මතභේදයට තුඩු දී ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම ගැන විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අදහස් දැක්වීය. ඔහු සඳහන් කළේ එම අවස්ථාවේදී තාජ...
මතභේදයට තුඩු දී ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම ගැන විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අදහස් දැක්වීය.
ඔහු සඳහන් කළේ එම අවස්ථාවේදී තාජුඩීන් ගමන් කළ රථයේ වේගය පැයට කිලෝමීටර් 175ක් බවත් ඔහු පවසයි.
එවැනි වේගයකින් ධාවනය වන වාහනයක සිදුවන අනතුරකින් බේරීමට හැකියාවක් ඇත්තේ විශ්වකර්මයෙකුට හෝ නයිට් රයිඩර්ට බවයි.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.
“කොහේ හරි ඇක්සිඩන්ට් එකක් වුණානම්. ඇක්සිඩන්ට් එකක් වෙලා කවුරු හරි මැරුණනම් ඒක කරලා තියෙන්නේ රාජපක්ෂලා. තාජුඩීන් ගැන කතා කරපු කතා කිරීම. හොඳටම දන්නව මේක ඇක්සිඩන්ට් එකක් කියලා. පැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් නයිට් රයිඩර් වගේ වෙයි. ඒක තමයි වේගය. ඒ වේගයට තල්ලු කරන්න පුළුවනම් නම්, මිනිහෙක් මරලා ඒකට දාලා ඒ වේගයෙන් තල්ලු කරන්න පුළුවන් නම් ඒකත් විශ්වකර්ම වැඩක්. මේ විදිහට පිළිගන්න බැරි දේවල් කිව්වේ.”
COMMENTS