දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස්.ජයශංකර් මහතා අද(19) සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්...
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස්.ජයශංකර් මහතා අද(19) සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
දින තුනක සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ඊයේ(18) පස්වරුවේ දිවයිනට පැමිණියේය.
ඔහු හෙට(20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසී ය.
එස්.ජයශංකර් මහතා හෙට පස්වරුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හෙට දිනයේ හමුවීමට නියමිතය.
COMMENTS