රජයට යළි පවරා ගත් අමෙරිකානු හඬ හෙවත් වොයිස් ඔෆ් අමෙරිකා ගුවන් විදුලියට ලබාදුන් අක්කර 500යේ ඉඩමේ සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කරන බව අග්‍රාමාත...
රජයට යළි පවරා ගත් අමෙරිකානු හඬ හෙවත් වොයිස් ඔෆ් අමෙරිකා ගුවන් විදුලියට ලබාදුන් අක්කර 500යේ ඉඩමේ සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව පැවසූයේ අලව්ව - ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මන දී අද(01) පැවති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අමෙරිකානු හඬ ගුවන් විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් පිහිටුවීම සඳහා බදු දී තිබූ ඉරණවිල ප‍්‍රදේශයේ ඉඩම නැවත පවරා ගැනීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.
හෙක්ටයාර 166 ක් පමණ වන මෙම ඉඩම මෙලෙස බදු දී තිබුණේ ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයටයි.
1991 වසරේදී බදු ගිවිසුම ආරම්භ වී තිබේ.
COMMENTS