දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පස් හොරුන්ට 'බුදු සරණයි' කියන්නද? - රන්ජන්.
Homeදේශපාලන

පස් හොරුන්ට 'බුදු සරණයි' කියන්නද? - රන්ජන්.

PropellerAds

පසුගිය දිනක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට ඔබ බැණවැදී අපහාස කිරීමට විරෝධය දක්වමින් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍ සේවකයෝ වි...

ඒඩ්ස් සැකය නිසා බලපෑම් එල්ලවූ ගනේමුල්ල පාසල් දැරිය ලොවටම පෙන්වූ දේ. [Video]
ලෝක ඉතිහාසය අලුතින් ලියවෙමින් බි‍්‍රතාන්‍යයේ සිට චීනයට දුම්රියක්. (VIDEO)
අකිල අධිකරණ නියෝග නොසළකා හරියි?

පසුගිය දිනක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට ඔබ බැණවැදී අපහාස කිරීමට විරෝධය දක්වමින් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍ සේවකයෝ විරෝධතාවක නිරත වූණා. එමෙන්ම ඔබ ලේකම්වරියගෙන් සමාව නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළ‍ඹෙන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා...?
මම උද්ඝෝෂකයන්ට අභියෝග කරනවා, පුළුවන් නම් මගේ වරද පෙන්නන්න කියලා. මම එතනට ගියේ පස් කැපීම නතර කරන්න. තමන්ගේ වගකීම ඉටු කළා නම්, පස් කපන එක නතර කරන්න මම එතනට යන තුරු ඉන්න ඕනැ නෑ. මම පෙනී හිටියේ ජනතාව වෙනුවෙන්. පස්හොරුන්ට 'හෙණ ගහනවා' නොකියා 'බුදු සරණයි' කියන්නද? මා දැනුත් එදා කී දේම කියනවා. මා කිසිසේත්ම සමාව ගන්නේ නැහැ. ඒ අය සමාව ඉල්ලන්න ඕනෑ අක්කරගම ප්‍රදේශයේ ජනතාවගෙන්. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරු ඇමැතිවරු ඔවුන්ට කතා කරන්නේ වැලි කපන්න අවසර ගන්න. මම කතා කළේ මගේ පෞද්ගලික ඉඩමක් ගැන නොවෙයි. මේ ප්‍රදේශයේ ජනතාවට මේ පරිසර විනාශය නිසා බීමට ජලය ටිකත් නැති වෙලා මිනිස්සුන්ගේ කුඹුරුවලට වතුර නැහැ.
ඔබ ඔය කියන පරිසර විනාශයට නීතිය ක්‍රියාත්මක නොකර බලධාරීන් මෙතුවක් කල් නිහඬව හිටියේ ඇයි?
නීතිවිරෝධි පස් කැපීම ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ දිවුලපිටිය ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වෙනවා. දැන් මේ පස් කැපිල්ල මාෆියාවක් බවට පත් වෙලා තියෙනවා. පස් කැපීම් පිටුපසින් පාතාලයක් ක්‍රියාත්මක වෙනවා. හතළිස් අට දෙනෙක් පස් කැපීම් සම්බන්ධ මාෆියාව නිසා මිය ‍ගොස් තිබෙනවා‍. මියගිය 48 වැනියා පස් නිලන්ත නම් වූ පුද්ගලයායි. දිවුලපිටිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් පවුලේ සියලු දෙනාගේ නමට පර්මිට් ලබාගෙන මහා පරිමාණයෙන් පස් ව්‍යාපාර කරනවා. ඒ අය අද වන විට කෝටිපතියො බවට පත් වෙලා තියෙනවා. කිසිදු වත්කමක් නොතිබුණු අය අද සුපිරි වාහන පාවිච්චි කරනවා. මේ අයට මෙතරම් ධනස්කන්ධයක් ලැබුණේ කොහොමද කියන දේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්න අපි අදාළ ආයතන දැනුවත් කර තිබෙනවා.
