක්වූ බන්ඩත්තර බලා පිටත්වීමට එම රථය පිහිට විය. මාතර හක්මන පාරේ අවසන් ජලය රැදී ඇති ස්ථානයහි සිට එය බන්ඩත්තර බලා පිටත්විණි. ඒ යන ගමන අතරතුල පිටාර ගැලූ දියකඳ සිදුකළ මහා විනාශයෙන් කොටසක් පමනක් දැකගත හැකිවිණි. බාධක සහිත ගමනකින් පසු බන්ඩත්තර වේල්ල වෙත පැමිණි අපහට දැකගත හැකි වූයේ යුද හමුදා සෙබලු විසින් අලුත්වැඩියා සිදුකරන වේල්ලේ ජල කාන්දුව සිදුවු සමහර කොටස්ය.
වැලි කොට්ට හාරදහසක් එම එක් කොටසක් අලුත්වැඩියාවට භාවිතා කරන බව හමුදාවේ නිළධාරියකු කියා සිටියහ. මෙවැනි ස්ථාන තවත් එහි ඇත. නමුත් ජලයට යටවී ඇති නිසා සහ යන්ත්‍ර සූත්‍ර ගෙන ඒමේ අසීරුව නිසා එම අලුත්වැඩියාවන් ජලය බැසගිය පසු සිදුකළ යුතුයි.
බන්ඩත්තර අවට අවතැන් වූ විශාල ප්‍රමාණයක් සිටී. හමුදා සෙබලුන්ගේ මැදිහත්වීම මත ඔවුන්ට සියලු අත්‍යවශ්‍ය පහසුකම් සැපයේ.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=-hPEp5WoUuc&feature=youtu.be[/youtube]
COMMENTS