පසුගිය රජය විසින් මාගම්පුර වරාය ඉදිකිරීම වෙනුවෙන් විශාල ණය ප්‍රමාණයක් ලබාගත් අතර එම ණය පියවීමේ අරමුණින් නිශ්චිත කාලසීමාවකට වරයා බදුදීම හැ...
පසුගිය රජය විසින් මාගම්පුර වරාය ඉදිකිරීම වෙනුවෙන් විශාල ණය ප්‍රමාණයක් ලබාගත් අතර එම ණය පියවීමේ අරමුණින් නිශ්චිත කාලසීමාවකට වරයා බදුදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි සමරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය මාස 6 ක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 4000 ක් ණය ගෙවා ඇති බව ඇමතිවරයා පවසයි. ණය ලබාගෙන ඇත්තේ වරාය අධිකාරිය හරහා බැවින් එහි වගකීම වරාය අධිකාරියට දැරීමට සිදුව ඇති බවත් වරාය ගොඩනැගීම සඳහා පමණක් නොව සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට ණය ලබාගෙන ඇත්තේ ද වරාය අධිකාරිය හරහා බැවින් එම ණය ගෙවීමේ වගකීම ද දැරීමට වරාය අධිකාරියට සිදුව ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
වරායේ ආයෝජන කටයුතු සඳහා ආයෝජකයකු සොයාගැනීමට අසීරු වූ බවත් අවසානයේ චීනයේ ආයෝජකයෙකු ඒ සඳහා ඉදිරිපත් වූ බවත් ඇමතිවරයා පවසයි. රටේ නීති පද්ධතියට අනුකූලව සියලු කටයුතු සිදුකරන බවත් ඉදිරියේදී ඒ සඳහා වන අවසන් ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කරයි.
COMMENTS