ප්‍රාදේශීය ලේකම්වරයකුට ලබා දෙන්න අවකාශ තියෙන්නේ පස් කියුබ් 500ක් කැපීමේ අවසරය පමණයි. ඒත් මේ දිවුලපිටිය ප්‍රදේශයේ පස් කියුබ් 61000ක් කපලා තිබෙන බවට ප්‍රදේශ‍යේ ස්වාමීන් වහන්සේලා හා ජනතාව මා දැනුවත් කළා. මේ අයට නීතිය ක්‍රියාත්මක නොවු‍‍ණේ කොහොමද කියලා සොයා බලන්න අපි බරපතළ වංචා දූෂණ කොමිෂන් සභාවට, ඒ වගේම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා.
ප්‍රාදේශීය ලේකම්වරයකු එක් ප්‍රදේශයක සිටිය යුතු වන්නේ වසර තුනක කාලයක්. ඒත් මේ ලේකම්වරිය 2010 ඉඳලා අද දක්වා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉන්නවා. ඒ වගේම කොස් ගස් සඳහා වන පර්මිට් වංචාවක්, නිල නිවාසය කුලියට දීම ඇතුළු චෝදනා කිහිපයක් මැය සම්බන්ධයෙන් තිබෙනවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උද්ඝෝෂණයෙන් ජනතාව අපහසුතාවට පත් වුණා නේද?
මේ අය ඒ උද්ඝෝෂණයන් කළෙත් වැරදි ආකාරයට. එදා ඒ අය සේවයට වාර්තා කිරී‍මෙන් පසුවයි මේ උද්ඝෝෂණවල නිරත වෙලා තියෙන්නේ. මේ අය වැඩවර්ජනයක නිරත වුණත් එදිනටත් ඒ අය රජයෙන් වැටුපක් ලබාගන්නවා. උද්ඝෝෂණවලට යන්න බැහැ සේවයට වාර්තා කරලා. ඔය ඇතැම් කාර්යාලවලට ආවාම මිනිස්සු මුන්ට හෙණ ගහනවා කියලයි යන්නේ. ඒ ඇයි කියලා අපිට පේනවා. මේ අයත් ජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන ජනතාව අපහසුතාවට පත් කරනවා. මමත් රජයෙන් වැටුපක් ගන්න කෙනෙක්. එසේ නම් මම ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් සොයන්නයි ජනතාව මා පත් කළේ‍. අපිත් ජනතා නියෝජිතයන් විදිහට නින්දා අපහාස වගේම ප්‍රශංසා කීර්තිය විඳදරාගත යුතුයි.
ආණ්ඩුව මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව ඇතැම් මන්ත්‍රීවරුවන් ප්‍රකාශ කර තිබුණා නේද?
ඔය කතා කියන අය ඒ කාලේ මොනවාද කළේ කියලා මේ රටේ ජනතාව දන්නවා. මා කියන්නේ මේ ‍කිසිම දේකට ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් පටලවාගන්න එපා කියලා. මේක ප්‍රාදේශිය ලේකම්වරියගෙයි මගෙයි අතර සිදු වූ ගැටලුවක් මිස, වෙනත් දේශපාලන අර්ථකථන දෙන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමා මගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට මා කිව්වා මගේ කතාවෙන් වරදක් වුණා නම් මම ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් සමාව ගන්න ලෑස්තියි කියලා. මම වෙන කාගෙන් වත් සමාව ගන්නේ නැහැ කියා මා එතුමාට කිව්වා.
පසුගිය රජය සමයේ හිටපු ඇතැම් ඇමැතිවරුන් රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය කෙලෙසූ බව පැවැසූ මේ රජයේ ඇතැම් ඇමැතිවරුන් විගණකාධිපතිවරයාට පවා චෝදනා කරන බවටත්, රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය කෙලෙසෙන ආකාරයට ක්‍රියා කරන බවටත් චෝදනා නැඟෙනවා...?
