දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්?
Homeප්‍රවෘත්ති

විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්?

PropellerAds

ඩීසල් විදුලි මාෆියාව සම්බන්ධයෙන්ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා හෙළිදරව්වක් සිදු කළේය. එම ...

නැදුන්ගමුවේ ඇතා මැරුණේ කසල ගොඩක - හේතුව නොසැලකිල්ල!
මිල ඉහළ දමන තෙක් ආනයනකරුවන් ෆාමසිවලට බෙහෙත් බෙදාහැරීම නවත්වයි! බෙහෙත් පෝලිමකුත් එන ලකුණු!
ශ්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්! ඉන්දියාව දින කිහිපයක් කල් දමා දෙයි!
විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්?

ඩීසල් විදුලි මාෆියාව සම්බන්ධයෙන්ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා හෙළිදරව්වක් සිදු කළේය.

එම හෙළිදරව්ව ඇතුළත් මාධ්‍ය නිවේදනය පහතින් 

කැබිනට් මණ්ඩලයත් නොමග යවමින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා ඇත. 

කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද ඇස් වසා සිදු කොට ඇති අලුත්ම ටෙන්ඩර් මගඩිය සැකෙවින් මෙසේය.

1.      කුප්‍රකට ගල් අගුරු වංචාවේ නම සදහන් වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක්, 2016.12.28 රැස්වීම පවත්වා ඩීසල් විදුලි බල උත්පාදනය සදහා යෝජනාවක් සකස් කරයි.

2.       එම යෝජනාව අනුමත වී පැය 5 යන්නටත් පෙර පසු දින මුද්‍රණය කරන පුවත්පත් වල (2016 දෙසැම්බර් මස 29 දින) මෙගාවෝට් 60 ක අතිරේක විදුලි ධාරිතාවයක් මාස 6 ක් සදහා මිලදී ගැනීමට මිල ගනන් කැදවීය.  දැන්වීම පළ කරන විට රු. මිලියන 5000 කට වැඩි මෙම මිලදී ගැනීම සදහා කිසිදු නිල අනුමැතියක් නොවීය.

3.      පුවත්පත් දැන්වීමෙන් දිනකට පසුව විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විසින් සකස් කරන ලද අංක 16/2774/727/056 දරණ කැබිනට් පත්‍රිකාවෙන් ‘විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීම මගින් තෝරා ගැනීමට’ හා විදුලි බලය මිලදී ගැනීම සදහා හදිසි අවශ්‍යතාවයක් ඇති බව ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ඉල්ලා සිටී.  (කැබිනට් පත්‍රිකාවක් අවම වශයෙන් දින 7 කට පෙර කැබ්නට් කාර්යාලයට බාර දිය යුතුය.  එසේ නම් මේ කැබිනට් පත්‍රිකාව සකස් කොට ඇත්තේ 2016 දෙසැම්බර් 28 රැස්වීමට පෙර බව පැහැදිලිය.)  

4.      2017 ජනවාරි 16 උදේ 10 ට දක්වා ටෙන්ඩරය බාර ගැනිම සිදු කොට එදිනම මෙය අගයීමකට ලක් කොට, 2017 ජනවාරි 17 ප්‍රසම්පාදන මණ්ඩලය (කුප්‍රකට ගල් අගුරු ගනුදෙණුවේ කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් සමග)  ටෙන්ඩරය හිමිවන සමාගම තෝරා ගනී.  තාක්ෂණික ඇගයීම් කමිටුවට මිලදී ගැනීමේ වටිනාකම රු. මිලියන 6,268 කි.

5.      2017 ජනවාරි 18 විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විදුලිබල මන්ඩලයට දැනුම් දෙනවා පෙබරවාරි 06ට කලින් ඇග්රිකෝ ඉන්ටර්නැෂල් සමාගම හරහා විදුලිය ජනනය ආරම්භ කිරීමට උපදෙස් ලබා දෙයි.    (පැය 48 ක් තුල තාක්ෂණික ඇගයීම අවසන් කොට, ප්‍රසම්පාදන ක්‍රියවලිය අවසන් කොට, මිලදී ගැනීමේ නියෝගය නිකුත් කරනේ නේ අමාත්‍යාංශ ලේකම්වරයා ය.

6.      මේ වන විට අදාල මිල දී ගැනීම කැබ්නට් අනුමැතියක් පවා නැත.

7.      අදාළ මිලදී ගැනීම සදහා ජාත්‍යන්තර මිල ගණන් කැදවීම සදහා කැබිනට් මණ්ඩලය 2017 ජනවාරි 26 දින අනුමැතිය ලබා දෙන විට හොර පාරෙන් මිල දී ගත් ජෙනරේටරය තිබුණේ ලංකාව බලා පැමිණෙන නැවක සාගරය මැද්දේය. 

8.      ගල් අගුරු ටෙන්ඩය මගින් ඇතිකල රටක් මංකොල්ලකෑමේ ව්‍යාපෘතිය අද වන විට ඩීසල් විදුලි මාෆියාව නැවත ඇරඹීය. ඒ ඔස්සේ ඉදිරි මාස 6 තුල රටට රුපියල් මිලියන 20,000 ක් අහිමි කරන ජාවාරමක් බවට පත් වෙමින් තිබේ. 

විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යාංශය මාෆියාව ගල් අගුරු සමාගමේ සභාපති ඉවත් කිරීමෙන් පසුව ගෙන්වූ පළමු ගල් අගුරු නැවේ එක් ටොන් එකක් සදහා ගෙවා ඇති මුදල ඇ.ඩො. 90 කි.  අද විවෘත වෙළෙදපොළේ ගල් අගුරු ටොන් එකක වටිනාකම ඩොලර් 78 කි.  ඒ අනුව, පළමු ගල් අගරු නැවෙන් රටට අහිමි වූ අලාභය රු. 11 කෝටි 56 ලක්ෂයක් හෝ එයට වැඩි මුදලකි.  

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වූ බරපතලම චෝදනාව දුෂිතයින් ආරක්ෂා කිරීමය.  ගල් අගුරු වංචාව හෙළිදරව් කල මෛත්‍රී ගුණරත්න ට ජනාධිපතිවරයා විසින් නව තනතුරක් ලබා දී ඇත.  නමුත්, මේ දැවැන්ත සොරකම සිදු කළ ඇමති-ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් දැන් ඩීසල් විදුලි මාෆියාවට අත ගසා තිබේ.  ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින්ම පත් කළ අමාත්‍යවරයා සහ ලේකම්වරයා දිගින් දිගටම මෙලෙස කටයුතු කරන්නේ කෙසේ ද? යන්න ගැඹුරින් විමසිය යුතුව ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්උ

පදේශක/දුෂණ විරෝධී පෙරමුණ

2017.02.15

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්?
විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්?
http://ift.tt/2kwlK4I
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_626.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_626.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy