අද සවස වනවිට ගිණිකොන දිග බංග්ලාදේශයට මෝරා සුළි කුණාටුවේ බලපෑම් එල්ල වූ අතර අධික වැසි සහ සුළඟේ වේගය ඉහළ ගොස් තිබේ. අයහපත් කාලගුණය හේතු...
අද සවස වනවිට ගිණිකොන දිග බංග්ලාදේශයට මෝරා සුළි කුණාටුවේ බලපෑම් එල්ල වූ අතර අධික වැසි සහ සුළඟේ වේගය ඉහළ ගොස් තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් එරට පුද්ගලයන් අවම වශයෙන් පස්දෙනෙකුවත් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බොහෝ මරණවලට හේතුවී ඇත්තේ සුළං හේතුවෙන් ගස් කඩාවැටීමයි. නිවාස සියයකට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ද වාර්තා වේ.
මේ අතර රෙහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන් රැඳී සිටි කඳවුරුවලට ද සුළි කුණාටුවේ බලපෑම් එල්ල වී ඇති අතර වාර්තා වන පරිදි ඔවුන්ගේ නිවාස 20,000 ක් පමණ විනාශ වී තිබෙනවා.
COMMENTS