විගණකාධිපතිවරයාට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දිය යුතුයි, කියන ස්ථාවරයේ මා ඉන්නවා. මම කාගෙවත් ගෞරවය කෙලෙසුවේ නැහැ. ගෞරවයක් තියෙන්න ඕනෑ නේ කෙලෙසන්න? මේ රටේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා දණගහලා වඳින්න හිතෙනවා දැක්කාම. ඒ අය බොහොම නීතිගරුක විදිහට කටයුතු කරනවා. සරත් අඹේපිටිය විනිසුරුතුමා වැනි නිලධාරීන් මේ ර‍ටේ හිටියා. රාජ්‍ය සේවයේ ‍ගෞරවයත් රැකගෙන තමන්ගේ ගෞරවයත් රැකගෙන ඉන්න නිලධාරීන්ට අපි ගරු කරනවා. ඒත් අපිට රාජ්‍ය සේවය විවේචනය කරන්න බැරිද? රාජ්‍ය සේවකයෝ දෙවිවරු - මහාබ්‍රහ්මයොද.? මේ රටේ ඉන්නවා ඇතැම් වෛද්‍යවරු ලෙඩ්ඩු මැරුණත් කමක් නැහැ, අපි වර්ජනය කරනවා කියලා වැඩවර්ජනය කරනවා. එවැනි අය අතර ඉන්නවා ඉතා හොද වෛද්‍යවරුනුත්. පසුගිය රජය සමයේ හිටපු ඇතැම් ඇමැතිවරුන් වගේ තමන්ගේ කතාවක් රූපවාහිනියේ ප්‍රචාරය වුණේ නැහැ කියලා රූපවාහිනියට බලෙන් පැනලා සේවකයන්ට ගහන තත්ත්වයට අපි පත් වෙලා නැහැ; සමෘද්ධි නිලධාරීන්ට ගස් බැඳලා ගහලා නැහැ; කුඩුකාරයො, පතාලේ මිනිස්සු යොදවලා අපරාධ කරලා නැහැ. එදා ඒ අය ක්‍රියා කළේ ඒ අයගේ පෞද්ගලික‍ දේවල් වෙනුවෙන්. මම කතා කළේ ජනතාවගේ පොදු ප්‍රශ්නයක් වෙනුවෙන්. මම ඇමැතිවරුන්ට ලැබෙන බොහෝ වරප්‍රසාද ලබාගෙන නැහැ. මට පස් හොරෙන් විකුණගෙන ජීවත් වෙන්න ඕනෑ නැහැ. මම පෙනී සිටින්නේ ජනතාවට මෙමඟින් වන අපහසුතාව වෙනුවෙන්.
ඔබ ප්‍රකාශ කර තිබුණා 'සටන ඉවරයි, ඔබ ජයග්‍රාහණය කළා' කියලා..?
දිවුලපිටිය අකරගම පස්කැපීම භූවිද්‍යා කාර්යාංශයෙන් නැවැත්තුවා. ඇතැම් අයට මාරුවීම් ලැබී තිබෙනවා. මම මේ සටන පටන් ගත්තේ මගේ පෞද්ගලික ඉඩමක් ගැන නොවෙයි. මම සටන් කළේ ජනතාව වෙනුවෙන්. මේ රටේ අතිවිශාල ජනකායක් මාත් එක්ක ඉන්නවා. සමාජ ජාල වෙබ් අඩවිවලින් මට පේනවා ජනතාව මාත් එක්කයි ඉන්නේ. සමාව අයදින්න අවශ්‍ය නැති බව හැම කෙනෙක්ම කියනවා. කොහොමත් මා කිසි කෙනෙක් ළඟ දණින් වැටෙන්නේ නැහැ. පස් සම්බන්ධව ලොකු වරදක් වෙලා තියෙන නිසයි මෙතන භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් මේ පස් කැපීම නතර කර තිබෙන‍්නේ. එයින්ම තේරෙනවා නේ මෙතන වරදක් වෙලා තියෙන බව. මේ ප්‍රදේශයේ තවත් පරිසර හානි සිදු වෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදී හෙළි දරවු වේවි. මගේ දුරකතනයට කතා කරලා හෝ මගේ නිල නිවෙසේ ලිපිනයට ලිපියක් මඟින් හෝ මෙවැනි පරිසර හානි පිළිබඳ මට දැනුම් දෙන්න කියා මා ජනතාවගෙන් ඉල්ලනවා. දුරකතන අංකය: 0773624927. ලිපිනය: රන්ජන් රාමනායක මහතා, සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය, මන්ත්‍රී නිල නිවාස, මාදිවෙල, කෝට්ටේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පස් හොරුන්ට 'බුදු සරණයි' කියන්නද? - රන්ජන්.
පස් හොරුන්ට 'බුදු සරණයි' කියන්නද? - රන්ජන්.
http://ift.tt/2laWmlI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_824.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_824.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy