ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ලබන සතියේදී තමන්ට දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්‍රධ...
ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ලබන සතියේදී තමන්ට දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇත.
ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව සකස් කිරීම කඩිනම් කිරීම ජනාධිපතිවරයාගේ මේ ඉල්ලීමේ අරමුණ බව දැනගන්නට ලැබී ඇත.
නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා නම් කළ අනු කමිටු 6ක වාර්තා මේ වන විට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ලබා දී ඇත. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී පසුගිය ජනවාරි මාසයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද තවමත් එය ප්‍රමාද වී ඇත.
මේ අතර ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසූයේ නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙතෙක් දැනුම් දී නොමැති බවයි.
ඔහු පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව සියලු පක්ෂවල ස්ථාවරය දැනුම්දෙන ලෙස ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව විසින් සියලු ප්‍රධාන පක්ෂවල නායකයින්ට දැනුම් දී ඇති බවය.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් ඒ පිළිබදව සිය ස්ථාවරය දැනුම් දී නොමැති බව අමාත්‍යවරයා පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන්ගේ අදහස් අනුව ඔවුන් මෙම නව ව්‍යවස්ථා සම්පාදනයට අකමැත්ත පළ කරන බව මනෝගනේෂන් මහතා පෙන්වා දෙන්නේය.
COMMENTS